මහැදුරු ටෙරන්ස් පුරසිංහයන් අභාව ප්‍රාප්ත වෙයි

"lankanesweek" හී බලවත් ශෝකය "ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මුළු දිවියම කැප කළා" -මහාචාර්ය ප්‍රසන්න- ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ…
"lankanesweek" හී බලවත් ශෝකය
"ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මුළු දිවියම කැප කළා" -මහාචාර්ය ප්‍රසන්න-
ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර අභාව ප්‍රාප්ත වූ පුවත "lankanewsweek" සිය පාඨකයින් වෙත දැනුම් දෙන්නේ සාතිශය සංවේගයෙනි.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා "lankanesweek" ආයතනය සමඟ ඉතා සමීපව කටයුතු කළ අතර ඔහු සෑම අවස්ථාවකදීම අප කණ්ඩායමට උපදෙස්, අවවාද සහ අනුග්‍රහය සේම දැනුම ලබා දෙමින් අප කණ්ඩායම දැනුමෙන් සන්නද්ධ කළ විශේෂ පුද්ගලයෙකු බව මෙහිදී අප අවධාරණය කර සිටින්නේ ඔහුට කරන කෘත ගුණ දැක්වීමක් සහ ගෞරවයක් වශයෙක්නි.
මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතාගේ හදිසි අභාවය සම්බන්ධයෙන් සිය බලවත් ශෝකය පළ කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා අවධාරණය කර සිටියේ, ඔහු රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය, යහ පාලනය, සාමය සහ සමාජ සාධාරණතත්වය වෙනුවෙන් දුෂණයට, භීෂණයට සහ මර්දනයට එරෙහිව සිය දිවි පරදුවට තබා සටන් කළ සටන් සගයෙකු බවය.
තමාගේ දේශපාලන විද්‍යාව පිළිබඳ ගුරුවරයා ද වන මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා වැනි සටන් සගයෙකු මෙසේ රටට අහිමි වීම පිරිමැසිය නොහැකි පාඩුවක් යැයි ද, ඔහු අහිමි වූයේ රටට අවශ්‍යම මොහොතක යැයි ද මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.