අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මහා ජන හිතෛෂී රාජ්‍ය සේවය තහවුරු කිරීම රාජ්‍ය සේවකයින්ගේ වගකීමයි

මහා ජන හිතෛෂී රාජ්‍ය සේවය තහවුරු කිරීම රාජ්‍ය සේවකයින්ගේ වගකීමයි

රාජ්‍ය සේවය කාර්යක්ෂම විය යුතුයි මහා ජන අපේක්ෂා ඉටු කිරීම සියලු මහා ජන නියෝජිතයින්ගේ වගකීමයි (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපතිවරණයේදී සුවිශේෂී ජයග්‍රහණයක් අත් පත් කර දුන් ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීම සඳහා…

රාජ්‍ය සේවය කාර්යක්ෂම විය යුතුයි 

මහා ජන අපේක්ෂා ඉටු කිරීම සියලු මහා ජන නියෝජිතයින්ගේ වගකීමයි 

(සුජිත් මංගල ද සිල්වා)

ජනාධිපතිවරණයේදී සුවිශේෂී ජයග්‍රහණයක් අත් පත් කර දුන් ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීම සඳහා සියලු ජනතා නියෝජිතයන් ඇප කැප වී ක්‍රියා කළ යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කර සිටියේ වැඩ කරන රටක් බිහි කරමු යන තේමාව යටතේ පළාත් පාලන ආයතන නියෝජිතයින් සමග ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදීය. 

මේ කාර්ය භාරය අභියෝගාත්මක වගකීමක් යැයි ද,කැළි කසළ ඉවත් කිරීමේ සිට රටේ ආර්ථිකය නඟා සිටු වන ඉහළම ස්ථානය දක්වා වූ ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ජනතාව උවමනාවෙන් බලා සිටින්නේ යැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

දැන්වීම

එමනිසා දෛනික අවශ්‍යතා ඉටු කර දීමේදි ජනතාව පීඩාවට පත් නොකළ යුතු අතර කාර්යක්ෂම සහ මහ ජන හිතෛෂී රාජ්‍ය සේවයක් සහතික කිරීම සියලුම රාජ්‍ය සේවක සේවිකාවන්ගේ වගකීමක් යැයි ද ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය. 

කඩා වැටුණු ව්‍යාපාර දිරිමත් කර ආයෝජකයන් සුරක්ෂිත කරමින්, අහිමි වු රැකියා ශ්‍රම බලකායට නැවත දායක කළ යුතු බවත් ඒ සඳහා විද්වතුන්ගේ  සහ වෘත්තිකයන්ගේ දායකත්වය ප්‍රබල ශක්තියක් වන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපනයනික කෘෂි භෝග සම්බන්ධ ප්‍රතිලාභ සහ බදු සහන ප්‍රතිලාභ සමස්ත ජනතාවට ලැබිය යුතු බව ද වැඩි දුරටත් අවධාරණය කළේය. 

මහා ජන හිතෛෂී රාජ්‍ය සේවය තහවුරු කිරීම රාජ්‍ය සේවකයින්ගේ වගකීමයි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මහා ජන හිතෛෂී රාජ්‍ය සේවය තහවුරු කිරීම රාජ්‍ය සේවකයින්ගේ වගකීමයි | Lanka Newsweek