අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

මහව විජයබා විද්‍යාලය යළි රගර් ක්‍රීඩාව අරඹයි

මහව විජයබා විද්‍යාලය යළි රගර් ක්‍රීඩාව අරඹයි

ප්‍රදර්ශනාත්මක තරඟය හෙට (16) එම විද්‍යාලයේ දී..! මහව විජයබා මධ්‍ය මහා විද්‍යාලයේ වත්මන් විදුහල්පතිනිය වන දීප්ති මංජුලා මහත්මියගේ මග පෙන්වීම යටතේ, විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ ආරාධනාවෙන් ආදි රගර්…

ප්‍රදර්ශනාත්මක තරඟය හෙට (16) එම විද්‍යාලයේ දී..! 

මහව විජයබා මධ්‍ය මහා විද්‍යාලයේ වත්මන් විදුහල්පතිනිය වන දීප්ති මංජුලා මහත්මියගේ මග පෙන්වීම යටතේ, විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ ආරාධනාවෙන් ආදි රගර් ක්‍රීඩකයන් වසර පහළොවකට පසු නැවතත් රගර් ක්‍රීඩාව ආරම්භ කර ඇත. 

ඉතා අඩු පහසුකම් යටතේ ආදි රගර් ක්‍රීඩකයන්ගේ විශාල ශ්‍රමදායකත්වය සහ මූල්‍යමය පරිත්‍යාගයන් මත මාස තුනක් පමණ වූ කෙටි කාලයක් ඇතුළත පුහුණු වූ දූ දරුවන්ගේ ප්‍රදර්ශනාත්මක තරගාවලියක් කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේද සහභාගිත්වයෙන් 2024 පෙබරවාරි මස 16 වැනිදා මහව විජයබා මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී උදෑසන 8.30 ට ආරම්භ වීමට නියමිතය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න