අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මහරගම ශ්‍රී විපශ්‍යාරාම පුරාණ රජමහා විහාරයේ වාර්ෂික පෙරහැර මංගල්‍ය සඳහා සජිත් එක්වෙයි

මහරගම ශ්‍රී විපශ්‍යාරාම පුරාණ රජමහා විහාරයේ වාර්ෂික පෙරහැර මංගල්‍ය සඳහා සජිත් එක්වෙයි

(අචින්ත මධුර) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහරගම ශ්‍රී විපශ්‍යාරාම පුරාණ රජමහා විහාරයේ වාර්ෂික පෙරහැර මංගල්‍ය සඳහා පසුගියදා එක්වූ අතර පැමිණ සිටි සැදැහැවතුනේගෙන් විපක්ෂ නායක වරයාට විශාල ගෞරවාදරයක්…

(අචින්ත මධුර) 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහරගම ශ්‍රී විපශ්‍යාරාම පුරාණ රජමහා විහාරයේ වාර්ෂික පෙරහැර මංගල්‍ය සඳහා පසුගියදා එක්වූ අතර පැමිණ සිටි සැදැහැවතුනේගෙන් විපක්ෂ නායක වරයාට විශාල ගෞරවාදරයක් ලැබෙනු දැක ගත හැකි විය.

ශ්‍රී විපශ්‍යාරාම රජමහා විහාරාධිපති, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත, පූජ්‍ය මහකුඹුක්වැව චන්දානන්ද මහනායක ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය ආරාධනයෙන් මේ අවස්ථාවට එක්වූ සජිත් ප්‍රේමදාස මහතා ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව ගෞරවනීය සදාතුක කරඩුව මංගල හස්ථිරාජයා මතට තැන්පත් කිරීමේ සුවිශේෂී අවස්ථාවට සහභාගී විය.

ඉන් අනතුරුව පැමිණ සිටි ගිහි පැවිදි පිරිස අමතු ඒ මහතා පෙරහැර සංස්කෘතියේ වැදගත්කමත්, සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කර සෙසු ආගම් ද ආරක්ෂා කර රටේ ඒකීය භාවය සුරැකිය හැකි ආකාරය පිළිබඳවත් පැහැදිලි කිරීමක් සිදු කරණු ලැබීය.

මහරගම ශ්‍රී විපශ්‍යාරාම පුරාණ රජමහා විහාරයේ වාර්ෂික පෙරහැර මංගල්‍ය සඳහා සජිත් එක්වෙයි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මහරගම ශ්‍රී විපශ්‍යාරාම පුරාණ රජමහා විහාරයේ වාර්ෂික පෙරහැර මංගල්‍ය සඳහා සජිත් එක්වෙයි | Lanka Newsweek