අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මහනුවර ශ්‍රී දළදා පෙරහැර අදින් ඇරඹෙයි..!

මහනුවර ශ්‍රී දළදා පෙරහැර අදින් ඇරඹෙයි..!

(නායක බණ්ඩාර) ඓතිහාසික මහනුවර ශී‍්‍ර දළදා මාළිගාවේ ඇසළ පෙරහැරේ කප් සිටුවීම අද අළුයම 5.10ට යෙදුණු සුබ මොහොතින් සතර මහා දේවාලයන්හි දී සිදු කෙරිණි. ඒ විෂ්ණු, නාථ, කතරගම,පත්තිනි යන සතර මහා දේවාලවල…

(නායක බණ්ඩාර)

ඓතිහාසික මහනුවර ශී‍්‍ර දළදා මාළිගාවේ ඇසළ පෙරහැරේ කප් සිටුවීම අද අළුයම 5.10ට යෙදුණු සුබ මොහොතින් සතර මහා දේවාලයන්හි දී සිදු කෙරිණි.

ඒ විෂ්ණු, නාථ, කතරගම,පත්තිනි යන සතර මහා දේවාලවල බස්නායක නිලමේවරුන්ගේ ප‍්‍රධානත්වයෙනි. දෙස් විදෙස් සංචාරකයන් අතර ජනප්‍රියතම සංස්කෘතික අංගයක් වන මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අගෝස්තු මස 5 වැනි දා වීථි සංචාරය කිරීමට නියමිතව බවත්, පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු මස 10 වැනි දා වීථි සංචාරය කෙරෙන අතර අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු මස 14 වනදා විථී සංචාරය කෙරෙන බවත් දළදා මාලිගාවේ බස්නායක නිලමේ නිලංග දෑල මහතා නිවේදයට කර ඇත.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා සිටියේ මෙවර මහනුවර ඓතිහාසික ශී‍්‍ර දළදා මාළිගාවේ ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ ආරක්‍ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 7,000 ක් යොදවා ඇති බවයි. ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ලේ මහතා විසින් දළදා පෙරහැරේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් ද කර තිබිණි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මහනුවර ශ්‍රී දළදා පෙරහැර අදින් ඇරඹෙයි..! | Lanka Newsweek