අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මහනුවර ලංගම සේවකයෝ වැඩ වරති..!

මහනුවර ලංගම සේවකයෝ වැඩ වරති..!

මහනුවර ප්‍රදේශයේ ලංගම ඩිපෝ කිහිපයක සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. මෙම විරෝධය ආරම්භ කර තිබෙන්නේ මහනුවර ප්‍රාදේශීය ප්‍රධාන කළමනාකාරවරයා විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එම තනතුරට පත් කිරීමට තීරණය කර ඇති…

මහනුවර ප්‍රදේශයේ ලංගම ඩිපෝ කිහිපයක සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

මෙම විරෝධය ආරම්භ කර තිබෙන්නේ මහනුවර ප්‍රාදේශීය ප්‍රධාන කළමනාකාරවරයා විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එම තනතුරට පත් කිරීමට තීරණය කර ඇති නිලධාරියාට විරෝධය පළ කරමිනුයි.

මධ්‍යම පළාත් වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ කැඳවුම්කරු හේ.මු. බණ්ඩාර මහතා ප්‍රකාශ කරන්නේ මෙම වැඩ  වර්ජනය සඳහා මහනුවර ප්‍රදේශයේ ලංගම ඩිපෝ 7ක සේවකයින් එක්ව සිටින බවයි.

ඒ අනුව මහනුවර දකුණ, යටිනුවර, වත්තේගම, දෙල්දෙණිය, උඩුදුම්බර හා මාතලේ ඩිපෝවල සේවකයෝ වැඩ වර්ජනයට එක්ව සිටිති.

මේ පිළිබඳව ලංකා ගමනා ගමන මණ්ඩලය ප්‍රකාශ කර සිටියේ  වර්ජනයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් කඩිනමින් විසඳුම් ලබා දීමට කටයුතු කරන බවයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මහනුවර ලංගම සේවකයෝ වැඩ වරති..! | Lanka Newsweek