මලික්-කබීර් යන හොරුන්ගේ නම් අනුරට අමතක වෙලා

මේ අමතක වීම අහම්බයක් ද..? අනුර-මලික්-කබීර් අති ජාත මිත්‍රයින් රනිල්ගේ-චරිතගේ සහ පාස්කර්ලිංගම්ගේ නම් ද නැහැ හොර ගල් හවුලන ජවිපෙ "Double Game" දේශපාලනය මෙන්න..! රට වනසපු හොර වළල්ලේ සිටින මලික්…
මේ අමතක වීම අහම්බයක් ද..?
අනුර-මලික්-කබීර් අති ජාත මිත්‍රයින්
රනිල්ගේ-චරිතගේ සහ පාස්කර්ලිංගම්ගේ නම් ද නැහැ
හොර ගල් හවුලන ජවිපෙ "Double Game" දේශපාලනය මෙන්න..!

රට වනසපු හොර වළල්ලේ සිටින මලික් සමරවික්‍රම ඇතුළු හොර නඩයේ නම් ද හැකි නම් ප්‍රසිද්ධියේ හෙළි කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණට සහ එහි නායක අනුර කුමාර දිසානායක මහතාට අභියෝග කර සිටින බව නව සිහළ උරුමය අවධාරණය කර සිටියි.
ජනතා විමක්ති පෙරමුණ හෙළිදරව් කළ මෙම හොර වළල්ලේ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ඔහුගේ අති ජාත මිත්‍රයින් වන මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, ආර් පාස්කර්ලිංගම් සහ චරිත රත්වත්තේ ඇතුළු යහ පාලන ආණ්ඩුවේ සිටී හොරුන්ගේ නම් ද, ඔවුන් සිදු කර ඇති රුපියල් කෝටි ගණන් දූෂණ, වංචා සහ අක්‍රමිකතා ගැන වචනයක් වත් සඳහන් වන්නේ නැතැයි ද නව සිහළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා "lankanewsweek" සමග පැවැසීය.
දැන්වීම
අනුර කුමාර දිසානායක සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන් අති ජාත මිත්‍රයින් යැයි ද, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුදැනුම මත කලක සිටම ජනතා විමුක්ති පෙරමුණට සහ එහි නායක අනුර කුමාර දිසානායක මහතාට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සපයන්නේ මලික් සමරවික්‍රම මහතා බව ද පෙන්වා දුන් සරත් මනමේන්ද්‍ර මහතා හොර ගල් හවුලමින් සහ ජනතාව මුලා කරමින් ජනතා විමුක්ති පෙරමුණ යෙදී සිටින්නේ "Double Game" දේශපාලනයක බව ද චෝදනා කළේය.
රනිල් වික්‍රමසිංහ, මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් ඇතුළු කණ්ඩායමේ නම් ප්‍රසිද්ධියේ කියමින් යහ පාලනයේ දී ඔවුන් සිදු කළ දූෂණ, වංචා සහ අක්‍රමිකතා ද හෙළිදරව් කරන ලෙස අනුර කුමාර දිසානායක මහතාට අභියෝග කරන බව ද සරත් මනමේන්ද්‍ර කියා සිටියේය.
මේ අතර සමගි ජන බලවේගයේ තරුණ දේශපාලන නායකයෙකු වන චතුර සේනාරත්න මහතා මීට කෙටි කලකට පෙර ජනමාධ්‍ය ඔස්සේ හෙළිදරව් කරමින් ප්‍රසිද්ධියේ කියා සිටියේ, 2015 ජනාධිපතිවරණ ව්‍යාපාරයේ දී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ එම පක්ෂයේ එවකට සභාපතිව සිටී මලික් සමරවික්‍රම යන මහත්වරුන් ජනතා විමුක්ති පෙරමුණට රුපියල් කෝටි 8ක් ලබා දුන් බවය.
එම රුපියල් කෝටි 8න් රුපියල් කෝටියක් ජනතා විමක්ති පෙරමුණේ මූලස්ථානයට ගොස් එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ නියෝජිතයෙකුට ලබා දුන්නේ තමා බව ද එදා කියා සිටී චතුර සේනාරත්න මහතා සිය හෙළිදරව්ව බොරුවක් නම් ඒ බව ඔප්පු කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණට අභියෝග කරන බව ද අවධාරණය කර සිටියේය.
ජනතා විමක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හෙළිදරව් කළ රට වැනසූ හොර වළල්ලේ, රනිල් වික්‍රමසිංහ මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, ආර් පාස්කර්ලිංගම් සහ චරිත රත්වත්තේ ඇතුළු නඩයේ නම් සහ ඒ අය සිදු කළ දූෂණ, වංචා සහ අක්‍රමිකතා පිළිබඳව වචනයක් වත් සඳහන් නොවන්නේ මේ පසුබිම මත යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
