මලික්-කබීර් “ග්‍රෑන්ඩ් ඔරියන්ටල්” හෝටලයත් විකුණන් කන්න යයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ටෙන්ඩර් කැඳවීමක් නැහැ..! තිලාන් විජේසිංහත් හවුල්..? අවුරුදු සියයකට වඩා පැරණි ගොඩනැගිල්ල ජාතික උරුමයක්..! (සුජිත් මංගල ද සිල්වා) උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සහ මහ…
ටෙන්ඩර් කැඳවීමක් නැහැ..!
තිලාන් විජේසිංහත් හවුල්..?
අවුරුදු සියයකට වඩා පැරණි ගොඩනැගිල්ල ජාතික උරුමයක්..!
(සුජිත් මංගල ද සිල්වා)
උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සහ මහ මාර්ග අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරු කොළඹ පිහිටි සුප්‍රසිද්ධ තරු පංතියේ හෝටලයක් වන “ග්‍රෑන්ඩ් ඔරියන්ටල්”හෝටලය විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් ද තොරව විකුණා දැමීමට කටයුතු කරමින් සිටිති.
“ග්‍රෑන්ඩ් ඔරියන්ටල්”හෝටලය ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙසේ හොර රහසේ විකුණා දැමීමේ ගනු දෙනුව සඳහා මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් යන මහත්වරුන් සමග මුදල් අමත්‍යංශයේ උපදේශකයකු වන තිලාන් විජේසිංහ මහතා ද හවුල් වී සිටියි.
මීට අදාළව මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් යන මහත්වරුන් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කර ඇති අතර මේ හෝටලය විකිණීම සඳහා ටෙන්ඩර් නොකැඳවා ඒ අය යෝජනා කරන පාර්ශවයකට හෝටලය මිල දී ගැනීමට අනුමැතිය ලබා දෙන ලෙසට ද එමගින් ඉල්ලා තිබේ.
ටෙන්ඩර් කැඳවීමකින් තොරව තෝරා ගත් පාර්ශවයක් සඳහා “ග්‍රෑන්ඩ් ඔරියන්ටල්” හෝටලය විකුණා දැමිය යුත්තේ මන්ද යන්න සම්බන්ධයෙන් පදනම් විරහිත සහ අතාර්කික හේතු ඉදිරිපත් කර ඇති මේ කණ්ඩායම එමගින් කැබිනට් මණ්ඩලය ද නොමඟ යවා තිබේ.
සුද්දන්ගේ පාලන සමයේ ඉදි කෙරුණු "ග්‍රෑන්ඩ් ඔරියන්ටල්" හෝටල් ගොඩනැගිල්ල අවුරුදු සියයකට වඩා පැරණි බැවින් එම ඉපැරණි ගොඩනැගිල්ල ජාතික උරුමයක් ලෙස ද බොහෝ දෙනා සලකති.
මලික් සමරවික්‍ර,කබීර් හෂීම් සහ තිලාන් විජේසිංහ යන මහත්වරුන් මේ හෝටලය විකුණන්න යන්නේ කවුරුන්ට ද ඒ කොපමණ මුදලකට ද සහ එමගින් මේ අයට හිමි වන කොමිස් මුදල පිළබඳව “lankanewsweek” අපි ඉදිරිය්දී තවත් කරුණු සාක්කි ඇතිව ඔප්පු කරමු.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1