අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මල්වතු මහ නා හිමි අගමැතිට දුන් පණිවිඩය කුමක් විය හැකිද..?

මල්වතු මහ නා හිමි අගමැතිට දුන් පණිවිඩය කුමක් විය හැකිද..?

(සුජිත් මංගල ද සිල්වා) විශ්වාස භංග යෝජනාව ඇතුළු රටේ උද්ගත වී තිබෙන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මල්වතු මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමියන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග අද (28)…

(සුජිත් මංගල ද සිල්වා)

විශ්වාස භංග යෝජනාව ඇතුළු රටේ උද්ගත වී තිබෙන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මල්වතු මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමියන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග අද (28) දුරකථනය ඔස්සේ  දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර තිබේ.

විශ්වාස භංග යෝජනාවත් සමග රටේ දේශපාලන ක්ෂේත්‍රයේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නා හිමියන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අනු ශාසනා කළ බව මල්වතු මහ විහාරීය ආරංචි මාර්ග පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ වැඩ කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී  කරුණු විමසා ඇති තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමියන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිය ආශීර්වාදය පළ කර තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මල්වතු මහ නා හිමි අගමැතිට දුන් පණිවිඩය කුමක් විය හැකිද..? | Lanka Newsweek