මම බොහොම සරලව ජීවත් වෙන්න කැමති කෙනෙක් - හිටපු කථා නායක, ශ්‍රී ලංකාභිමාන්‍ය කරූ ජයසුරිය

හිටපු කථා නායක, ශ්‍රී ලංකාභිමාන්‍ය කරූ ජයසුරිය මහතා විසින් වර්තමානයේදී කතිකාවක් නිර්මාණය වී තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්දව දෙරණ අරුණ පුවත් පත සමග සිදු කල…
හිටපු කථා නායක, ශ්‍රී ලංකාභිමාන්‍ය කරූ ජයසුරිය මහතා විසින් වර්තමානයේදී කතිකාවක් නිර්මාණය වී තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්දව දෙරණ අරුණ පුවත් පත සමග සිදු කල සාකච්චාවකදී ප්‍රකාශ කර තිබුනේ තමාගේ සම්පූර්ණ විශ්‍රාම වැටුපම සමාජ සත්කාර වැඩ කටයුතු වෙනුවෙන් යොදවන බවයි.
එහිදී එතුමා විසින් චිත්‍රසිරි වාර්තාව කෙරෙහි අවධානය යොමු කරන ලෙස රජයෙන් ඉල්ලා ඇත.
කරු ජයසූරිය මහතා මෙම සාකච්චාව සම්බන්දයෙන් සෙනසුරාදා (23) සිය නිල Face Book ගිණුම ඔස්සේ සටහනක් තබා තිබූ අතර එය පහත දැක්වේ.
දැන්වීම
"මම බොහොම සරලව ජීවත් වෙන්න කැමැති කෙනෙක්, මහා ලොකු දේවල් මට අවශ්‍යය නෑ. මම මට ලැබුණු සහ ලැබෙන දේවල් මම පුණ්‍ය කටයුතු වලට යොදවනවා. අධ්‍යාපනයට, සෞඛ්‍යයට ආදී දේවල් සඳහා මම මගේ විශ්‍රාම
වැටුප සම්පූර්ණයෙන්ම යොදවනවා. අපේ පවුලේ සාමාජිකයන් විසින් පවත්වාගෙන යන සූර්ය පදනමෙන් යාපනයේ ළමයි හාරසීයකට සිංහල උගන්වනවා. ගම්පහ ප්‍රදේශයේ ළමයින්ට ඒ විදිහටම දෙමළ උගන්වනවා. මේ දේවල් වලට වැය කරන්නේ මගේ පුද්ගලික ධනය. මහරගම අපේක්ෂා රෝහලට යාබදව පවත්වා ගෙන යන ඉන්දිරා පිළිකා භාරය අපේ තවත් සමාජ සත්කාරයක් ඇත්තටම මීට වඩා දේවල් මම කරනවා. ඒත් ඒ කරන දේවල් කියලා ප්‍රසිද්ධියක් ගන්න වුවමනාවක් මට නැහැ. පිළිකා රෝහලේ ළමයි සතුටින් හුස්ම ගන්නවා දකිද්දි, අපි ඉගෙන ගන්න උදව් කරපු ළමයි හොඳට ඉගෙනගෙන
හොඳ තැන්වලට එනවා දකිද්දි හිතට දැනෙන සැනසීම කියලා නිම කරන්න බෑ සැනසිල්ලේ නිදාගන්න ඒ සතුට හොඳටම ඇති."
