අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මන්නාරම සමූහ මිනී වළෙන් සොයා ගත් මිනිස් ඇට සැකිළි සංඛ්‍යාව 90 දක්වා ඉහළට

මන්නාරම සමූහ මිනී වළෙන් සොයා ගත් මිනිස් ඇට සැකිළි සංඛ්‍යාව 90 දක්වා ඉහළට

මන්නාරම සමූහ මිනී වළේ කැණීම්වලදී සොයා ගත් මිනිස් ඇට සැකිළි සංඛ්‍යාව 90ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම ස්ථානයේ කැණීම් ආරම්භ කෙරුණේ, පසුගිය මාර්තු මාසයේදී මන්නාරම සතොස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම…

මන්නාරම සමූහ මිනී වළේ කැණීම්වලදී සොයා ගත් මිනිස් ඇට සැකිළි සංඛ්‍යාව 90ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම ස්ථානයේ කැණීම් ආරම්භ කෙරුණේ, පසුගිය මාර්තු මාසයේදී මන්නාරම සතොස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා පොළව කැනීමේදී අස්ථි කොටසක් සොයා ගැනීමත් සමග ය.

මන්නාරම අධිකරණයේ නියෝගයකට අනුව මෙම කැණීම පසුගිය මැයි මස 28 වන දා ආරම්භ කෙරිණි.

ඒ සඳහා මන්නාරම රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ චමින්ද රාජපක්ෂ මහතා ඇතුළු අධිකරණ වෛද්‍ය නිලධාරීන් පිරිසක් හා වෝහාරික පුරාවිද්‍යා පරීක්ෂණ සඳහා ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා එක්ව සිටිති.

සොයා ගත් ඇට සැකිළි අතර කුඩා ළමයින් 7 දෙනෙකුගේ ඇට සැකිළි ද වේ.

ඇතැම් ඇට සැකිළි වයෝවෘද්ධ කාන්තාවන්ගේ හා පිරිමින්ගේ බව ද නිලධාරීහු ප්‍රකාශ කළහ.

අප කළ විමසීමකදී මහාචාර්ය රාජ් සෝමදේව මහතා පැවසුවේ, මෙම පුද්ගලයින්ගේ සිරුරු වළ දමා ඇත්තේ අවිධිමත් ආකාරයෙන් බව ය.

එය ඉතා කලබලයෙන් සිදු කළ ක්‍රියාවක් බව ද පරීක්ෂණවලදී හෙළිව තිබේ.

මහාචාර්ය රාජ් සෝමදේව මහතා පැවසුවේ, කැණීම්වලින් අනතුරුව මන්නාරම අධිකරණයට සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන බව ය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මන්නාරම සමූහ මිනී වළෙන් සොයා ගත් මිනිස් ඇට සැකිළි සංඛ්‍යාව 90 දක්වා ඉහළට | Lanka Newsweek