අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මන්දිර රහස එලියට..?

මන්දිර රහස එලියට..?

ආයුබෝවන් මචංලා...... මචං......අපි අතිනුත් මේ රටට ලොකු වැරැද්දක් වෙලා තියනවා බං. එක......පෑත්තකින් අපි අහුවුනා මචං. මචං.........ලොක්කා මහ පුටුවට එන්න ඉස්සෙල්ලා ඉඳන්ම කිව්වේ මන්දිර පාව්ච්චි කරන්නේ නෑ…

ආයුබෝවන් මචංලා......

මචං......අපි අතිනුත් මේ රටට ලොකු වැරැද්දක් වෙලා තියනවා බං.

එක......පෑත්තකින් අපි අහුවුනා මචං.

දැන්වීම

මචං.........ලොක්කා මහ පුටුවට එන්න ඉස්සෙල්ලා ඉඳන්ම කිව්වේ මන්දිර පාව්ච්චි කරන්නේ නෑ කියලනේ.

ඇත්තටම මචං.........මම හිතුවේ ලොක්කා ඒ කතාව කියන්නේ ජනතාව ගැන ඇතිවුන පතල මහා කරුණාවෙන් කියලා.

මචං........ඒ දවස්වල ලොක්කා පැලවත්තේ හිටපු හින්දා අපිත් එච්චර ඒ ගැන හෙව්වේ නෑ.

දැන් නං මචං........ලොක්කා කලින්ම මේ ප්ලෑන් එක ගැහුවේ කාගේ හරි උවමනාවටද කියලා මට නං සැකයි බං.

ඒ කියන්නේ මචං........කවුරු හරි අදෘශ්‍යමාන හස්තයකින් ලොක්කා මහ පුටුවට එන්න ඉස්සෙල්ලා ඉඳන්ම මෙහෙයවලා තියනවා වගේ.

මොකද මචං.......ඒ කාලේ ලොක්කා කොහේ ඉන්නවද කින්ද මන්ද කියලා අපි හෙව්වෙත් නෑනේ.

මචං.....ලොක්කා මන්දිර ටික වෙනත් කණ්ඩායමක් අතට පත්කිරීමේ සැලැස්මක ඉන්නවද කියන සැකය දැන් නං අප්සෙට් ෂූටිංටත් තියනවා.

ඒකේ.......පලවෙනි කොටස තමයි ලොක්කා ආවොත් මන්දිරවල ඉන්නේ නෑ.මන්දිර හෝටල් කරනවා.අධ්‍යාපන මධ්‍යස්ථාන කරනවා.විශ්ව විද්‍යාලවලට දෙනවා කියලා යවපු ප්‍රචාරය.

මචං.......එහෙම මතයක් හැදුවම කවුරුත් විරුද්ධ වෙන්නේ නෑනේ.

කොහොම හරි ලොක්කා......මහ පුටුවට ආවට පස්සේ දිගටම හිටියේ පැල්වත්තේ.

මචං අපිත්........ෆුල් සැටිස් එකේ හිටියේ ගජමෑනුත් එතන ඉන්න හින්දා.

ලොක්කගේ......ආරක්ෂාවටත් අවුලක් නෑ.ලොක්කත්......සතුටින් අපිත්......සතුටින්.

හැබැයි මචං.......අපි හිතුවට ලොක්කා හතුටින් කියලා ලොක්කා සතුටින් නෙවෙයි හිටලා තියෙන්නේ.

මචං.......ලොක්කගේ ඔළුවේ අර ප්ලෑන් එක වෑඩ කරනවනේ.

ඒ වැඩේට මචං ලොක්කා........කොහොම හරි පැලවත්තෙන් එලියට පනින්න ඕනි.

ඒක මචං.......අර ප්ලෑන් එකේම දෙවෙනි කොටස.

අර......අදෘශ්‍යමාන හස්තයත් බලපෑම් කරනවත් ඇතිනේ මචං.

ඊට පස්සේ තමයි මචං........ගජමෑනුයි ලොක්කයි වලි කියන කතාව එලියට ආවේ.

එතන හිටියොත්......ලොක්කට සියල්ල කරන්න වෙන්නේ ගජමෑන් කියන විදිහට කිව්වා.

දැන් ලොක්කා.......පැලවත්තේ හිරකාරයෙක් කිව්වා.

එහෙම කිව්වම මචං.......කාටද කියහන්කෝ බය හිතෙන්නෙ නැත්තේ.

අනික මචං......අපි ගජමෑන්ගේ හැටි දන්නවානේ.

පලිගන්න.........ගියහම සීමාවක් නෑ.

ගෑනු......පිරිමි හේදයක් නෑ.

මතකනේ මචං......දිමුතුට,සුඛාට,අම්පාරිට කරපුවා.

ඊළඟට මචං........මතකනේ තුන්මුල්ලේ විමලෙයවත් ඇතුලෙදීම වැලිගම යවන්නත් ප්ලෑන් කළා.

මචං....ඒවත් එක්කනේ අපිත් බයවුනේ.

මචං.......දැන්නං සැකයි ඒ කතාව යැව්වේ ලොක්කා දැනුවත්වද කියලා.

මචං........මට සැක ලොක්කයි,ගජමෑනුයි දෙන්නත් එක්ක කතාවෙලා ප්‍රචාරය කලාද කියලා.

මචං.......ඉස්සර ලොක්ක පැලවත්තේ ඉන්නවා වගේ නෙවෙයිනේ පස්සේ එතන .

එතන මචං........පට්ට busy වෙනවා.

මචං....... ලොක්කාගේ ආරක්ෂක යුනිට් එක නිතරම ඔතෙන්ට එනවා යනවා,

මචං........උන් නිතර,නිතර පැලවත්තට එන එක ලොක්කට වැඩිය ගජමෑන්ට අවූල්.

මොකද මචං...ගජමෑන් කන කෑමක් කෑවේ එක්කෝ පැලවත්තේ තියාගෙන නැත්තං කාන්තා මූලස්ථානයේ තියාගෙනනේ.

මේක මචං......ලොක්කා වැඩිය බලපෑවේ ගජමෑන්ට.

ගජමෑනුත්.....මචං හෙන බඩගිනිකාරයානේ.

කොහොම හරි මචං..........අපි මුන් දෙන්නගේ ගැටේ අහුවුනා.

අපිත් මචං........කෑගැහුවේ එතන ලොක්කාගේ ආරක්ෂාව මදි, ලොක්කා වහාම එලියට එන්න ඕනි.මන්දිරේ නැත්තං වෙන සුදුසු තැනක් හරි ගන්න ඕනි කියලනේ.

අපිට......ඕනි උනේ ලොක්කාගේ ආරක්ෂාවනේ මචං.

ඒකටනේ මචං......අපි මරාගෙන මැරුණනේ.

ඒකත් මචං......අපේ මෝඩ ඉල්ලීම ලොක්කටයි,ගජමෑන්ටයි ඉබ්බා දියේ දැම්මා වගේ.

ලොක්කා.....එලියට බැහැලා කලින් ගහපු ප්ලෑන් එකට අනුව ගේමට බැස්සා.

මචං.......අගනුවරදී නං බෙනී ළඟ හිටියා.

අවුට්ටේෂමින් ගියහම......ප්‍රමී ළඟ හිටියා.

දැන් මචං......මන්දිර ටික එහෙමම නඩත්තුව වෙනවා.

ඒවා........හෝටල්වලට දුන්නෙත් නෑ.

ඔහේ තියනවා.

දැන් බලපං මචං.......අපි කොච්චර මෝඩයිද කියලා.

මචං.....මන්දිර ටික හෝටල්වලට දීලා හෝටල්වල නවතින්න යන එක ගේමක් කියලා අපිට හිතාගන්න බැරි උනානේ.

මචං.....ලොක්කා මන්දිර ටික හෝටල්වලට දෙනවා කිව්වට තවම දුන්නේ නෑනේ.

එහෙනං මචං......දෙනකං හරි ලොක්කට ඒවායේ ඉන්න තිබුණනේ.

මචං......උඹලට හිතෙන්නෙ නැද්ද ලොක්කාගේ ප්ලෑන් එක මොකද්ද කියලා.

මචං ලොක්කා...... හැදුවේ අගනුවරට මන්දිරය බෙනීට හෝටලයක් දාන්න දෙන්න.

පිට තියන......මන්දිර ටික ප්‍රමීගේ හොටෙල් project එකට දෙන්න.

එතෙන්ට මචං........ලොක්කා වැඩේ හදාගෙන ආවේ.

එතකන් තමයි මචං......ලොක්කා හොරගල් ඇහිඳ ඇහිඳ හිටියේ.

ලොක්කාගේ කරුමෙට........මචං අනුරාධපුරේදී හක්කපටස් එකක් අහුවුනා.

මචං.........ඒකෙන් වැඩේ චාටර් වුනා.

මචං........ඒ හක්කපටස් තිබුණ ගෙදර අයට හරිනං සම්මානයක් දෙන්න ඕනි තවමත් මන්දිර ටික බේරිලා තියනවට.

- අප්සෙට් ෂූටිං -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න