අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මත්පැන් ස්ටිකර් නිෂ්පාදනය කරන ඉන්දීය සමාගම සම්බන්ධයෙන් දැනුම්දීමක්

මත්පැන් ස්ටිකර් නිෂ්පාදනය කරන ඉන්දීය සමාගම සම්බන්ධයෙන් දැනුම්දීමක්

මත්පැන් බෝතල මත අලවන ස්ටිකර් නිෂ්පාදනය කරන ඉන්දීය සමාගම සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බව මත්පැන් නිෂ්පාදන සමාගම් ජනාධිපති කාර්යාලයට දැනුම් දී ඇත. ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක සමග…

 මත්පැන් බෝතල මත අලවන ස්ටිකර් නිෂ්පාදනය කරන ඉන්දීය සමාගම සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බව මත්පැන් නිෂ්පාදන සමාගම් ජනාධිපති කාර්යාලයට දැනුම් දී ඇත.

ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක සමග මත්පැන් නිෂ්පාදන සමාගම් පෙරේදා (30 වැනිදා) පැවැත්වූ සාකච්ජාවකදී මේ බව දැඩි වශයෙන් අනාවරණය කර ඇත්තේ මෙරට ප්‍රධානතම මත්පැන් නිෂ්පාදන සමාගමක් හා බීර නිෂ්පාදන සමාගමක් විසිනි. විශ්වාසයක් නොමැති සමාගමකින් ස්ටිකර් ලබා ගැනීම වෙනුවෙන් විධිමත් ක්‍රමවේදයක් යටතේ විශ්වාස කළ හැකි සමාගමකින් ස්ටිකර් ලබා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ඔවුන් ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවැරදි ස්ටිකර් රටපුරා ඇති බවද, නිෂ්පාදන සමාගම් පෙන්වා දී තිබේ. එවැනි ව්‍යාජ ස්ටිකරයක් රුපියල් හැත්තෑ පහකට ලබාගත හැකිය.

දැන්වීම

ව්‍යාජ ස්ටිකර් අත්අඩංගුවට ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරින්ද මැළිකමක් දක්වන බවද නිෂ්පාදන සමාගම් පෙන්වා දී ඇත.

මේ අතර සෙවනගල හා පැල්වත්ත සීනි කර්මානත්ශාලාවල එකතු වී ඇති එතනෝල් කඩිනමින් ලබා ගන්නා ලෙසට ජනාධිපති ලේකම්වරයා කළ ඉල්ලීම නිෂ්පාදන සමාගම් ප්‍රතික්ෂේප කර තිබිණි. එතනෝල් ලීටර් මිලියන තුනක් මෙලෙස ගොඩ ගැසී ඇත. මෙම එතනෝල් ලබා ගැනීම සඳහා වූ සාකච්ඡාවක් ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්  (01 වැනිදා) පැවැත්වීමට නියමිතය. මෙම සාකච්ඡාව සඳහා මෙරට ප්‍රධානතම මත්පැන් නිෂ්පාදන සමාගම් පහේ ප්‍රධානීන් හා පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්තශාලාවල පාලන අධිකාරිය කැඳවා ඇත. පැවැති ආණ්ඩුව විසින් උක් ගොවීන්ට ලබාදුන් රුපියල් 5000 දීමනාව රුපියල් 10000 ක් දක්වා වැඩි කිරීම හේතුවෙන් එම මුදල් සපයා ගැනීමට ගොඩ ගැසී ඇති එතනෝල් කඩිනමින් අලෙවි කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී ඇත.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න