අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මඩකළපු මුහුදේ විනාශය

මඩකළපු මුහුදේ විනාශය

මඩකලපුව දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවලට මසුන් ගොඩගැසීමේ අසාමාන්‍ය තත්වයක් ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) විසින් වාර්තා කර ඇත.නාරා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කේ.…

මඩකලපුව දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවලට මසුන් ගොඩගැසීමේ අසාමාන්‍ය තත්වයක් ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) විසින් වාර්තා කර ඇත.නාරා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කේ. අරුලානන්දන් සඳහන් කර ඇත්තේ, මුහුදු ජලයේ උෂ්ණත්වය පහළ බැසීමක් හේතුවෙන් මෙලෙස මත්ස්‍යයන් වෙරළට ගොඩගසා ඇති බවයි.

මෙම උෂ්ණත්වය පහත වැටීමට හේතු වී ඇත්තේ මෝසම් රටා වෙනස් වීම නිසා ජල ධාරාවන් වෙනස් වීමයි.මෙලෙස බලපෑමට ලක් වූ ප්‍රදේශ අතරට කළුවන්චිකුඩි, කළුතාවෙල, තෙත්තතිව්, කුරුක්කල්මඩම් සහ ඔන්ටච්චිමඩම් ඇතුළත් වේ.මෙලෙස වෙරළට ගොඩගසන ප්‍රධාන මත්ස්‍ය විශේෂය වන්නේ ‘පොතුබරි’ ය.

මෙම සංසිද්ධිය සාමාන්‍යයෙන් සෑම වසරකම ඔක්තෝබර් මාසයේදී නිරීක්ෂණය කෙරේ.

දැන්වීම

සාමාන්‍යයෙන් මීටර් 10ක් පමණ ගැඹුරේ වාසය කරන මත්ස්‍යයන්ට මෙම පාරිසරික වෙනස්වීම් බලපානු ලබන බව පැවැසේ.

[කුමාරි පතිරාජ]

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මඩකළපු මුහුදේ විනාශය | Lanka Newsweek