අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මංගල අයවැයේ අවමංගල පණිවිඩය

මංගල අයවැයේ අවමංගල පණිවිඩය

පහුගිය දවස්වල ජාතික ජන බලවේගයට බලය හිමි පලාත් පාලන ආයතන ගණනාවකම අයවැය පරාදවුනා.සමහර තැන්වල දෙවෙනි පාරටත් පරාදයි.මේ පාරාජයන් ගැන ආණ්ඩුව එක එක කතා කිය කියා හිටියා.හැබැයි ගිය 22වෙනිදා කොළඹ මහ නගර සහාවේ…

පහුගිය දවස්වල ජාතික ජන බලවේගයට බලය හිමි පලාත් පාලන ආයතන ගණනාවකම අයවැය පරාදවුනා.සමහර තැන්වල දෙවෙනි පාරටත් පරාදයි.මේ පාරාජයන් ගැන ආණ්ඩුව එක එක කතා කිය කියා හිටියා.හැබැයි ගිය 22වෙනිදා කොළඹ මහ නගර සහාවේ මංගල අයවැය පරාදවිමත් එක්ක ආණ්ඩුව තිගැස්සුණු බවක් පේනවා.මොකද ලංකාවේ දේශපාලන බලයේ පිළිබිඹුවක් විදිහටයි කොළඹ මහ නගර සභාව හැදින්වෙන්නේ.

ඒකේ අයවැයයක් පරදිනවා කියන එක ආණ්ඩුවකට සුළුපටු නෑ.

ප්‍රධාන දේශපාලන පක්ෂ කොළඹ මහ නගර සභාවේ බලය වෙනුවෙන් හැමදාම උපරිම බරක් තියන්නේ ඒකයි.ගිය පලාත් පාලන මැතිවරණයේදී සභා ගණනාවකම බලය විපක්ෂයට හිමිවුනා.කොළඹ මහ නගර සභාවෙත් මාලිමාව අභිබවා විපක්ෂ කණ්ඩායම් මන්ත්‍රීධූර දිනාගත්තා.විපක්ෂයට බලය හිමිවුන පලාත් පාලන ආයතවල බලය පිහිටවීමේ හැකියාව ඒකාබද්ධ විපක්ෂයට තිබුණා.ගොඩක් තැන්වලදී සජබය,පොහොට්ටුව, එජාපය,පොදුජන එක්සත් පෙරමුණ සහ අනෙත් කණ්ඩායමි යම් යම් එකඟතා මත බලය පිහිටවන්න සුදානම්ව හිටියා.

දැන්වීම

ඒ වෙලාවේ තමයි අනුර කිව්වේ මාලිමාව දිනපු සභාවල අහවල් දවසේ බලය පිහිටවනවා.අනිත් සභාවල් කවදා හරි පටන් ගන්න දවසට මාලිමාව බලය පිහිටවනවා.සුන්බුන් විපක්ෂයට පලාත් පාලන ආයතනවල බලය පිහිටවන්න දෙන්නේ නෑ කියලා. අනුරගේ ඒ ප්‍රකාශයෙන් පස්සේ ටිල්වින් පැලවත්තේ දේශපාලන දඩ බල්ලෝ ටික ලෙහලා දැම්මා.එක පැත්තකින් විපක්ෂය සතු පලාත් පාලන ආයතනවල බලය කොල්ලකෑම වෙනුවෙන් පැලවත්තේ මෙහෙයුම පටන් ගත්තා.අනිත් පැත්තෙන් සල්ලිවලට,වරදාන,වරප්‍රසාදවලට විපක්ෂ මන්ත්‍රිවරු බීලීබාගැනීමේ අනුරගේ මෙහෙයුම පටන්ගත්තා.

අනුර වටේ ඉන්න ජාවාරම්කාරයෝ ටික ඒ වැඩේට බැස්සා. දෙගොල්ලො වැඩේ දෙකට බෙදාගෙන ක්‍රියාත්මක කළා. සල්ලිවලට යටවෙන්නේ නැති මන්ත්‍රීලා බය කරන්න පැලවත්තේ දේශපාලන දඩ බල්ලෝ යෙදෙව්වා.විපක්ෂ මන්ත්‍රීලට තර්ජනය කළා,වැලිගම නගර සහාවේ ජවිපෙ කරපු තක්කඩි වැඩ ටික ඔයාලා දන්නවා.විපක්ෂයට සභාව පිහිටවෙන්න නොදී මාලිමාවේ මන්ත්‍රි යුවලක් පැහැරගත්තා කියලා ජවිපෙ මැරයෝ සභාවට පැනලා යකා නැටුවා.අන්තිමට එතන සභාපති මරලා දාන තැනට ජෙප්පෝ වැඩ හැදුවා.

ඔය අතර අනුරගේ මෙහෙයුමත් වේගයෙන් ඉස්සරහට ගියා.

පලාත් පාලන මන්ත්‍රීලාට කෝටි දෙක තුනේ පටන් ලක්ෂ 25,30 අතර ඔෆර් ආවා.හැබැයි පැලවත්තේ මෙහෙයුමට වඩා අනුරගේ මෙහෙයුම සාර්ථක වුනා.ඒක සාර්ථක වෙන්න බලපෑවේ පාලත් පාලන ආයතනවල සහාපති/නගරාධිපති තේරීමේ ඡන්දය සාරංගිකා සිස්ටම් එක ආදේශවීමත් එක්ක.සාරංගිකා සිස්ටම් එකට අනූව රහස් ඡන්දයෙන් තමයි සභාපති,උප සභාපති/නගරාධිපති,නියෝජ්‍ය නගරාධිති තේරීපත් වෙන්නේ.ඒ චාන්ස් එක අරගෙන අනුරගේ ජාවාරම්කාර සෙට් එක දුර්වලයෝ සල්ලිවලට ගත්තා.

සමහර දිස්ත්‍රික්කවල විපක්ෂයේ සමහර පක්ෂවල දිස්ත්‍රික් නායකයෝ ඇල්ලුවා.අල්ලගෙන සභාව පිහිටවන දවසේ උදේම පලාත් පාලන මන්ත්‍රීලට මාලිමාවේ සභාපතිට ඡන්දය දෙන්න කියලා කියෙව්වා.සමහර පලාත් පාලන මන්ත්‍රීලා රහස් ඡන්දය දෙන්න ඇඩ්වාන්ස් ගත්තා.සමහරු සල්ලි අරන් එදා සභාවට ගියේ නෑ.මෙහෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී විදිහට තමයි මාලිමාව තමන්ට හිමි නැති පලාත් පාලන ආයතනවල බලය මංකොල්ල කෑවේ. රටේ රාළ කියන්නේ ඒවට වගකියන්න ඕනි අර මන්ත්‍රීලා ගන්න සල්ල වියදම් කරපු ජාවාරම්කාරයෝ නෙවෙයි.

මාලිමාවට යටත් උනේ නැති විපක්ෂ පලාත් පාලන මන්ත්‍රීලට බුරාගෙන පැන්න පැල්වත්තේ දේශපාලන දඩ බල්ලොත් නෙවෙයි. ඒකට කෙලින්ම වගකියන්න ඕනි ජාවාරම්කාරයින් මෙහෙයවපු අනුරයි,පැලවත්තේ දේශපාලන දඩ බල්ලෝ උසි ගන්වපු ටිල්විනුයි.අපේ රටේ පාලත් පාලන මැතිවරණ ඉතිහාසයේ ලොකුම කළු පැල්ලම එකතු කළේ අනුර සහ ටිල්වින් දෙන්නා.

ඒ විදිහට තමයි කොළඹ මහ නගර සභාවෙත් තමන්ට අයිති නැති බලයක් ජෙප්පෝ පැහැර ගත්තේ.විපක්ෂයේ මන්ත්‍රීලා සල්ලිවලට අරන් වටගල කිව්වේ කොළඹ පුරපතිකම බල්තසාර්ට එන්නේ හරියට බඩේ බත් වගේ කියලා.එහෙම කියපු වටගලලගේ විතරක් නෙවෙයි,අයවැයට ජන්දය ගන්න නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීලා ගෙනත් කන්න බොන්න දීලා,අතමිට මොලවපු අනූරගෙත් දැන් බඩේ බත් වෙනුවට තියෙන්නේ බඩේ ගින්දර.

කොළඹ මහ නගර සභාවේ සල්ලි විසිකරලා මාලිමාව ගත්ත බහුතර බලය මාස හයක් රැකගන්න බැරිවෙලා තියනවා.මේ බැරිවීම කියන්නේ හරියට පාවිච්චි කරනවා නම් ලාංකීය දේශපාලනයේ Turning Point එකක්.රටේ රාළ කියන්නේ නෑ හෙට ඔය පැරදුන පලාත් පාලන ආයතනවල බලය විපක්ෂයට යනවා කියලා.2012 අංක 21 දරන පළාත් පාලන ආයතන (විශේෂ විධි විධාන) පනත යටතේ අවුරුදු දෙකක් දුවන්න පුළුවන්.හැබැයි තමන්ට නැති බලයක් කූට උපක්‍රමවලින් ගත්ත ජෙප්පන්ට ඒක රැකගන්න බැරිවීම දැවැන්ත පරාජයක්.

මාලිමාව බලයේ හිටියත් එයාලට ජනවරමක් නෑ කියන එක දැන් පැහැදිලියි.බලයෙන් උන්මත්තක වෙලා ඉන්න මාලිමාවේ මෝඩ හැතිකරේට මේක හොඳ පාඩමක්.

අඩුම ගානේ මෙතන දේශපාලන point එක මොකද්ද කියලා ජෙප්පන්ට තේරෙන්නේ නෑ.මෙතන තියන එක දේශපාලන point එකක් තමයි සල්ලි දීලා,වරදාන වරප්‍රසාද දීලා දැන් මන්ත්‍රීලා තියාගන්න බෑ කියන එක.සල්ලි ගත්ත එකා ගිහින් අනිත් පැත්තට ඡන්දය දෙනවා.අනුරත් එක්ක ඊට කලින් දවසේ බුරියානි කාපු එකා ගිහින් අනිත් පැත්තට ඡන්දය දෙනවා.එදා රහස් ඡන්දයෙන් මාලිමාව කොළඹ මහ නගර සභාව දිනපු වෙලාවේ ප්‍රතිඵලය උනේ 61 ට 54යි.හැබැයි 22 වෙනිදා මාලිමාවේ අයවැය පැරදුනේ 57යි 60ට.එහෙනම් අනුරගේ සල්ලිවලට,ටිල්වින්ගේ චණ්ඩිපාට්වලට දුවන්න පුළුවන් වෙලා තියෙන්නේ මාස හයයි.

ඒකෙන් තේරෙන්නේ සල්ලිවලට විකිණුන හෘද සාක්ෂියක් නැති එකාටවත් එලියේ මාලිමාව වෙනුවෙන් පෙනී ඉන්න බෑ.ඒ තරමට මාලිමාව චොරවෙලා.රට ඉස්සරහා චොර වෙනකොට සල්ලි ගත්ත එකාටවත් මාලිමාව වෙනුවෙන් පෙනී ඉන්න බැරිවෙනවා. ආණාඩුවේ සල්ලිවලට රෙදි හෝදන මාලිමා ඩෝබිලාටත් වෙන්නේ ඕකම තමයි.ඩෝබි වැඩේ කරන්න බැරිවෙනවා.ජනතාව තව ටික දවසකින් ඩෝබිලා හොයාගෙන එනවා.ඇත්තටම මේ ආණ්ඩුව රකින්න දැන් මේ රටේ ජනතාවට ඕනි නෑ.

ඇයි ජනතාව අනුර රකින්නේ,කන්ටේනර් 323 පැන්නුවේ අනුර නං, ඇයි තවදුරටත් අනුර රකින්නේ.කුඩු කන්ටෙනර් දෙක පැන්නුවේ අනුර නං ඇයි ජනතාව අනුර රකින්නේ.දිත්වා සුලි කුණාටුව ගැන කරපු පූර්ණ අනතුරු ඇඟවීම් ශත පහකට ගණන් ගන්නේ නැතිව මේ රටේ මිනිස්සු සිය ගාණක් මැරුවේ අනුර නං ඇයි ජනතාව අනුර රකින්නේ.ඇයි ජනතාව හරිනි රකින්නේ.මේ රට සමලිංගිකකරණය කරන්නේ හරිනි නං,එයාවත් දන්නේ නැති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පටවලා අපේ දරුවන් නන්නත්තාර කරනවා නං ඇයි අපි හරිනිව රකින්නේ.

රටේ ජලාශ පද්ධතියේ වතුර ටික හරියට කලමනාකරණය නොකට ගම්පොල නගරය යට කරලා අහිංසක මිනිස්සු මැරුවේ ලාල් නං ඇයි ජනතාව ලාල්ව රකින්නේ.ඉන්දියන් බාල බෙහෙත් ගෙනත් මේ රටේ රෝගී ජීවිත බිලිගන්නේ නලින්ද නං ඇයි අපි නලින්ද රකින්නේ.

රංවල බිලා ගිහින් මිනිස්සු හැප්පුවම වැරදිකාරයෝ වෙන්න හැපුණ මිනිස්සු සහ පොලියේ OIC නං.ශාන්තගෙන් ගුටිකාපු පොලිස් නිලධාරියා නං අන්තිමට හිරේ යන්නේ මොකටද මේ ආණ්ඩුව තවදුරටත් අපි රකින්නේ.අඩුම ගානේ කොළඹ නගරයේ කානු ටික සුද්ධ කරගන්න බැරි,කුණු ටික හරියට අයින් කරගන්න බැරි බල්තසාර්ලා වගේ දේශපාලන අනාතයින් ඇයි අපි රකින්නේ.

රටේ රාළ කියන 2026 අධි අර්බුදකාරී වර්ෂයට යන්න ලෑස්ති වෙනකොට බල්තසාර්ගේ විලාපයත් ඇහෙන්න පටන් අරන්.ඔය ඔක්කොගේම පට්ටම් තියෙන්නේ අනුරගේ බලය ගිලිහෙනකං විතරයි.මාලිමාව එලවන්න ජනතාව ඉදිරියට එනවා.අන්න ඒකට බල්තසාර්ගේ අයවැය පරාජය වැදගත්.ඒක තුලින් නැවතත් විපක්ෂයට එකතු වෙන්න අවස්ථාව ඇවිත් තියනවා.මේ අවස්ථාව විපක්ෂය හරියට පාව්ච්චි කරයිද කියලා බලමු.මාලිමාව නං බේරගන්න දැන් කාටවත් බෑ.අනුරගේ සල්ලිවලට,ටිල්වින්ගේ චණ්ඩිකමට මේ රටේ මිනිස්සු යටත් වෙන්නේ නෑ.සල්ලිවලින්, තගෙන්,බුරියානිවලින් ගෙනියන්න පුලුවන් බොහොම ටික කාලයක් විතරයි.

22 වෙනිදා කොළඹ මහ නගර සභාවේ මාලිමා මංගල අයවැය පරාජයවිමෙන් ඔප්පු කරලා තියෙන්නේ ඒ ඓයිතිහාසික සත්‍යයයි.

- රටේ රාළ -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 5
බෙදාගන්න