බිලියන ගණන් බැංකුවට පොලු තැබූ ලොක්කෝ 10 ගේ නම් අනුරගේ අතට..?

පහුගිය ආණ්ඩුවලින් තනතුරු ගත්ත ව්‍යාපාරිකයොත් ඉන්නවා - දැන් ඉතින් අනුරට භාරයි (අචින්ත මධුර) රාජ්‍ය බැංකුවලින් රුපියල් බිලියන ගණනින් ණය ගෙන එම ණය ගෙවීම පැහැරහැරි ප්‍රධානතම පුද්ගලයන් 10 දෙනාගේ නම්…
පහුගිය ආණ්ඩුවලින් තනතුරු ගත්ත ව්‍යාපාරිකයොත් ඉන්නවා - දැන් ඉතින් අනුරට භාරයි
(අචින්ත මධුර)
රාජ්‍ය බැංකුවලින් රුපියල් බිලියන ගණනින් ණය ගෙන එම ණය ගෙවීම පැහැරහැරි ප්‍රධානතම පුද්ගලයන් 10 දෙනාගේ නම් ලැයිස්තුව මේ වනවිට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලැබී ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් "LANKANEWSWEEK" හට තොරතුරු ලැබී ඇත.
පැවැති ආණ්ඩු යටතේ දේශපාලන හිතවත්කම් මත මෙම ව්‍යාපාරිකයන් බිලියන ගණනින් ණය ලබාගෙන ඇති බවත්, එම ණය ගෙවීම පැහැරහැර ඇති බවත් පසු ගිය කාලයේම මැතිවරණ වේදිකා වල චෝදනාවට ලක් විය.
මේ තත්වය තුල හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වත්මන් ආණ්ඩුවට අභියෝගයක් කරමින් කියා සිටින්නේ හැකි නම් එම ණය පැහැරහැරි ව්‍යාපාරිකයන්ගේ නම් ලැයිස්තුව රටට හෙළිදරව් කරන ලෙසටය.
දැන්වීම
ඒ අනුව එසේ ණය පැහැරහැරි ප්‍රධාන 10 දෙනාගේ නම් ලැයිස්තුව මේ වනවිටත් ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බව පැහැදිලි වේ. එම නම් ලයිස්තුවේ පසුගිය ආණ්ඩු කාලයන්හිදී විවිධ තනතුරු දැරූ ව්‍යාපාරිකයන් කිහිප දෙනකු සහ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකුද සිටින බව අප කළ සොයා බැලීමකදී තව දුරටත් කරුණු වාර්තා වී ඇත.
ඒ අනුව මේ වන විට පක්ෂ - විපක්ෂ සියලු දෙනාගේ අවධානය මෙම නම් ලැයිස්තුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගන්නා තීන්දුව දෙසට යොමු වී ඇති බව පැහැදිලිය.