අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

බැසිල් සංචාරක මණ්ඩලයේ සල්ලිත් ගිලලා

බැසිල් සංචාරක මණ්ඩලයේ සල්ලිත් ගිලලා

(සුජිත් මංගල ද සිල්වා) රුපියල් හතලිස් ලක්ෂයකට අධික මුදලක් පසුගිය ඌව පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රවර්ධන කටයුතුවලට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා භාවිතා කිරීමට…

(සුජිත් මංගල ද සිල්වා)

රුපියල් හතලිස් ලක්ෂයකට අධික මුදලක් පසුගිය ඌව පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රවර්ධන කටයුතුවලට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා භාවිතා කිරීමට එරෙහිව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පරීක්ෂණ ආරම්භ කොට ඇති බව එහී අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් දේශීය සංචාරකයින් සදහා ඌව පළාත ආශ්‍රිතව ප්‍රචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යැයි සදහන් කරමින් ඒ අධිකාරියේ පාලක මණ්ඩලයේ කිසිදු අනුමැතියකින් තොරව හිටපු ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ඌව පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා මිලියන 4.73ක්යොදා ගැනීම පිළිබද මේ වනවිට අදධිකාරිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ  කොට ඇත. මේ පිළිබද ක්‍රිස්තියානි ආගමික කටයුතු හා සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කළේ මේ  සිධිය සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරියේ විගණන අංශයද පරීක්ෂණයක් සිදු කරමින් සිටින බවය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
බැසිල් සංචාරක මණ්ඩලයේ සල්ලිත් ගිලලා | Lanka Newsweek