බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට

(සුජිත් මංගල ද සිල්වා) බැඳුම්කර ගනු දෙනුවට අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ සහ බරපතළ වංචා සහ දුෂණ පිළිබඳ ජනාධිපති විමර්ෂණ කොමිෂන් සභා වාර්තාවේ පිටපත් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මීට සුළු…
(සුජිත් මංගල ද සිල්වා)
බැඳුම්කර ගනු දෙනුවට අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ සහ බරපතළ වංචා සහ දුෂණ පිළිබඳ ජනාධිපති විමර්ෂණ කොමිෂන් සභා වාර්තාවේ පිටපත් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුව වෙත භාර දෙනු ලැබිණ.
බැඳුම්කර ගනු දෙනුවට අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ ඉංග්රීසි පිටපත් 26ක් සහ සංක්ෂිප්ත වාර්තාවක් ද, බරපතළ වංචා සහ දූෂණ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ සිංහල පිටපත් 34ක් ද මෙසේ අද(17) උදේ 11.18 ට පමණ ජනාධිපති කාර්යාලයේ නීති නිලධාරී නීතිඥ මුදිත දිසානායක මහතා විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාර දෙනු ලැබීය.