බැඳුම්කර වාර්තාවේ පිටපත අගමැති අතට

(නිලන්ති මානෙල්) මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව කරුණු විමර්ශනය කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපතක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මේ වන විට ලබා දී ඇති බව දැන ගන්නට තිබේ. අගමැති…
(නිලන්ති මානෙල්)
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව කරුණු විමර්ශනය කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපතක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මේ වන විට ලබා දී ඇති බව දැන ගන්නට තිබේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලය එම වාර්තාවේ පිටපත ලබා දී ඇත්තේ සිකුරාදා (12) සවසය.
දැන්වීම
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ එම වාර්තාවේ පිටපතක් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ද ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියත් ඔහුට තවමත් එම වාර්තාව නිල වශයෙන් ලබා දී නොමැත.
කෙස් නමුත් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ද එම වාර්තාවේ පිටපතක් කෙසේ හෝ ලබා ගෙන තිබෙන බව අතර ඉදිරි පියවර ගැනීම සඳහා ඔහු එම වාර්තාව අධ්‍යනය කරමින් සිටින බව ද වර්හාවෙයි.