අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

බැඳුම්කර පොදු දේපොළ චෝදනාවලින් රවී නිදහස්

බැඳුම්කර පොදු දේපොළ චෝදනාවලින් රවී නිදහස්

හිටපු නීතිපතිවරයා අනාථයි..! නීතිය නොදන්නා බව හෙළි වෙයි 2016 වසරේ බැඳුම්කර වෙන්දේසියේදී සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකට එරෙහිව පොදු දේපළ පනත යටතේ…

හිටපු නීතිපතිවරයා අනාථයි..!

නීතිය නොදන්නා බව හෙළි වෙයි 

බැඳුම්කර පොදු දේපොළ චෝදනාවලින් රවී නිදහස්

2016 වසරේ බැඳුම්කර වෙන්දේසියේදී සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකට එරෙහිව පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කර තිබූ චෝදනාවලින් ඔහු නිදහස් කරමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් සිකුරාදා (04) අවධාරණය කර සිටියේ එම චෝදනා පවත්වා ගෙන යා නොහැකි බවය. 

2016 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 36ක ට අධික වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙනෙකුට එරෙහිව පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කළ චෝදනා පවත්වා ගෙන යා නොහැකි බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් මෙසේ තීන්දු කරනු ලැබුවේ සිකුරාදා (04) එම නඩුව යළි විභාගයට ගත් අවස්ථාවේදී වන අතර ඒ අනුව එම චෝදනාවලින් පමණක් අදාළ විත්තිකරුවන් නිදහස් කරන බව එම විනිසුරුවරු කියා සිටියහ. 

දැන්වීම

විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන මෙම නඩුව පවත්වා ගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතු කළ මූලික විරෝධතා පිළිබඳ තීන්දුව ලබාදීම සඳහා එම නඩුව සිකුරාදා (04)  දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහා ධිකරණ  විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. 

එහිදී දමිත් තොටවත්ත සහ මංජුල තිලකරත්න යන මහා ධිකරණ විනිසුරුවරු විසින් මෙම බහුතර තීන්දුව ලබා දුන් අතර බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු දමිත් තොටවත්ත මහතා පොදු දේපළ පනතේ 7 වන වගන්තිය යටතේ චෝදනා එල්ල කළ හැක්කේ ස්වාභාවික පුද්ගලයින්ට පමණක් බව ද සඳහන් කළේය.

එහෙත් මෙම නඩුවේ  විත්තිකාර පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගම ස්වාභාවික පුද්ගලයෙකු නොවන හෙයින් ඊට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනාවක් පවත්වා ගෙන යා නොහැකි බව ද විනිසුරුවරයා පැවැසීය.

ඒ අනුව එම සමාගමට එල්ලවී තිබෙන චෝදනාවලට සම්බන්ධ වී පවතින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජෙෆ්රි ඇලෝසියස්, අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන පොදු දේපළ පනත යටතේ වූ චෝදනා ද පවත්වා ගෙන යාමට නොහැකි බව විනිසුරුවරයා සඳහන් කළේය.

එහෙත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ පැමිණිල්ල විසින් ගොනු කර තිබෙන චෝදනා පවත්වා ගන යා හැකි බවයි.

මෙම තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය මෙම නඩු තීන්දුව පිළිබඳව අධ්‍යයනය කර පියවර ගැනීම සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියාය.

එහෙත් එම ඉල්ලීමට විරෝධය පළ කළ රවි කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය විසින් පොදු දේපළ පනත යටතේ ගොනු කර තිබෙන චෝදනා පවත්වා ගෙන යා නොහැකි බවට දුන් තීරණයත් සමඟම සමස්ත අධි චෝදනා පත්‍රයම පවත්වා ගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බව සඳහන් කළේය.

මෙම චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට නීතිපතිවරයාට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඒ අනුව එම චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගත යුතු බව ද සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම නඩු තීන්දුව අධ්‍යයනය කර තීරණයක් ගන්නා තුරු මෙම නඩු විභාගය කල් තැබීම සදාචාරාත්මක නොවන බව සඳහන් කළ සභාපති විනිසුරු දමිත් තොටවත්ත මහතා ඒ අනුව  ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකගත්වය සහිතව මෙම නඩුවේ සෙසු චෝදනාවලට අදාළ විභාගය පැවැත්වීම සඳහා වන "පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය" 2022 මැයි මස 4 වනදා කැඳවන ලෙස නියෝග කළේය.

2016 වසරේ මාර්තු මස 29 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 36.8 98 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම, හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අදාල සමාගම අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස්, කසුන් පොලිසිය ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපළ පනත ඇතුළු අණ පනත් කීපයක් යටතේ මෙම නඩුව ගොනු කර තිබුණා

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න