අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

බැඳුම්කරයේ දේශපාලනය ගැන රවී හෙළි කරයි..!

බැඳුම්කරයේ දේශපාලනය ගැන රවී හෙළි කරයි..!

(සුජිත් මංගල ද සිල්වා) බැඳුම්කර ගනු දෙනුවට අදාළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමේ වාර්තාව සහ එම වාර්තාවේ කරුණු විකෘති කරමින් සිදු කරන දේශපාලන කුමන්ත්‍රණ පිළිබඳව හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා බදාදා…

(සුජිත් මංගල ද සිල්වා)

බැඳුම්කර ගනු දෙනුවට අදාළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමේ වාර්තාව සහ එම වාර්තාවේ කරුණු විකෘති  කරමින් සිදු කරන දේශපාලන කුමන්ත්‍රණ පිළිබඳව හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා බදාදා (24) පාර්ලිමේන්තුවේ දී විශේෂ හෙළිදරව්වක් කිරීමට නියමිතය.

බැඳුම්කර වාර්තාවේ සඳහන් කරුනුත් ඒ පිළිබඳව කෙරෙන ප්‍රකාශත් ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍යවල පළ වන කරුනුත් අතර බරපතළ පරස්පරතා අති බව පෙන්වා දෙන රවී කරුණානායක මහතා වාර්තාවේ නොමැති කරුණු උලුප්පා දක්වමින් තමා ඉලක්ක කර ගෙන තමාට  එරෙහිව දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් සිටින බවට ද චෝදනා කළේය.

මේ කුමන්ත්‍රණය පිළිබඳවත් ඒ පිටු පස සිටින පුද්ගලයින් පිළිබඳවත් සියලු තොරතුරු හෙළිවී තිබෙන බව ද රවී කරුණානායක මහතා සඳහන් කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
බැඳුම්කරයේ දේශපාලනය ගැන රවී හෙළි කරයි..! | Lanka Newsweek