අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

බැංකු පොලිය අඩු කිරීම ක්‍රියාත්මක නොවන්නේ ඇයි ..?

බැංකු පොලිය අඩු කිරීම ක්‍රියාත්මක නොවන්නේ ඇයි ..?

වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩි කිරීම බුද්ධි ගලනයට දුන් උත්තරයක් වී.අයි ලෙනින් ගැන කිව්වට වැඩක් නැහැ-ජවිපෙ සිය ඉදිරිපත් කළ යුතුයි -රවී කරුණානායක අවධාරණය කරයි- ජනතා විමුක්ති පෙරමුණ වී.අයි ලෙනින් ගැන කතා…

වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩි කිරීම බුද්ධි ගලනයට දුන් උත්තරයක්

වී.අයි ලෙනින් ගැන කිව්වට වැඩක් නැහැ-ජවිපෙ සිය ඉදිරිපත් කළ යුතුයි

-රවී කරුණානායක අවධාරණය කරයි- 

ජනතා විමුක්ති පෙරමුණ වී.අයි ලෙනින් ගැන කතා කළාට ඵලක් නැතැයි ද, ඔවුන් වහාම සිය ප්‍රතිපත්තිය සහ වැඩ පිළිවෙළ රටට-ජනතාවට ඉදිරිපත් කළ යුතු යැයි ද කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධරණය කර සිටියි.

බැංකු පොලී අනුපාත අඩු කරන්නැයි ශ්‍රී ලංකා මහා බැංකුව සියලු බැංකුවලට නිර්දේශ කර තිබිය දී එම නිර්දේශ මත අදාළ බැංකු පොලී අනුපාත අඩු නොකරන්නේ මන්දැයි ද හෙතෙම ප්‍රශ්න කරයි.

මේ දිනවල "කැරට්" ගැනම කතා කරන්නේ "කැරට්" හැරුණු කොට කිසිදු එළවළුවක් මේ රටේ නොමැති නිසාදැයි ප්‍රශ්න කර සිටින රවී කරුණානායක මහතා එවැනි බිල්ලෝ මවා මේ වගේ තත්ත්වයන්ගෙන් පටු දේශපාලන වාසි ලබා ගැනීම තරයේ හෙළා දකියි. 

දැන්වීම

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ, කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

ශ්‍රී ලංකා මහා බැංකුව මූල්‍ය ප්‍රතිපත්ති ඉදිරිපත් කරනවා. එසේ මුල්‍ය ප්‍රතිපත්ති ඉදිරිපත් කරමින් පොලී අනුපාත අඩු කරන්නැයි ශ්‍රී ලංකා මහා බැංකුව සියලු බැංකුවලට නිර්දේශ කර තිබෙනවා. එසේ තිබිය දී එම බැංකුවේ නිර්දේශ මත අදාළ බැංකු පොලී අනුපාත අඩු නොකරන්නේ ඇයි..? එම නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නේ ඇයි..?

ජනතාව විමුක්ති පෙරමුණේ කතාව විතරයි. නමුත් කිසිම සාර්ථකත්වයක් නැහැ. කතාව පහසුයි. ප්‍රතිපත්තියකට, ඉලක්කයකට සහ අරමුණකට අනුව රට-ජනතාව වෙනුවෙන් ක්‍රියා කිරීම එසේ පහසු නැහැ. වී.අයි ලෙනින් ගැන කතා කතා කළාට රටට-ජනතාවට ඵලක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ රට-ජනතාව වෙනුවෙන් වන සිය වැඩ පිළිවෙළ ඉදිරිපත් කළ යුතුයි.

රට බංකොලොත් කළේ එක්සත් ජාතික පක්ෂය හෝ එහි නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නොවෙයි. සියලු දෙනාම වැරදි කර තිබෙනවා. රට ගොඩනගා ජනතාවට සාධාරණය ඉටු කිරීමට නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. "VAT" කියන්නේ එම ජාලයට එකතු විය යුතු බද්දක් බව කිව යුතුයි. එම බද්දේ වාසිය අවසාන වශයෙන් පාරිභෝගිකයින්ට ලැබිය යුතුයි.

අපේ ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. එළවළු මිල වැඩි වුණා. "කැරට්" ගැනම කතා කරන්නේ ඇයි..? "කැරට්" හැරුණු කොට කිසිදු එළවළුවක් මේ රටේ නැද්ද..? ඒ නිසා බිල්ලෝ මවන්න එපා. එසේ බිල්ලෝ මවා මේ වගේ තත්ත්වයන්ගෙන් පටු දේශපාලන වාසි ලබා ගන්න එපා.  

විදුලි බල මණ්ඩලයේ සේවකයින් වගේම අප විදුලිය පාරිභෝගිකයන්ද ආරක්ෂා කළ යුතුයි. රජයේ නිලධාරීන්ට අද වගකීමක් තිබෙනවා. රට-ජනතාව වෙනුවෙන් එම නිලධාරීන් සිය වගකීම් ඉටු කළ යුතුයි.

බුද්ධි ගලනය වළක්වන්න සියලු දෙනාම ක්‍රියාත්මක විය යුතුයි. වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩි කිරීමට ජනාධිපතිවරයා ප්‍රධාන රජය ක්‍රියා කළේ බුද්ධි ගලනයට උත්තරයක් ලෙසයි. 

රටේ ආර්ථිකය ජනාධිපතිවරයා නිවැරදි මාර්ගයේ ගෙන යමින් බංකොලොත් භාවයෙන් රටත් ජනතාවත් මුදවා ගැනීමට කටයුතු කරමින් සිටිනවා. 2024 මැතිවරණ වර්ෂයක් වනවා. රටට-ජනතාව වෙනුවෙන් ක්‍රියා කරමින් සිටින එක්සත් ජාතික පක්ෂය ඕනෑම මැතිවරණයකට සූදානම් බව කිව යුතුයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
බැංකු පොලිය අඩු කිරීම ක්‍රියාත්මක නොවන්නේ ඇයි ..? | Lanka Newsweek