අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

බ්‍රසීලය ඉතාලිය පරදා වොලිබෝල් ලෝක කුසලානය දිනා ගනී

බ්‍රසීලය ඉතාලිය පරදා වොලිබෝල් ලෝක කුසලානය දිනා ගනී

බ්‍රසීලය ඉතාලිය පරාජය කරමින් 2019 වොලිබෝල් ලෝක කුසලානය දිනා ගනීයි. 2019 වොලිබෝල් ලෝක කුසලාන තරගාවලිය පැවැත්ජ වයේ ජපානයේ හිරෝෂිමා නුවරදීය. මෙම තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ බ්‍රසීලය සහ…

බ්‍රසීලය ඉතාලිය පරාජය කරමින්  2019 වොලිබෝල් ලෝක කුසලානය දිනා ගනීයි.

 2019 වොලිබෝල් ලෝක කුසලාන තරගාවලිය පැවැත්ජ වයේ ජපානයේ හිරෝෂිමා නුවරදීය.

මෙම තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ බ්‍රසීලය සහ ඉතාලියයි.

දැන්වීම

මිට පෙර 2016 දී පැවති  රියෝද ජැනෙයිරෝ ඔලිම්පික් උළලේදී  බ්‍රසීලය මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගත් අතර එහිදී ද  ප්‍රතිවාදියා  ඉතාලියයි.

.මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේදී වට 3 ට 0 ක් ලෙස පහසු ජයක් වාර්තා කිරීමට බ්‍රසීලය සමත් විණි. ලකුණු තත්ත්වය දැක්වුණේ 25ට 20 ක්, 25 ට 22 ක් සහ 25 ට 15 ක් ලෙසයි. බ්‍රසීලය මේ වන විට අවස්ථා 3 කදී වොලිබෝල් ලෝක කුසලානය දිනාගෙන සිටි. ඒ, 2003, 2007 සහ 2019 වසරවලදී ය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න