අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

බළපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ බලය දූෂණ විරෝධී කණ්ඩායමට

බළපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ බලය දූෂණ විරෝධී කණ්ඩායමට

(ජයකාන්ත ලියනගේ - බළපිටිය) බළපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ සමූපකාර ප්‍රාදේශික 24 ක් සදහා කාරක සභිකයින් 100 ක් තෝරා ගැනීමට ඊයේ (07) පැවති ඡන්ද විමසීමෙන් හා මාර්තු 09 දින නිතරගයෙන් පත් වූ…

(ජයකාන්ත ලියනගේ  -  බළපිටිය)

බළපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ සමූපකාර ප්‍රාදේශික 24 ක් සදහා කාරක සභිකයින් 100 ක් තෝරා ගැනීමට ඊයේ (07) පැවති ඡන්ද විමසීමෙන් හා මාර්තු 09 දින නිතරගයෙන් පත් වූ සභිකයින්ගෙන් දූෂණ විරෝධීන් ලෙස එකතු වූ කණ්ඩායමට සභික දූර 59 ක් සහ හිටපු සභාපතිවරයාගේ කණ්ඩායමට සභික ධූර 29 ක් ලබා ගැනීමට හැකිව තිබේ. මේ අනුව ඉදිරි මහ සභාවේදී බළපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ බලය දූෂණ විරෝධී කණ්ඩායමට ලබා ගැනීමට හැකි බව පෙනෙන්නට තිබේ.

මහ සභාවේදී කුමණ කණ්ඩායමට ඡන්දය ලබා දෙන්නේ දැයි නිශ්චිත තීරණයක් ගෙන නොමැති අවිනිශ්චිත සභික ධූර සංඛ්‍යාව 12 කි. එම සභික ධූර 12 න් 07 ක් නිශ්චිතවම තම කණ්ඩායමට ලැබෙන බවත් කුමණ පදනමක් මත හෝ එම සභික ධූර 12 ම හිටපු සභාපතිවරයාට නොලැබෙන බවත් දූෂණ විරෝධී කණ්ඩායමට එලිපිට නායකත්වය සැපයූ ප්‍රවීණ මාධ්‍යෙව්දී යසස් පී මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළේය. එම සභික ධූර 12 ම නොලැබුණත් බළපිටියේ දූෂණ විරෝධීන්ට සමූපකාරයේ බලය ලබාගත හැකි බවද ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

බළපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ සමූපකාර ප්‍රාදේශික 20 ක් සදහා කාරක සභිකයින් 79 ක් පත් කර ගැනීමට ඊයේ (07) දින පැවති ඡන්ද විමසීමේදී දූෂණ විරෝධීන් ලෙස එකතු වූ කණ්ඩායමට කාණ්ඩායමට සභික ධූර 52 ක් සහ හිටපු සභාපතිවරයාගේ කණ්ඩායමට සභික ධූර 27 ක් ලබා ගැනීමට හැකි විය. බළපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ සමූපකාර ප්‍රාදේශික 24 ක් සදහා කාරක සභිකයින් 100 ක් තෝරා පත්කර ගැනීම සදහා 2025.03.09 දින නාම යෝජනා කැදවූ අතර එයින් ගල්වෙහෙර, නාපේ, කොස්ගොඩ සහ කටුවිල ප්‍රාදේශික සදහා සභිකයින් 21 දෙනෙකු නිතරගයෙන් තේරී පත්විය. එසේ නිතරගයෙන් පත් වූ සභිකයින් අතර දූෂණ විරෝධී කණ්ඩායමට සභික ධූර 07 ක් හිටපු සභාපතිවරයාට සභික දූර 02 ක් සහ කුමන කණ්ඩායමක් නියෝජනය කරන්නේදැයි අවිනිශ්චිත සභික ධූර 12 ක් ඒ අතර විය.

දැන්වීම

බළපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ සමූපකාර ප්‍රාදේශික 20 සදහා කාරක සභිකයින් පත් කර ගැනීම සදහා වූ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබුණේ 2025.03.16 දිනය. 2025.03.09 දිනෙන් පසුව පැවැත්වීමට අපේක්ෂිත ලියාපදිංචි සමූපකාර සමිතිවල ප්‍රාදේශික කාරක සභා සහ මහ සභා, පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසුව පවත්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව, දකුණු පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයාට EDR/LAE/2025/21 අංකය දරණ 2025.03.07 දිනැති ලිපිය මගින් දැනුම් දී තිබුණි. ඒ අනුව බළපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ සමූපකාර ප්‍රාදේශික කාරක සභික ධූර වෙනුවෙන් නාම යෝජනා 09 කට වැඩියෙන් ලබා දූ තිබූ සමූපකාර ප්‍රාදේශික 20 සදහා වූ ඡන්ද විමසීම ඊයේ (07) දින පැවැත්විණ.

බළපිටිය විවිධ සේවා සමූපකාර සමිතිය සදහා මහ සභා නියෝජිතයින් 100 ක් පත්කර ගැනීම වෙනුවෙන් 396 දෙනෙකු 2025.03.09 දින නාම යෝජනා බාර දුන්නේය. සමූපකාර ප්‍රාදේශික 24 ක් වෙනුවෙන් පිහිටවනු ලබන කාරක සභා 24 ක් සදහා පත්වන කාරක සභිකයින් 216 ක් අතරින් 100 ක් මහ සභා නියෝජිතයින් ලෙස පත්කර ගනී. එක් සමූපකාරයක කාරක සභාව සදහා සභිකයින් 09 දෙනෙක් තෝරා පත්කර ගන්නා අතර එම මහ සභා නියෝජිතයින් 100 න් 07 ක් අධ්‍යක්ෂ මණ්ඩලය සදහා පත්කර ගනී. එයින් දෙදෙනෙක් සභාපති හා උප සභාපති ලෙස පත්කර ගනු ලබන අතර සමූපකාරය පාලනය කරන්නේ මෙසේ පත්වන සභාපති, උප සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයයි.

බළපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ බලය වසර 15 කට ආසන්න කාලයක් පවත්වාගෙන ගියේ හිටපු සභාපතිවරයාගේ කණ්ඩායම විසිනි. එම කාලය තුල සමූපකාරයේ බරපතල දූෂණ, වංචා හා අක්‍රමිකතා රැසක් සිදුව තිබෙන බවට වරින් වර හෙලිදරව් විය. මෙම දූෂණ, වංචා වලට එරෙහි පිරිස් ජාතික ජන බලවේගයේ පිරිස් හා එක්ව සමූපකාරයේ බලය ලබා ගැනීම වෙනුවෙන් දූෂණ විරෝධී කණ්ඩායම ගොඩ නැංවීය. හිටපු සභාපතිවරයාට නැවත බලය ලබා ගැනීම වෙනුවෙන් සමගි ජන බලවේගය, පොදුජන එක්සත් පෙරමුණ, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව බළපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සමන් ද සිල්වා මහතාගේ නිවසේ රැස්වී සාකච්ඡා පවත්වමින් සහය ලබා දුන්නේය.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න