බළපිටිය - මංකඩ මාදැල් වරායේදී ධීවරයින් පිරිසකට රු ලක්ෂ 80ක මාළුන් හසු වෙලා

බළපිටිය, මංකඩ මාදැල් වරායේදී ධීවරයින් පිරිසක් එකතුව අද (25) පෙරවරුවේ වට කරන ලද මා දැලකට පරව් මත්ස්‍ය විශේෂය මාළුන් 2000 කට අධික ප්‍රමාණයක් අල්ලා ගැනීමට හැකි විය. එකෙක් කිලෝ ග්‍රෑම් 04 ත් 05 ත් අතර වන…
බළපිටිය, මංකඩ මාදැල් වරායේදී ධීවරයින් පිරිසක් එකතුව අද (25) පෙරවරුවේ වට කරන ලද මා දැලකට පරව් මත්ස්‍ය විශේෂය මාළුන් 2000 කට අධික ප්‍රමාණයක් අල්ලා ගැනීමට හැකි විය.
එකෙක් කිලෝ ග්‍රෑම් 04 ත් 05 ත් අතර වන මෙම පරව් මත්ස්‍යයින්ගේ වටිනාකම රුපියල් ලක්ෂ 80 කට ආසන්න බව මෙම ධීවරයින්ගේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ඒ දයාරත්න ද සිල්වා මහතා (65) ප්‍රකාශ කළේය. මෙවර මාදැල් වාරය ආරම්භ වී මේ වන විට මාස 03 ක් පමණ ගත වී ඇති බවත් මෙතෙක් හරි හැටි මාළු අස්වැන්නක් අසු නොවූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. මා දැල් කර්මාන්තය කර ගැනීමට හැකියාව ඇත්තේ වසරේ මාස 06 ක් පමණක් වන වලාලේ කාලයට පමණක් වන බව පැවසූ ඒ මහතා ධීවරයින් වාරකන් කාලයේදීද ජීවත් වන්නේ වලාලේ කාලයේදී උපයා ගන්නා ලද මුදලින් බවද ප්‍රකාශ කළේය.
මත්ස්‍ය අස්වැන්න අලෙවි කර ගැනීමේදී උපරිම මුදලක් ධීවරයින්ට ලැබෙන සේ අලෙවි කර ගැනීමේ ගැටළුව දිගු කාලීනව පවතින බවත් ඒ සදහා මෙතෙක් විසදුම් ලැබී නොමැති බවත් දයාරත්න ද සිල්වා මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
දැන්වීම
අද (25) බළපිටිය මංකඩ මාදැල් ධීවර වරායේදී අසු වූ පරව් මාළු අස්වැන්න, මා දැලෙන් මාළු ගොඩට ගන්නා ආකාරය, මාළු ලොරි වලට පටවන ආකාරය සහ ඒ දයාරත්න ද සිල්වා මහතා ඉහත ඡායාරූප වල දැක්වේ.
