අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් වැඩ වරති..!

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් වැඩ වරති..!

(නිලන්ති චන්ද්‍රසේන) බස්නාහිර පළාත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් අද (18) සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ. මෙලෙස වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙන්නේ ජ්‍යේෂ්ඨ පවුල් සෞඛ්‍ය නිලධාරිනියන්…

(නිලන්ති චන්ද්‍රසේන)

බස්නාහිර පළාත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් අද (18)  සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.

මෙලෙස වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙන්නේ ජ්‍යේෂ්ඨ පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් පිරිසකට ගම් ප්‍රදේශවලට ස්ථාන මාරු ලබා නොදී නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් පිරිසකට සිය ගම් ප්‍රදේශ ආසන්නයට පත්වීම් ලබා දීමට විරෝධය පළ කරමිනි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 18ක වර්ජනය ක්‍රියාත්මක  වන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කරයි.

මේ හේතුවෙන් සායන 27ක් අවලංගු කිරීමට සිදුවී ඇති බවද ඇය ප්‍රකාශ කර සිටි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් වැඩ වරති..! | Lanka Newsweek