බන්ධනාගාර දෙපාර්තමේන්තුව අතිකාල වෙනුවෙන් පමණක් රුපියල් ලක්ෂ 9820 ක් වැය කරලා

බන්ධනාගාර දෙපාර්තමේන්තුව 2023 වර්ෂයේ සේවක වැටුප් හා අනෙකුත් දීමනා වලට අමතරව අතිකාල හා නිවාඩු දින දීමනා වෙනුවෙන් පමණක් රුපියල් ලක්ෂ 9820 ක් වැයකර තිබෙන බවත් එම මුදල 2022 වර්ෂයට සාපේක්ෂව රුපියල් ලක්ෂ…
බන්ධනාගාර දෙපාර්තමේන්තුව 2023 වර්ෂයේ සේවක වැටුප් හා අනෙකුත් දීමනා වලට අමතරව අතිකාල හා නිවාඩු දින දීමනා වෙනුවෙන් පමණක් රුපියල් ලක්ෂ 9820 ක් වැයකර තිබෙන බවත් එම මුදල 2022 වර්ෂයට සාපේක්ෂව රුපියල් ලක්ෂ 1060 ක වැඩි වීමක් බවත් ජාතික විගණන මහ ලේකම් කාර්යාලය සිදුකරන ලද විගණන පරීක්ෂණයකදී තහවුරු වී තිබේ.
මහා භාණ්ඩාගාරය 2023 ජනවාරි 27 දිනැති 01/2023 අයවැය චක්‍රලේඛණය මගින් අතිකාල දැඩි ලෙස පාලනය කර තිබූ තත්ත්වයක් තුල මෙතරම් මුදල් ප්‍රමාණයක් අතිකාල සදහා වැයකර තිබූ බවද විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබේ. වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාස පරිශ්‍රයන් තුල 2023 වර්ෂයේ සේවයේ යෙදවීම වෙනුවෙන් පමණක් බන්ධනාගාර නිලධාරීන් මිනිස් දින 234 ක් වැයකර තිබූ බවද එම විගණන වාර්තාවේ සදහන්ය. සිරකරුවන් බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාස පරිශ්‍රයන් තුල සේවයේ යෙදවීම් 2023 වර්ෂය තුල අවස්ථා 233 ක් වාර්තා වූ බවද ඒ සදහා සිරකරුවන් රැගෙන යෑමට අවස්ථා 62 කදී බන්ධනාගාර මූලස්ථානයේ සංචිත වාහන 09 ක් කිලෝ මීටර් 372 ක් ධාවනය කර තිබූ බවද එම විගණන වාර්තාව මගින් වැඩි දුරටත් පෙන්වා දී තිබේ.
2018 අංක 19 දරණ ජාතික විගණන පනත සහ 1971 අංක 38 දරණ මුදල් පනත අනුව ජාතික විගණන මහ ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 2023 වර්ෂයේ කටයුතු සම්බන්ධයෙන් සිදු කරන ලද විගණනයට අදාල විගණන මූල්‍ය ප්‍රකාශනයේ මේ බව සදහන් වේ. මත්දව්‍ය සම්බන්ධ වැරදි හේතුවෙන් බන්ධනාගාර ගත වන ප්‍රමාණය වැඩි වීම බන්ධනාගාර වල පවතින අසාමාන්‍ය තදබදයට හේතු වී තිබෙන බවත් මොවුන් බහුතරය මත්දව්‍ය වලට ඇබ්බැහි වූවන් වන නිසාවෙන් ඔවුන් කවර ආකාරයකින් හෝ බන්ධනාගාරය තුලදී මත්දව්‍ය ලබා ගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් බන්ධනාගාරයේ අරමුණු වලට ලගා වීම මෙන්ම බන්ධනාගාරයේ ආරක්ෂාව හා ක්‍රියාකාරිත්වයට ගැටළු මතු වී තිබෙන බවත් විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබේ. 2023 ජනවාරි 01 සිට අගොස්තු 27 දිනට මීගමුව බන්ධනාගාරයේ සමස්ථ රැදවියන් 2225 න් 1442 ක් මත්දව්‍ය වැරදි හේතුවෙන් සිරගත වූවන් බවත් එම ප්‍රමාණය 65% ක් බවත් විගණන වාර්තාව පෙන්වා දී ඇත. 2023 සැප්තැම්බර් 19 දක්වා කළුතර බන්ධනාගාරයේ මුළු රැදවියන් 1275 න් 885 ක් මත්දව්‍ය වැරදි හේතුවෙන් සිරගත වූවන් බවත් එම ප්‍රමාණය 69% ක් බවත් විමණන වාර්තාවේ සදහන්ය. අගුණකොලපැලැස්ස, කළුතර, මීගමුව බන්ධනාගාරවල පමණක් පොලීසිය රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යවන ලද මත්දව්‍ය වලට අදාල රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීමෙන් පමණක් රැදවියන් 1421 ක් රක්ෂිත බන්ධනාගාර වල සිටින බවද විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
දැන්වීම
පිළිගත් ජාත්‍යන්තර ප්‍රමිතීන් හා බන්ධනාගාර ආඥා පනතට අනුව රැදවියන්ගේ මානසික හා ශාරීරික යෝග්‍යතාවයට අනුව බන්ධනාගාර වල ඉඩ පහසුකම් තිබිය යුතු වුවත් බන්ධනාගාර ආයතන වාට්ටු 05 ක සිර වාට්ටු 62 ක වැඩිපුර රැදවියන් 2601 ක් රදවා තිබූ බවත් අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ වාට්ටු 12 ක රැදවියන් 127 ක් අඩුවෙන් රදවා තිබූ බවත් ජාතික විගණන මහ ලේකම් කාර්යාලය පෙන්වා දී තිබේ. නිසි සැලසුම් නොමැති මෙවන් ක්‍රියා හේතුවෙන් රජයේ මුදල් දැඩි ලෙස අවභාවිතා වන බවද බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කරයි.