බන්ධනාගාරගත වූවන්ටත් කොවිඩ් මර්දන දෙවන එන්නත
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) බන්ධනාගාරයන් හී රදවා සිටින රැදවියන් සඳහා කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් පාලන මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය. එහි මුලික…
(හේමන්ත තුසිත කුමාර)
බන්ධනාගාරයන් හී රදවා සිටින රැදවියන් සඳහා කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් පාලන මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.
එහි මුලික අදියර වශයෙන් වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් හට කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව අද (08) ලබා දීම ආරම්භ විය.කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැදවියන්ට සහ නව මැගසින් බන්ධනාගාරයේ රැදවියන්ට හෙට (09) කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමටද තීරණය කර ඇත.ඉදිරියේ දී දිවයිනේ අනෙකුත් බන්ධනාගාර වල රැඳවියන් සඳහා ද කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට සැලසුම් කර ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1