බටලන්දේ පලිය රනිල්ගෙන් ගත් හැටි

ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට හිටපු ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට අරන් රක්ෂිත බන්ධනාගාර ගතකරලා තියනවා.ඒ වාර්තාවට හිමිකම් කියන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ. රනිල්ට තියන චෝදනාව රාජ්‍ය දේපල අවභාවිතා…
ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට හිටපු ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට අරන් රක්ෂිත බන්ධනාගාර ගතකරලා තියනවා.ඒ වාර්තාවට හිමිකම් කියන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ. රනිල්ට තියන චෝදනාව රාජ්‍ය දේපල අවභාවිතා කිරීම සහ රජයට පාඩු සිදුකිරීම.පොදු දේපල පනත යටතේ තමයි රනිල්ට එරෙහිව නඩු පවරලා තියෙන්නේ.පොදු දේපල පනත යටතේ නඩු පැවරුවහම සුවිශේෂී හේතුවක් නැතිව ඇප නියම කරන්න විනිසුරුට තියෙන්නේ ඉතාමත් සීමිත ඉඩක්.
මෙතනදී රනිල්ට තියන රෝගී තත්වයන් සහ මෛත්‍රී වික්‍රමසිංහගේ රෝගී තත්වය ගැනත්,හෙට දවසේ රනිල්ගේ ඉන්දියානු සංචාරයක් ගැනත් විනිසුරුතුමියට කරුණු වාර්තා කරලා තිබුණා.අන්තිමට එළඹෙන 26 වෙනිදා දක්වා රනිල් රක්ෂිත බන්ධනාගාර ගතකළා.රනිල්ට අධිකරණයෙන් යුක්තිය ඉෂ්ඨ වෙයි කියන බලාපොරොත්තුව අපි කාටත් තියනවා." රනිල් අත්අඩංගුවට ගැනීමේ පැල්වත්තේ මෙහෙයුම " ලිපියෙන් පහුගිය 21 වෙනිදා රටේ රාළ රනිල් අත්අඩංගුවට ගැනීමට පැලවත්තෙන් දියත් කරපු මෙහෙයුම ගැන අනාවරණය කළා.
ඇත්තටම අදාළ තොරතුර රටේ රාළ ආවේ පහුගිය 20 වෙනිදා හවස.ඒ පැලවත්තේ විශේෂ මූලාශ්‍රයකින්.මේ මෙහෙයුම ගැන දැනගත් වහාම ඒ සම්බන්ධව විපක්ෂ මන්ත්‍රීවරුන් කීපදෙනෙක් දැනුවත් කළා.එහෙම කළේ රනිල් එක්ක හෝ එජාපය එක්ක හෝ සම්බන්ධයක් රටේ රාළට නැති හින්දයි.ලැබුණ තොරතුරට අනුව මේ මෙහෙයුමේ මහ මොළකරුවන් දෙදෙනා විදිහට ඉන්නේ ටිල්වින් සහ බිමල්.මුලදී අනූර මේ වැඩේට සියට සීයක් එකඟ නුනත් අවසන් මොහොතේ ඊට එකඟතාවය පල කරනවා.
දැන්වීම
මෙතනදී අනූරට උවමනා කරලා තිබුණේ කුමාර ජයකොඩිගේ සිද්ධිය සහ පහුගිය දවස්වල අනුරට එල්ලවුන ප්‍රෂ්මිකා සහ බෙනීටා සම්බන්ධ සාකච්ඡාව වෙනත් පැත්තකට හරවන්න.ඊට අමතරව රටේ මතුවෙලා තියන අර්බුකාරී වාතාවරණය සමිබන්ධයෙන් ජනතාවගේ අවධානයත් වෙන පැත්තකට ගෙනියන්න.ඒ වෙනුවෙන් රනිල් දංගෙඩියට යවන්න අනුර - ටිල්වින් - බිමල් කල්ලිය එකඟවෙනවා.මොකද හාල් මැස්සෝ කොටුකරලා මේ ප්‍රශ්න අමතක කරවන්න බෑ.ඒකෙන් මාලිමා පාර්ශවයට අනතුරු ඇඟවීමක් කරන්නත් පුළුවන්.
කොහොම හරි 21වෙනිදා උදේ සුදාගේ විඩියෝ එක එලියට එනවත් එක්ක රනිල් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ගැන සියල්ල රටට හෙලිවුනා.අනුර දේශපාලනය තෝරන්නේ තමන් වටේ ඉන්න ප්‍රාථමික ගණයේ යූ ටියූබ් කාරයෝ කීපදෙනෙක් එක්ක.ඒ අතර එක්කෙනක් තමයි ඔය සුදා.සුදා 21 වෙනිදා උදේ විඩියෝවක් කිව්වේ රනිල් 22 වෙනිදා දවස් 14 ක් ඇතුලට යනවා කියලයි.එහෙම නොවෙනවා නම් යූ ටියුබ් අවකාශයෙන් සුදා සමුගන්න බවත් කිව්වා.කොහොම උනත් සුදාගේ මේ ප්‍රකාශයෙන් අනුරගේ සහයෝගය ලැබුණ බව තහවුරු වෙනවා.
දැන් රනිල්ගේ නඩුකරය සම්බන්ධ ප්‍රශ්නය අධිකරණ හමුවේ තියන දෙයක්.මෙතනදී රටේ රාළ කතා කරන්නේ නඩුවේ නීත්‍යානුකූල පැත්ත ගැන නෙවෙයි.රටේ රාළට දැනෙන අමු දේශපාලන ඇත්ත ගැනයි.සාමාන්‍යයෙන් ලංකාවේ මේ දක්වා හිටපු ජනාධිපතිවරුන්ගෙන් වරප්‍රසාද අඩුවෙන්ම බුක්ති විදපු ජනාධිපති කෙනෙක් විදිහට රනිල් හදුනාගන්න පුළුවන්.රනිල් නිල නිවසක් අරගෙන නෑ.ඒ වගේම රනිල්ගේ නිවසත් රනිල්ගෙන් පස්සේ කොළඹ රාජකීය විද්‍යාලයට ලියලා තියනවා.ජවිපෙ මන්ත්‍රීවරු වගේ වැටුප් ගන්නේ නෑ කියකියා රනිල් හොරෙන් වැටුප් ගත්ත කෙනෙක් නෙවෙයි.
රනිල් තමන්ගේ වැටුප සමාජ යහපත වෙනුවෙන් යොදවපු කෙනෙක්.ඊළඟට පහුගිය 2022දී රට බංකොලොත් උන වෙලාවේ ඒ අභියෝගය බාර අරගෙන රට ගොඩදාලා දුන්න කෙනෙක්. රනිල්ට දිගටම තිබුණ චෝදනාව උනේ මහ බැංකුව මංකොල්ලය සහ බටලන්ද වධකාගාර ගැන චෝදනාව.ඒ චෝදනාවට තමයි රනිල්ට දඬුවම් දෙනවා කියලා ජවිපෙන් දිගටම කිව්වේ.හැබැයි අද දඩුවම් කරන්න හදන්නේ ජනාධිපති විදිහට නිල සංචාරයක් ගිහිල්ලා එන ගමන් තමන්ගේ නෝනගේ උපාධි ප්‍රධාන උත්සවයකට ගියා කියන එකට.
එතකොට එන පළවෙනි ප්‍රශ්නය රටේ ජනාධිපති විදිහට රනිල් කොහොමද එතෙන්ට යන්න ඕනි කියන එකයි.කොහොමද ඒ ඉර ගහලා වෙන් කරන්නේ.එහෙම ගත්තොත් අනුරගේ මුක්තිය ඉවර උනහම අනුරටත් අනිත් හිටපු ජනාධිපතිලා ඔක්කොටෝමත් ඉන්න වෙන්නේ හිරේ.ඒ අර්ථයෙන් අනූරගේ ජර්මන් සංචාරය බරපතල ප්‍රශ්න කාරී එකක්.ඊළඟට ඔයාලට මතක ඇති අනුර වියට්නාම් ගිහිල්ලා කාගෙද ජෙට් එකක නැගලා ආවා.හදුනෙත්ති World Economic Forum එකට ගිහින් සම්පුර්ණ වැඩේට ඉන්නේ නැතිව දවස් කීපයකින් ආවා.අනුර එතකොට පුද්ගලික ගමන් යන්නේ අතින් වියදම් කරගෙනද? ඒවාට භාවිතා කරන්නේ රජයේ දේපළ නෙවෙයිද?අනික අනුර පෞද්ගලික ගමන් යනකොට PSD එක එන්නේ නැද්ද?
එතකොට ඒ යන වියදම අනුර පෞද්ගලිකව දරනවාද?එහෙම කොහොමද අනුර මේක වෙන් කරන්නේ.ඒ වැඩ කොලයයි වියදම් වාර්තාවයි අනුර රටට ඉදිරිපත් කරන්න ඕනි.ජනාධිපතිගේ පෞද්ගලික සංචාර සහ නිල සංචාර වෙන් කරන්නේ කොහොමද කියලා අනුර රටට කියන්න ඕනි.ඇත්තටම අනුරලා බලය අරන් මේ යන්නේ රට හදන ගමනක් නෙවෙයි.වෛරය පිරිමහන ගමනක්.ඔයාලට මතක ඇති දකුණු අප්‍රිකාව හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා.
මැන්ඩෙලා අවුරුදු ගානක් හිරේ හිටියා,වර්ණ භේදවාදය නිසා අනන්ත අප්‍රමාණ පලිගැනීම්වලට ලක්වුනා.හැබැයි දකුණු අප්‍රිකාවේ බලය ගත්ත මැන්ඩෙලා කිසිසේත්ම මේ අනුරලා කරන හිරිකිත වැඩේට බැස්සේ නෑ.පලිගැනීමට බැස්ස ගමන් වෙන්නේ ඕක වැලක් වගේ ඉස්සරහට යනවා.මේ ප්‍රශ්නෙදී උනත් රනිල් පිළිගන්න පිරිසක් ඉන්නවා.රනිල්ට ආදරය කරන පිරිසක් ඉන්නවා.ඒ වගේම රනිල්ගෙන් කරන මේ පලිගැනීම වැරදියි කියලා හිතන මධ්‍යස්ථ පිරිසක් ඉන්නවා.
අනික ටිල්වින් මේ ගන්නේ 88/89 සන්නද්ධ අරගලයේ වඩුව. බටලන්දේ වෛරය තමයි මේ පිරිමහන්නේ.ජවිපෙට ඒක කොයිතරම් දුරට සාධාරණ උනත් 88/89 අරගලයේ හිටපු කෙනෙක් විදිහට රටේ රාළ ඒක අනුමත කරන්නේ නෑ.ඒ සටනේ දෙපැත්තෙන්ම වැරදි අනන්තවත් වුනා.ඒවා සියල්ල රනිල් පිටින් යවන්න බෑ.88/89 සියල්ල රනිල් පිටින් තියලා තෝරදෙනිරලාට මල්මාලා දාන ජවිපෙයක් තමයි අද තියෙන්නේ.ඒක නිසා කිසිම කෙනෙක් ඉතිහාසයේ තියලා පට්ට ගහන්න අපට අයිතියක් නෑ.රටේ රාළ රනිල් ගැන ඇඟයීමක් තියනවා.
ඒ 2022දී රනිල් මේ රට බාරගත්ත දවසේ පටන් අනුරට බාරදීලා යන තුරු රනිල් රටට කරපු සේවය ගැනයි.ඒ සේවයයි ඒ වෙනුවෙන් රනිල්ට කරලා තියන වියදමයි ගත්තොත් මේ රටම රනිල්ට ණය ගැතියි.ඒ වගේම අනුර දැන් ආසන්න වශයෙන් අවුරද්දක් මේ රට පාලනය කරලා තියනවා.ඒ අවුරුද්දට අනුර කරපු සේවයයි අනුරට කරපු වියදමයි ගත්තොත් අනුර මේ රටටවෙලා තියන ණය කල්පෙකටවත් ගෙවන්න බෑ.දැනට කරලා තියන විනාශයට දඬුවම් නියම කරනවා නම් අනුරට තව ආත්ම ගාණක් හිරේ ඉන්න වෙනවා.