අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

බංගලාදේශයට අන්ත පරාජයක්..!

බංගලාදේශයට අන්ත පරාජයක්..!

(නිලන්ති චන්ද්‍රසේන) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වී ඇත. මෙහිදී සංචාරක බංගලාදේශ කණ්ඩායම…

(නිලන්ති චන්ද්‍රසේන)

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම  සහ බංගලාදේශ කණ්ඩායම අතර  පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට්  තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වී ඇත.

මෙහිදී සංචාරක බංගලාදේශ කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 219කි පරාජය වී ඇත. 

මෙම තරගය ඇන්ටිගුවාවහිදී පැවති අතර පළමුවෙන් පහරදුන් බංගලාදේශ කණඩායම සියලුම ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 43ක් පමණි. මෙහිදී බංගලාදේශ කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සිමාව පසු කිරීමට නොහැකි විය.

මෙහිදී කෙමර් රෝච් ලකුණු 8කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වී ඇත.

පසුව පිළිතුරු ඉනිම සඳහා පිටියට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් පිළ සිය පළමු ඉනිමේදීම ලකුණු 406ක් විශිෂ්ට ලෙස ලබා ගැනීමට සමත් විය.මෙහිදී ක්‍රේග් බ්‍රත්වේට් ලකුණු 121ක් ලබා ගෙන තිබේ.

දෙවෙනි ඉනිම සඳහා පිටියට පැමිණි බංගලාදේශ කණඩායමට සියලුම ක්‍රීඩකයින් දැවී ලබාගැනීමට හැකි වුයේ ලකුණු 144ක් පමණි.

ඒ අනුව මේ වනවිට තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ  තරග 1ට 0ක් ලෙස කොදෙව් කණ්ඩායම ඉදිරියෙන් සිටී.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
බංගලාදේශයට අන්ත පරාජයක්..! | Lanka Newsweek