අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පෞද්ගලික දත්තවලට මුවා වෙලා තොරතුරු අයිතිය උදුරා නොගනු

පෞද්ගලික දත්තවලට මුවා වෙලා තොරතුරු අයිතිය උදුරා නොගනු

පෞද්ගලික දත්ත ආරක්ෂණ කෙටුම්පත මේ මොහොතේ සම්මත නොකරනු පනත ගැන පුළුල් සමාජ සංවාදයක් අවශ්‍යයි යෝජිත දත්ත අධිකාරිය ස්වාධීන නැහැ යෝජිත පෞද්ගලික දත්ත ආරක්ෂණ කෙටුම්පත සම්මත කර ගත යුත්තේ ඒ පිළිබද වන පුළුල්…

පෞද්ගලික දත්ත ආරක්ෂණ කෙටුම්පත මේ මොහොතේ සම්මත නොකරනු 

පනත ගැන පුළුල් සමාජ සංවාදයක් අවශ්‍යයි

යෝජිත දත්ත අධිකාරිය ස්වාධීන නැහැ  

යෝජිත පෞද්ගලික දත්ත ආරක්ෂණ කෙටුම්පත සම්මත කර ගත යුත්තේ ඒ පිළිබද වන පුළුල් සමාජ සංවාදයකින් අනතුරුව සියලු පාර්ශවයන් සමග ඇති කර ගන්නා වූ පොදු එකඟතාවය අනුව යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසොරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

අදාළ පනත් කෙටුම්පත සම්මත සම්මත කර  යුත්තේ තොරතුරු දැන ගැනීමේ අයිතියට සහ රටේ ජනමාධ්‍ය නිදහසට කිසිදු අවහිරතාවයක් ඇති නොවන ආකාරයටය බව ද එම නිවේදනයේ සඳහන් වේ.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

දැන්වීම

යෝජිත පෞද්ගලික දත්ත ආරක්ෂණ කෙටුම්පත සම්මත කර ගත යුත්තේ ඒ පිළිබද වන පුළුල් සමාජ සංවාදයකින් අනතුරුවය. එම කෙටුම්පත මේ මොහොතේ සම්මත නොකර ගත යුතුය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පෞද්ගලික දත්ත ආරක්ෂණ කෙටුම්පත ජන සමාජයේ සිදු කරන පුළුල් සංවාදයකින් සහ යෝජනා සලකා බැලීමකින් තොරව සම්මත කර ගැනීමෙන් වළකින ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රජයෙන් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන මහ ජන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටිමු.

මෙම පනත් කෙටුම්පත පසුගිය ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරඇති අතර, එමඟින් පෞද්ගලික දත්ත ආරක‍්ෂා කිරීම සඳහා නව නීති හඳුන්වාදීමට අපේක්ෂා කෙරේ. එකී අවශ්‍යතාවය කෙරෙහි අපද මූලික වශයෙන් එකඟ වන්නෙමු. නමුත් එම අවශ්‍යතාවය සම්පූර්ණ කළ යුත්තේ තොරතුරු දැන ගැනීමේ අයිතියට සහ රටේ ජනමාධ්‍ය නිදහසට කිසිදු අවහිරතාවයක් ඇති නොවන ආකාරයටය. 

එහෙත් යෝජිත මෙම පනත බලාත්මක වුව හොත් එම අයිතිවාසිකම්වලට සහ විශේෂයෙන්ම ජනමාධ්‍ය නිදහසට ඇති විය හැකි අනිටු විපාක කවරේ ද යන්න පිළිබදව ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අංශ ගණනාවක් සමාජයේ අවධානය යොමු කරවා තිබේ. 

ශ්‍රී ලංකා කර්තෘ සංසදය, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සේම රටේ ප්‍රමුඛ ජනමාධ්‍ය සංවිධානද ඇතුළු තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින සංවිධාන ගණනාවක්ද ඒ අතර වේ. එම සංවිධාන පෙන්වා දී ඇති කරුණු පිළිබඳව පුළුල් අවධානයක් සහ සංවාදයක් සිදු කිරීමෙන් පසු පොදු එකඟත්වයකින් පමණක් මෙවැනි පනත් සම්මත කර ගැනීමෙහි ඇති අවශ්‍යතාවය පිළිබඳව අපද සංවිධානයක් ලෙස දැඩි ලෙස පෙනී සිටින්නෙමු.

විශේෂයෙන්ම පෞද්ගලික දත්ත සහ පෞද්ගලික දත්තයන්හි ප්‍රභේද පිළිබඳව මෙම පනත් කෙටුම්පත මඟින් නිර්වචනය කර ඇති ආකාරය සේම යෝජිත දත්ත අධිකාරියට ලබා දීමට අපේක්ෂා කරන සුවිශාල බලය එම අධිකාරිය ස්වාධීන සහ නිදහස් ආයතනයක් ලෙස තහවුරු කර නොමැති පසුබිමක මෙම පනත් කෙටුම්පත මේ මොහොතේ සම්මත කර ගැනීම රටට බෙහෙවින් අහිත කර විය හැකිය.

එබැවින් අප මේ මොහොතේ රජයෙන් සහ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ අදාළ සෑම අංශයක් සමගම සිදු කරන්නාවූ පුළුල් සංවාදයකින් අනතුරුව ඇති කර ගන්නා එකගත්වයකින් විනා මෙම පනත මේ මොහොතේ සම්මත කර ගැනීමෙන් වැළකී සිටින ලෙසය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
පෞද්ගලික දත්තවලට මුවා වෙලා තොරතුරු අයිතිය උදුරා නොගනු | Lanka Newsweek