අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පොහොට්ටු ලේකම් අරගලකරුවන්ට අනතුරු ඇඟවයි

පොහොට්ටු ලේකම් අරගලකරුවන්ට අනතුරු ඇඟවයි

"මගේ නිවස වට කරන්න ආවොත් මම ගහනවා" "ගැහුවොත් ගහන එක අපේ පක්ෂයේ ප්‍රතිපත්තියයි" ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස වැටලූ ආකාරයට කවුරුන් හෝ සිය නිවස වැටලීමට පැමිණියහොත් තමා ඒ අයට පහර දෙන බව ශ්‍රී ලංකා…

"මගේ නිවස වට කරන්න ආවොත් මම ගහනවා"

"ගැහුවොත් ගහන එක අපේ පක්ෂයේ ප්‍රතිපත්තියයි"

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස වැටලූ ආකාරයට කවුරුන් හෝ සිය නිවස වැටලීමට පැමිණියහොත් තමා ඒ අයට පහර දෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහා ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා අනතුරු අඟවා සිටියි. 

කොළඹ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ජනමාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් මේ බව කියා සිටී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහා ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා එහිදී වැඩි දුරටත් අදහස් පළ කරමින් මෙසේ ද කියා සිටියේය.

"ජනාධිපතිතුමාගේ නිවස වටලපු ආකාරයට මගේ නිවස වටලන්න ආවොත් මම නම් ගහනවා. මට කවුරු හරි ගහන්න ආවොත් මම ගහනවා. ඒ වගේම මට ගැහුවොත් ඒත් මම ගහනවා. ගැහුවොත් ගහන එක අපේ පක්ෂයේ ප්‍රතිපත්තිය.."   

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පොහොට්ටු ලේකම් අරගලකරුවන්ට අනතුරු ඇඟවයි | Lanka Newsweek