පොහොට්ටු (අයිෂ්)චර්යයේ මාලිමාවේ කොටස

පසුගියදා ඉන්දුනීසියාවේ හැංගිලා ඉදිද්දී අත්අඩංගුවට අරන් මෙරටට ගෙනාපු සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙක් උන බැකෝ සමන් දුන්න ඔත්තුවකට අනුව අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා බවට සැකකරන රසායනික…
පසුගියදා ඉන්දුනීසියාවේ හැංගිලා ඉදිද්දී අත්අඩංගුවට අරන් මෙරටට ගෙනාපු සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙක් උන බැකෝ සමන් දුන්න ඔත්තුවකට අනුව අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා බවට සැකකරන රසායනික ද්‍රව්‍ය තොගයක් පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයක්ගේ ඉඩමක වළදමා තිබියදී හොයාගත්තා.මේ රසායන ද්‍රව්‍ය තිබුණ ඉඩමේ තිබිලා අවි ආයුධ ප්‍රමාණයකුත් හොයාගෙ තියනවා.
පොදුජන පෙරමුණ පැත්තෙන් අදාල සමාජිකයාගේ පක්ෂ සමාජිකත්වය තහනම් කරලා එයා සම්බන්ධව ඉක්මන් සහ විදිමත් පරීක්‍ෂණයක් කරලා රටට සත්‍ය හෙලිකරන්න කියන ඉල්ලම ආණ්ඩුවෙන් කරලා තියනවා.දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ ගැන සත්‍ය කරුණු රටට හෙලිකරන්න ඕනි. මෙතනදී පැහැදිලිවම පාර්ශව තුනක් ගැන අවධානය යොමුකරන්න වෙනවා.
එක පාර්ශවයක් තමයි ඉන්දුනීසියාවේ ඉඳන් අල්ලගෙන ආපු සංවිධානාත්මක අපරාධ කල්ලිය සහ එයාලත් එක්ක ගැටගැහිලා තියන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම.දෙවෙනි පාර්ශවය වෙන්නේ මේ සංවිධානාත්මක අපරාධ කල්ලිය එක්ක සම්බන්ධවෙලා රට ඇතුලේ ක්‍රියාත්මක වෙන බෙදාහැරීමේ ජාලය.තුන්වෙනි පාර්ශවය තමයි පහුගිය ජනවාරි මාසයේ සිද්ධවුන බහාලුම් වංචාව කරපු පාර්ශවය.
දැන්වීම
මේ රසායනික ද්‍රව්‍ය තොගය සහිත කන්ටේනර් දෙක ගිය අවුරුද්දේ වරායට ආපු දෙකක් වෙන්න ඕනි.සමහරවිට ගිය දෙසැම්බර් මාසයේදී පටන් වරායේ තදබදය නිර්මාණය කරන්නේ මේවා එළියට ගන්න වෙන්නත් පුළුවන්.ඒ වගේම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම හරහා නිකුත් කරන මේවා ගැන ජාත්‍යන්තර බුද්ධි සේවාවලින් තොරතුරු එන්නේ නැද්ද?අපේ බුද්ධි අංශ වරාය සහ රේගුව ඇතුලේ ක්‍රියාත්මක නැද්ද?
ඊළඟ කාරණය තමයි පොලොවේ වලදාලා තිබුණ මේ රසායනික ද්‍රව්‍ය අයිෂ් හදන්න හාවිතා කරන ඒවාද?එහෙම නම් මේවා පොළොවේ වල දායිද?නැත්තං මේවා අදාල රසායනික ද්‍රව්‍යවලට ආවාරණ සපයපු වැඩකට නැති දෙයක් වෙන්න බැරිද?ඊළඟට ඒ අවට ආයුධ හංගන්න ඒ පුද්ගලයාට තියන අවශ්‍යතාවය මොකද්ද?රටේ රාළට නං හිතෙන්නේ ආයුධ හොයාගැනීම චිත්‍රපටියක් කියලයි.ආණ්ඩුව මේ හොයාගත්ත රාසායනික ද්‍රව්‍යවලින් තමයි අයිෂ් හදන්නේ කියන වැරදි නිගමනය මත හදපු චිත්‍රපටියක් මේක.
මේ වල දාලා තියෙන්නේ අයිෂ් හදන්න යොදාගන්න රසායනික ද්‍රව්‍ය නොවුනත් මේවා ඇතුලේ ඒ අවශ්‍ය රසායනික ද්‍රව්‍ය අසුරලා තිබුණා කියන එක නම් පැහැදිලියි.ඒවා දැන් අදාල ගමනාන්තයට ගිහින් පාරිභෝගිකයන් අතට ගිහිනුත් ඇති.කොහොම හරි මේ කන්ටේනර් දෙක ඇතුලේ අයිෂ් මත්ද්‍රව්‍ය නිපදවීමට අදාල රසායනික ද්‍රව්‍ය තිබීමෙන් වර්තමාන රේගු අධ්‍යක්ෂ ජෙනරාල් සීවලී ඇරුක්ගොඩගේ සළුපට ගැලවිලා අහසට විසිවෙලා ඉවරයි.
සීවලී අරුක්ගොඩ පහුගිය කන්ටේනර් 323 සම්බන්ධව කරපු මාධ්‍ය සාකච්ඡාවකදී කිව්වේ රේගුව හරහා කිසිසේත්ම අවි ආයුධ, මත්ද්‍රව්‍ය වගේ දේවල් රටට එන්නේ නෑ කියලයි.රතු ලේබල් යටතේ නිකුත් කරපු කිසිම කන්ටේනරයක ඒ වගේ නීති විරෝධී දේවල් ආවේ නෑ එයාලට ආනයනකරුවන් විශ්වාසයි කියලත් කිව්වා.දැන් ඔන්න බඩු ඇවිත් තියනවා.එතකොට සීවලී අරුක්ගොඩ කියන්නේ පට්ටපල් බොරු බව රට ඉස්සරහා ඔප්පුවෙලා ඉවරයි. දැන් සිවලී අරුක්ගොඩ රට ඉස්සරහා නිරුවත්වෙලා ඉවරයි.
ඊළඟට මෙතන තියන ප්‍රශ්නය මේ කන්ටේනර් දෙක අර කියන ප්‍රශ්නගත කන්ටේනර් එක්ක පිටවුන ඒවද කියන එකයි.පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියලා තිබුණේ ඒ පිටකරපු බහාලුම් 323 අතරට මේ දෙක වැටෙන්නේ නෑ කියලා.ඒ කතාව කියන්න පොලිස් මාධ්‍ය ප්‍රකාශකට මාර ඉක්මනක් සහ උනන්දුවක් තිබුණා.හැබැයි ඒක පට්ට මෝඩ කතාවක්.ඒකෙන් කියනවා දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහාලුම් 323ක ගැන සියල්ල අදුරගෙන ඉවරයි කියලා.ඒ කියන්නේ දැන් ඒවා රටට දෙන්න පුළුවන්.
මෙතන ගන්න ඕනි මේ දෙක ඒ 323ට අයිතිද කියන එක නෙවෙයි. මේ කන්ටේනර් දෙකත් වරායේ ඇතිවුන තදබදය ඇතුලේ එලියට ගිය දෙකක්ද කියන එකයි.මේ දෙකත් අනුර සහෝදරයාගේ අණ පරදි,බිමල් සහෝදරයාගේ උපදෙස් පරිදි ජනවාරි 18 වෙනිදායින් පස්සේ පිටවුන එකක් නං ඒ සාක්ෂිය හොඳටෝම ප්‍රමාණවත්. සීවලී අරුක්ගොඩ කිව්වේ ජනවාරි 18 තීරණය කරලා ජනවාරි 29 වෙනිදා සිට පෙබරවාරි 02වෙනිදා දක්වා බහාලුම් නිදහස් කළා කියලයි.
හැබැයි ඒ බහාලුම් නිදහස් කරන්න ඉස්සෙල්ලා back date කරලා බහාලුම් කීපයක් නිදහස් කරපු බව අනුර පත්කරපු කම්ටු වාර්තාවේ තියනවා.මේ බහාලුම් දෙක රේගුවෙන් නිදහස් කරලා තියෙන්නේ ජනවාරි 27වෙනිදා කියලා ඇතැම් මාධ්‍ය වාර්තා කරලා තිබුණා.රේගුවෙන් 27 මේ කන්ටේනර් දෙක නිදහස් කළේ මොන වර්ගීකරණයට අනුවද කියන ප්‍රශ්නය ඊළඟට එනවා.යම් විදිහකින් මේ කන්ටේනර් දෙක " කොල " විදිහට ලේබල් වුනා නම් 28 හෝ 29 Clear කරගන්න පුළුවන්.
හැබැයි මෙතන ආයෙත් ප්‍රශ්නයක් එනවා.මේ කන්ටේනර් දෙක ඇතුලේ තියෙන්නේ ඇඟළුම් වගේ දෙයක් නෙවෙයි.මේවා ඇතුලේ තියෙන්නේ රසායනික ද්‍රව්‍ය.ඒක නිසා මේවා දම් හෝ රතු විදිහට ලේබල් වෙන්න ඕනි.දම් හෝ රතු විදිහට ලේබල් කරන නිසා එහෙනම් මේවා අනිවාර්ය පරීක්ෂාවට ලක්වෙන්න ඕනි.එහෙම පරීක්ෂාවට ලක්වුනා නං මේවා රේගුවේදීම අහුවෙන්න ඕනි.ඒ කියන්නේ මේවා පරීක්ෂාවට ලක්වෙලා නෑ කියන එකයි.නැත්තං පරීක්ෂාවට ලක්වෙලා බඩු බව දැන දැනම එලියට දුන්නා කියන එකයි
දැන් මේවා එක්කෝ 323ට අයිති ඒවා.නැත්තං back date කරලා පිට කරපු එවා.ඒත් නැත්තං 323+2ට අයිති ඒවා වෙන්න ඕනි.මේ මොන කැටගරියට අයිති උනත් මේවා නීති විරෝධී විදිහට රේගුවෙන් පන්නපු ඒවා.දැන් ඇත්තටම රේගුවේ හොරකම මාට්ටුවෙලා ඉවරයි.ඒක නිසා මේ කන්ටේනර් පිටකිරීමේ වගකීම රේගුව බාර ඇමති විදිහට අනුර ඇතුළු ආණ්ඩුවටත් රේගු නිලධාරීන්ටත් බාරගන්න වෙනවා.අපි මේ කතා කරන්නේ කන්ටේනර් දෙකක් ගැන විතරයි.එතකොට අර කන්රේනර් 323නේ මොනවා තියෙන්න බැරිද?මොනවා තිබුණත් ඒවා නිතිවිරෝධී භාණ්ඩ.ඒක නිසා මෙතන රටට ආදායම් අහිමිවීමක් විතරක් නෙවෙයි මහා සමාජ ඛේදවාචකයකුත් නිර්මාණයවෙලා තියනවා.
ඒක නිසා දැන්වත් මේ ආණ්ඩුව මේ කන්ටේනර් දෙක ඇතුළු අනිත් කන්ටේනර් 323 ගෙන්නුවේ මොන රටින්ද සහ ගෙන්නුවේ මොන සමාගම්වලින්ද කියලා රටට කියන්න ඕනි.
මේ තදබදය ඇතුලේ නිති විරෝධී විදිහට බහාලුම් පිට කිරීමේ ප්‍රශ්නයත් එක්ක වරාය නියෝජ්‍ය ඇමති රුවන් කිව්වේ මේ කන්ටේනර්වලට නීති විරෝධී මොනවා හරි තිබුනොත් ඒ වගකීම ආණ්‌ඩුව බාරගන්නවා කියලයි.ඒක නිසා මේ කන්ටේනර් මඟඩියේ ආණ්ඩුවේ කොටස විශාල බව පැහැදිලියි.ඒ විතරක් නෙවෙයි මේවා එලියට ගියාට පස්සේ සිද්ධවෙලා තියන මේ සමාජ ඛේදවාචකයයේ ලොකුම පංගුව තියෙන්නේ මේ ආණ්ඩුවච.ඒ නිසා කවදාහරි දවසක මේ සිද්ධියට අදාලව මේ ආණ්ඩුවේ ලොක්කෝ ගොඩ දෙනෙකුට ජම්පර් අඳින්න වෙනවාමයි.
ඒ වගේම අපේ රටේ ජනතාවට විවෘත නැති අදුරු කලාප ගණනාවක් තියනවා.ඒ කලාපවලින් ප්‍රධාන එකක් තමයි රේගුව. ඇත්තටම රට ඇතුලේ සිද්ධ වෙන මේ වගේ වංචාවලට සහ සමාජ ඛේදවාචකවලට රේගුවේ අනිවාර්ය සම්බන්ධයක් තියන බව දැන් ඔප්පුවෙලා තියනවා.රේගුව අනුර යටතේ තිබුණා කියලා ජනතාවට හැදෙන්න ඕනි විවෘතභාවය හැදිලා නෑ.වෙලා තියෙන්නේ තිබුණ අඳුරු කලාපය කළු කුහර බවට පත්වීම විතරයි.