අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පොහොට්ටුවේ මීළඟ ජනපති අපේක්ෂකයා රනිල් ද..?

පොහොට්ටුවේ මීළඟ ජනපති අපේක්ෂකයා රනිල් ද..?

ඉදිරි ජනාධිපතිවරණයකදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇති ඇතැයි බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. කංචන…

ඉදිරි ජනාධිපතිවරණයකදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇති ඇතැයි බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

කංචන විජේසේකර අමාත්‍යවරයා මේ බව කියා සිටියේය සඳුදා (03) රාත්‍රී "TV දෙරණ" ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහන සමග එක්වෙමිනි. 

"අනිවාර්යෙන්ම ජනාධිපති අපේක්ෂකයා ගැන කතා වෙනවා. මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැවත වතාවක් ජනාධිපතිවරයා බවට පත් කළ යුතුයි කියන මතයක් අපේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම අතර තියෙනවා. මම හිතන්නේ නෑ ඒකේ වැරැද්දක් තියෙනවා කියලා. අපි දන්නේ නෑ ඊළඟ මැතිවරණය කුමක් ද කියලා. ජනාධිපතිවරණයක් නම් ලැබෙන්නේ, අපි ඒ සඳහා ඒ අවස්ථාවේ දී පක්ෂයක් හැටියට සුදුසුම හොඳම පියවර ගන්නවා."

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පොහොට්ටුවේ මීළඟ ජනපති අපේක්ෂකයා රනිල් ද..? | Lanka Newsweek