අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පොහොට්ටුවට එරෙහිව කෙහෙළියගෙන් ස්වාධීන කණ්ඩායමක්

පොහොට්ටුවට එරෙහිව කෙහෙළියගෙන් ස්වාධීන කණ්ඩායමක්

(රංජිත් ගුණවර්ධන) ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙකු වන මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පළාත් පාලන මැතිවරණය සදහා යටිනුවර මැතිවරණ කොට්ටාශයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එරෙහිව…

(රංජිත් ගුණවර්ධන)

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙකු වන මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පළාත් පාලන මැතිවරණය සදහා යටිනුවර මැතිවරණ කොට්ටාශයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එරෙහිව ඔහුගේ ආධාර කරුවන් පිරිසක්  ස්වාධින කණ්ඩායමක් ඉදිරිපත් කොට තිබේ.

එම ස්වාධීන කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයට,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව කටයුතු නොකර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එරෙහිව සිය මැතිවරණ ව්‍යාපාරය මේ වන විටත් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා යටිනුවර මැතිවරණ කොට්ටාශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක  ධුරය බලාපොරොත්තු වුවද එම තනතුර ඔහුට නොලැබීම නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද අවම කිරීමට මෙසේ ස්වාධීන කණ්ඩායමක් කරන්නට ඇතැයි යටිනුවර මැතිවරණ කොට්ඨාශයේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පොහොට්ටුවට එරෙහිව කෙහෙළියගෙන් ස්වාධීන කණ්ඩායමක් | Lanka Newsweek