අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පොලිස් සහතික ගන්න NPP ප්‍රජා පොලිස් කමිටු සභාපතිගේ චරිත සහතිකය ඕනේ - විපක්ෂ නායක සාක්ෂි සහිතව පෙන්වයි

පොලිස් සහතික ගන්න NPP ප්‍රජා පොලිස් කමිටු සභාපතිගේ චරිත සහතිකය ඕනේ - විපක්ෂ නායක සාක්ෂි සහිතව පෙන්වයි

පොලිස් ඇමතිවරයා පැවසූ ආකාරයට ප්‍රජා පොලිස් කමිටුවේ සභාපතිවරුන්ගේ නිර්දේශ චරිත සහතික ලබා ගන්න අවශ්‍ය නැති බව පැවසුවත් මාතර කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹල්ගොඩ ග්‍රාමනිලධාරී වසමේ…

පොලිස් ඇමතිවරයා පැවසූ ආකාරයට ප්‍රජා පොලිස් කමිටුවේ සභාපතිවරුන්ගේ නිර්දේශ චරිත සහතික ලබා ගන්න අවශ්‍ය නැති බව පැවසුවත් මාතර කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹල්ගොඩ ග්‍රාමනිලධාරී වසමේ කංකානම් පතිරණගේ අනුරාධ මධුශංකට පෞද්ගලික අංශයේ රැකියාවක් ලබා ගැනීමට හක්මන පොලිස් ස්ථානයෙන් පොලිස් සහතිකය ඉල්ලා සිටින විට ග්‍රාම නිලධාරී වාර්තාවට අමතරව ප්‍රජා පොලිස් කමිටු සභාපතිවරයා වන පී. රාමවික්‍රම මහතාගේ චරිත සහතිකය අවශ්‍ය බවට පවසා ඇති බවත් මේ සහතික ලබා දුන් පසුව පොලිස් සහතිකය ලබා දී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඊට අමතරව කඹුරුපිටිය පොලිසියේ ලේනබටුව ග්‍රාමනිලධාරී වසමේ 317 සී ලිපිනයේ පදිංචි ඩී. ජී. දෙනෙත් නම් තරුණයා පොලිස් වාර්තාව ඉල්ලා සිටින විට ප්‍රජා පොලිස් කමිටුවේ සම්පත් වික්‍රමසිංහ මහතා හෙවත් එම ගමේ ජාතික ජන බලවේග සභාපතිවරයාගේ චරිත සහතිකය පවා ඉල්ලා ඇති බවත් තවම මොවුන්ගේ පොලිස් සහතික ලබා දී නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ කරුණු සියල්ල තමා වගකීමෙන් ඉදිරිපත් කරන බවත් මේවා ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදයට ද පොලිස් රාජ්‍යයක් ඇති කිරිමට ද කියා ගැටලුවක් ඇති බවත් ගමේ ඇති සියලුම සමිතිවල තනතුරු එක පක්ෂයකට සම්බන්ධ කර ගෙන ඒකාධිපතිවාදය ක්‍රියාත්මක කරන්න මොවුන් උත්සාහ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පොලිස් සහතික ගන්න NPP ප්‍රජා පොලිස් කමිටු සභාපතිගේ චරිත සහතිකය ඕනේ - විපක්ෂ නායක සාක්ෂි සහිතව පෙන්වයි | Lanka Newsweek