පොලිස් ලොක්කන්ට එරෙහිව පොලිස් පොඩ්ඩන් පෙරට

(සුදත් සංජය ) උපසේවා නිලධාරීන් ලෙස පොලිස් සේවයට එක්වූ නිලධාරීන් 2006 වසරේදී පොලිස් නිත්‍ය සේවයට බදවා ගනු ලැබුවද ඒ අය පොලිස් උප සේවයේ සේවය කළ වසර 15ට අසන්න කාලය සලකා බලා උසස්වීම් ලබාදීමට කටයුතු…
(සුදත් සංජය )
උපසේවා නිලධාරීන් ලෙස පොලිස් සේවයට එක්වූ නිලධාරීන් 2006 වසරේදී පොලිස් නිත්‍ය සේවයට බදවා ගනු ලැබුවද ඒ අය පොලිස් උප සේවයේ සේවය කළ වසර 15ට අසන්න කාලය සලකා බලා උසස්වීම් ලබාදීමට කටයුතු නොකිරීම පිළිබදව ජාතික පොලිස් කොමිසමට සහ පොලිස්පතිවරයාට එරෙහිව මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට පොලිස් උප සේවයේ නිත්‍ය සේවයට එක්වූ නිලධාරීන් තීරණය කොට තිබේ.
ශ්‍රී ලංකා පොලිසියේ යෝජිත උසස්වීම් ක්‍රමවේදය නිසා තමන්ට විශාල අසාධාරණයක් සිදු වන බව පවසමින් එම මුලික අයිතිවසිකම් පෙත්සම ඉදිරිපත්කිරීමට ඔවුන් තීරණය කොට ඇති අතර අදාල උසස්වීම් ලබා දීමේ ක්‍රමය අනුව පොලිස් උප සේවයේ සිට පොලිස් නිත්‍ය සේවයට බදවා ගනු ලැබූ නිලධාරීන්ට විශ්‍රාම යන තෙක්ම එකම තනතුරේ රැදී සිටිමට සිදුවී ඇති බවද වාර්තා වේ