පොලිස්පති ආණ්ඩුව පාවා දෙයි

" මහජන නියෝජිතයින්ගේ ආරක්ෂාව ඉවත් කිරීම සිදු කරනු ලැබුවේ රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් මතයි.මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව ඇගයීම් සිදු කොට වාර්තා අවසන් කර අවසන්." - පොලිස්පති ප්‍රියන්ත විරසූරිය.…
" මහජන නියෝජිතයින්ගේ ආරක්ෂාව ඉවත් කිරීම සිදු කරනු ලැබුවේ රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් මතයි.මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව ඇගයීම් සිදු කොට වාර්තා අවසන් කර අවසන්." - පොලිස්පති ප්‍රියන්ත විරසූරිය.
රටේ රාළගේ සටහන.
පොලිස්පතිතුමා මේ ප්‍රකාශය කරන්නේ අද (31) පාර්ලිමේන්තුවට කැඳවු අවස්ථාවේ. එතනදී මහජන නියෝජිතයින්ගේ ආරක්ෂාව සම්බන්ධ විමසපු අවස්ථාවේ. පොලිස්පතිට අනුව එතෙක් මන්ත්‍රීවරුන්ට ලබාදී තිබුණ ආරක්ෂාව දේශපාලන තීරණයක් මත ඉවත් කරලා තියනවා.
දැන්වීම
හැබැයි ඒක බලපෑවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පමණයි. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට විතරක් නෙවෙයි ආණ්ඩුවට කඩේ ගිය අයටත් ආරක්ෂාව දීලා තියෙන හැටි අපි පහුගිය දවස්වල දැක්කා. ඇත්තටම පොලිස්පතිතුමා මේ කියන්නේ දේශපාලන පලිගැනීමක් ගැනයි.
දේශපාලන තීරණයක් මගින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ආරක්ෂා කරද්දී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවත් කරනවා. ඒ සංවිධානාත්මක අපරාධයක්. දේශපාලන පලිගැනීමක්
මෙහෙම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවත් කරද්දී ඒ අයගේ ආරක්ෂාව සම්බන්ධව පොලිසියට තිබුණ අඟයිම් වාර්තාව මොකද්ද? ඒ මොහොත වෙනකොට පොලීසියේ අඟයිම අනුව කිසි කෙනෙකුට ආරක්ෂාව අවශ්‍ය උනේ නැද්ද?
එහෙමත් නැත්තං ආණ්ඩුව දේශපාලන පලිගැනීම ඉස්සරහා පොලීසිය කට වහගෙන හිටියාද? දැන් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධ අඟයිම් අවසන් නම් තවමත් එයාලට ආරක්ෂාව අවශ්‍ය නැද්ද? අවශයයි නම් විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලම් එනකම් හිටියේ එහෙම තර්ජනයක් නැති නිසාද?
එකවරම දැන් ආරක්ෂාව දෙනවා නම් විපක්ෂයට එකවරම ආ තර්ජණය මොකද්ද? පාතාලයද? නැත්තම් රාජ්‍ය ත්‍රස්‌තවාදයද?