පොදු විපක්ෂයට සියලු දෙනා එකතු විය යුතුයි

තිරය පිටුපස සිට කොළඹ බලය ගන්න වැඩ කළ යුතුයි විදුලි බිල වැඩි නොකරන්න නිලධාරීන් IMF එක්ක කතා කරන්න ඕනෑ. -රවි කරුණානායක- ආණ්ඩුවට එරෙහි පොදු විපක්ෂයට විපක්ෂයේ සියලු බලවේග එකට ඒකරාශී විය යුතු යැයි එක්සත්…
තිරය පිටුපස සිට කොළඹ බලය ගන්න වැඩ කළ යුතුයි
විදුලි බිල වැඩි නොකරන්න නිලධාරීන් IMF එක්ක කතා කරන්න ඕනෑ.
-රවි කරුණානායක-
ආණ්ඩුවට එරෙහි පොදු විපක්ෂයට විපක්ෂයේ සියලු බලවේග එකට ඒකරාශී විය යුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.
කොළඹ මහා නගර සභාවේ බලය පිහිටු වීමට විපක්ෂයේ සියලු බලවේග එකට එක්ව තිරය පිටුපස සිට ක්‍රියා කළ යුතු යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පෙන්වා දෙයි.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ, කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
දැන්වීම
යම් අය සද්ද කරගෙන ගිහිල්ලා ඔලුව බිම ගහගන්නවා. හරි වෙලාවට පොදු පක්ෂයක් එකතු වෙලා හරි තැනට ඒවි කොළඹට ලැබුණු ප්‍රතිඵලය අනුව පොදු විපක්ෂයක් හැටියට කටයුතු කළ යුතුයි. මෙතරම් මන්ත්‍රීවරු රටට ඔරොත්තු දෙන්නේ නෑ. මේ ක්‍රමයවැරදියි රටක් ඉදිරියට ගෙනියන්න සුරංගනා කතා නොකියා රට ඉදිරියට නිදියන්නේ කොහොමද කියලා වැඩ කටයුතු කළ යුතුයි
IMF එක කියන විදියට කරන්න ඕන නෑ අපිට පුළුවන් විදියට කරල පෙන්නුවාම ඇති.රටින් ලුණු ගෙන්වන්න අවශ්‍ය නෑ. ලුණු වලට ස්ථාවර මිලක් නියම කළ යුතුයි. වාහන ගෙන්වීම කළ යුත්තේ ද ජනතාව රැක ගැනීම සඳහායි. රටේ දැවෙන ප්‍රශ්නයක් ජනතාවගේ නිවාස ගැටලුව ගැන මම පාර්ලිමේන්තුවේ කතා කරා. නිවාස ලබා ගන්න ක්‍රමයක් යෝජනා කළා.ආණ්ඩුවත් ඒක පිළිගත්තා.
අද පොළී අනුපාතය වැඩි වෙලා තියෙනවා බිලියන 3000ක් මේ පොලී අනුපාතයත් එක්ක රට ගෙනියන්න අමාරුයි.අඩු පොලී අනුපාතයක් සමඟ රට ගෙනියන්න ඕන. පකිස්ථානයට ණය දෙන්න පුළුවන් නම් අපේ රටේ ආයෝජනය වැඩි කර ගන්න උදව් කරන්නේ නැත්තේ ඇයි..? දැනට රටවල් දාහතක් සමග කතා කරලා බදු බදුපාතය අඩු කර ගෙන තිබෙනවා. අපිත් ඇමරිකාව සමග කතා කළ යුතුයි අපි අපේ අපනයනය ආරක්ෂා කරගත්තුතුයි