අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පේරාදෙණිය ඉංජිනේරු පීඨය යළි විවෘතයි..!

පේරාදෙණිය ඉංජිනේරු පීඨය යළි විවෘතයි..!

සිසු ගැටුමක් හේතුවෙන් වසා දැමුණු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතු අද (27) ආරම්භ කෙරිණි. සනාථන මණ්ඩලය සහ පීඨාධිපතිතුමාගේ ඉල්ලීම පරිදි මෙලෙස යළි ඉංජිනේරු පිඨයේ අධ්‍යයන කටයුතු…

සිසු ගැටුමක් හේතුවෙන් වසා දැමුණු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතු අද (27)  ආරම්භ කෙරිණි.

සනාථන  මණ්ඩලය සහ පීඨාධිපතිතුමාගේ ඉල්ලීම පරිදි මෙලෙස යළි ඉංජිනේරු පිඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ කළ බව උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා සඳහන් කරයි.තවද පසුගිය 20 වනදා වසා දැමුණු තවත් පීඨ කිහිපයක්ද අද දින අධ්‍යයන කටයුතු ආරම්භ කර ඇත. එනම්  කළමනාකරණ, සම සෞඛ්‍ය, පශු වෛද්‍ය සහ ශාස්ත්‍ර පීඨයේ පළමු ,දෙවන සහ තෙවන වසරවල අධ්‍යයන කටයුතු මෙලෙස ආරම්භ කර ඇත.

පසුගිය ජජුලි මස 27 වනදා පැමිණීම සම්පුර්ණ නොකළ සිසුන් සිවු දෙනෙකුට විභාගයට පෙනී සිටීමට  අවස්ථාව ඉල්ලා ආරම්භ කළ එම විරෝධතාව හේතුවෙන් මාස දෙකක මෙලෙස විශ්වවිද්‍යාලය වසා දැමීමට පාලන අධිකාරිය තීරණය කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පේරාදෙණිය ඉංජිනේරු පීඨය යළි විවෘතයි..! | Lanka Newsweek