පුවක්දණ්ඩාවේ සනා සහ මාලිමා සම්බන්ධය ගැන තවත් ඔත්තුවක් - මේපාර ඩී.වී චානකගෙන්

පහුගිය දා අත්අඩංගුවට ගන්නා ලද පුවක්දණ්ඩාවේ සනා නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා ජාතික ජන බලවේගයේ ප්‍රබල ආධාරකරුවෙක්.ජනාධිපතිවරයා ඔහුගේ නිවසෙන් ආහාර ගත්තේ යැයි විමල් වීරවංශ මහතා පවසන කාරණාය සත්‍ය…
පහුගිය දා අත්අඩංගුවට ගන්නා ලද පුවක්දණ්ඩාවේ සනා නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා ජාතික ජන බලවේගයේ ප්‍රබල ආධාරකරුවෙක්.ජනාධිපතිවරයා ඔහුගේ නිවසෙන් ආහාර ගත්තේ යැයි විමල් වීරවංශ මහතා පවසන කාරණාය සත්‍ය අසත්‍යතාවය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා නමුත් පුවක්දණ්ඩාවේ සනා ජාතික ජන බලවේග ප්‍රබල ආධාරකරුවෙක් බව එම ප‍්‍රදේශයේ මන්ත‍්‍රීවරයෙකු විදිහට තමන්ට සනාථ කළ හැකි සාක්ෂි තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසනවා.
මත්ද්‍රව්‍ය ප්‍රවාහන කළ චෝදනා මත අත්අඩංගුවට ගන්නා ලද පුවක්දණ්ඩාවේ සනා එදිනම රක්ෂිත බන්ධනාගාරගත කළ බවත්,මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගන්නා ලද වෙනත් පුද්ගලයන් රැඳවුම් නියෝග ලබාගෙන දීර්ඝව ප්‍රශ්න කරමින් සිටින බව ප්‍රසිද්ධ රූපවාහිනී සංවාදයකදී ඩී.වී. චානක වැඩිදුරටත් සඳහන් කළා.
■ රටේ රාළගේ සටහන.
දැන්වීම
විමල් වීරවංශ පුවක් දණ්ඩාවේ සනා සහ අනුර කුමාර අතර තියනවා කියපු සම්බන්ධය තහවුරු කරගන්න ප්‍රබල සාක්ෂියක් තමයි ඩීවී චානක මේ කියන කතාව.
ඩීවී චානක කියන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරයෙක්.
එයා කියනවා පුවක් දණ්ඩාවේ සනා ප්‍රබල මාලිමා ආධාරකරුවෙක් කියන්න සාක්ෂි එයා ළඟ තියනවා කියලා.
තකහනියේ කොළඹ ඉන්න විමල් තංගල්ලට කැදවලා පුවක්දණ්ඩාවේ සනා සහ අනුර අතර සම්බන්ධය ගැන ප්‍රශ්න කරපු තංගල්ල අපරාධ විමර්ශන කොට්‌ඨාසයට දැන් ඒ දිස්ත්‍රික්කයේම කෙනෙක්ගෙන් ඒක තහවුරු කරගන්න පුළුවන්.
රටේ රාළ හිතනවා වහාම ඩීවී චානකත් තංගල්ල අපරාධ විමර්ශන කොට්‌ඨාසය කැඳවලා ප්‍රශ්න කරයි කියලා.
මොකද ඩීවී චානක නගන චෝදනාව ඇතුලේ බරපතල සැකයක් මතුවෙන කාරණයක් තියනවා.
ඒ සා විශාල මත්ද්‍රව්‍ය තොගයක් ගෙනාපු පුවක්දණ්ඩාවේ සනා රදවාගෙන ප්‍රශ්න නොකර එදාම ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරා කියලා ඔහු කියනවා.
එම චෝදනාවලට පහුගිය දවස්වල අහුවුන අනිත් සියලු සැකකාරයෝ රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට යොමු කරලා තියනවා.
එතකොට පුවක් දණ්ඩාවේ සනා එහෙම යොමු නොකලේ මාලිමාව ඒක්ක තියන සම්බන්ධය නිසාද කියන සැකය මෙතන තියනවා.
දැන් වහාම තංගල්ල අපරාධ විමර්ශන කොට්‌ඨාසය ක්‍රියාත්මක වෙන්න ඕනි.