පුනරුද අයවැයේ දේශපාලන නිරුවත

ජනාධිපති අනුර මුදල් ඇමති විදිහට 2025 අයවැය ඉදිරිපත් කළා.අනුර කුමාර ලස්සන අයවැය කතාවකුත් කළා.අනුර තමන්ගේ අයවැයේ පදනම විදිහට පෙන්නුවේ තමන්ගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ ඒ ප්‍රතිපත්තිවලට ප්‍රවේශවීමේ…
ජනාධිපති අනුර මුදල් ඇමති විදිහට 2025 අයවැය ඉදිරිපත් කළා.අනුර කුමාර ලස්සන අයවැය කතාවකුත් කළා.අනුර තමන්ගේ අයවැයේ පදනම විදිහට පෙන්නුවේ තමන්ගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ ඒ ප්‍රතිපත්තිවලට ප්‍රවේශවීමේ පිලිබිඹුව මේ අයවැය විදිහටයි.කර්මාන්ත,සේවා සහ කෘෂිකාර්මික අංශවල නිෂ්පාදනයේ වර්ධනය,ඒ සදහා ජනතා සහභාගීත්වය සහ නිෂ්පාදනයේ වර්ධනයන් සහ ප්‍රතිලාභ සමජය තුල සාධාරණ පදනමින් බෙදීයාම තමයි මේ අයවැයේ අරමුණ කියලා අනුර කිව්වේ.
ඒ තමයි මාලිමාවේ අයවැය මූලධර්ම.ඒ වගේම ජනවරමේ අභිමතාර්ථයන් නියෝජනය වෙන අයවැයක් විදිහටයි අනුර මේ අයවැය හැදින්වූවා. රටේ රාළ නං කියන්නේ මේකත් ජනාධිපතිවරණය.මහ මැතිවරණය වගේ තවත් කොලේ වහලා ගහපු ගැහිල්ලක් කියලයි.ජවිපෙ සහ මාලිමා සාමාජිකයින්ට නොතේරෙන ඇත්තත් ඒකයි.ඇත්තටම මේක රනිල් වික්‍රමසිංහ දාපු පදනම මත සහ අයිඑම්එෆ් කොන්දේසිවලට අනුකූලව හදපු අයවැයක්.
මෙතනදී එක දෙයක් පැහැදිලියි.අනුර දැන් නිශ්චිතවම ලිබරල්වාදියෙක්.පැහැදිලිවම අනුර කරගහගෙන යන්නේ ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය.ඒක නිසා මෙතනින් එහාට සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති ගැන කතාකරන්න,සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරන්න ජවිපෙට සදාචාරාත්මක අයිතියක් නෑ.හරිනිලාගේ ප්‍රතිපත්තිය ජවිපෙ ඇතුලේ දැන් දිග්විජය කරලා ඉවරයි.
දැන්වීම
ජවිපෙ මතය ලිබරල්වාදය,සංස්කෘතිය හරිනිලා ගේන්න හදන ගැහැනු,පිරිමි අතර මැද සංස්කෘතිය.ආර්ථික ප්‍රතිපත්තිය හරිනිලාගේ ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියයි.දේශපාලන භාවිතාවට විතරක් ටිල්වින්ගේ පාදඩකරණ ප්‍රතිපත්තිය අරන් තියනවා.කොහොම උනත් තවමත් තමන්ගේ බලවේගයට හංගලා ගහන්න අනුර දක්ෂයි.අනුරගේ දක්ෂකමටත් වැඩිය ඒක ජවිපෙ සහ මාලිමා බලවේගයේ දේශපාලන නූගත්කමයි.
මේ අයවැය කතාව අස්සේ අනුර කියපු බොරු, වමට සිග්නල් දාගෙන දකුනෙන් ගිය හැටි තේරෙන්න තව ටික කාලයක් යයි.මේ අයවැය සම්බන්ධව රටේ රාළට තියෙන ප්‍රතිපත්තිමය විවේචනය ඒක.ඒ උනාට මෙතනදී අනුරගේ විශේෂ අවධානය ලක්වුන සමාජ කණ්ඩායම් කීපයක් ඉන්නවා.විශේෂයෙන්ම සමාජ විසින් රැකබලා ගතයුතු කණ්ඩායම් ගැන අනුර අවධානයට යොමු කරලා තියනවා.අස්වැසුම ලාබින් වගේම අන්ත දුගී බවේ ඉන්න අය.
ජේෂ්ඨ පුරවැසියෝ,විශ්‍රාමිකයන්,විශේෂ අවශ්‍යතා ඇති පිරිස්,සිරගෙවල,පරිවාස බාරයේ,වීදි දරුවන් ගැන අවධානය යොමුකරලා තියනවා.ඇත්තටම එතන හඩක් නොතිබුණ සමාජ කොටස් ගණනාවක් නියෝජනය වෙනවා.ඒ ස්ථරය ගැන අවධානය යම් තරමකට හරි යොමුකිරීම ගැන අනුරට සාතූතිවන්ත වෙනවා. හැබැයි අනුර කිව්වා වගේම මාලිමා ආණ්ඩුව යන්න හදන ගමන මේ අයවැයෙන් හොඳටම පැහැදිලි වෙනවා.ඒ වගේම ආණ්ඩුවට ආර්ථික වැඩපිලිවෙලක් නෑ කියන එක ඉතාමත්ම හොදින් පැහැදිලියි.අනුරලා ඉදිරියට ගෙනියන්නේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් සැලසුම් කරපු ව්‍යාපෘතිම තමයි.කොළඹ වරාය පලල් කිරීම හා ධාරිතාව වැඩිකිරීම,රේගුව ආශ්‍රිත කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම.උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල කරන කාර්මීකරණ කටයුතු.ත්‍රිකුණාමල තෙල් ටැංකි සංවර්ධන ව්‍යාපෘති වගේ ඒවා ඔක්කොම මේ දක්වා ක්‍රියාත්මක වෙමින් තියන ව්‍යාපෘති.
ඒ වගේම ඉතිහාසයේ ඒවාට දිගටම අකුල් හෙලුවේ ජවිපෙයි.කොහොම හරි මේ පැරණි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් ජවිපෙ තමන් ඉතිහාසයේ කරපු වැරැද්ද බාර අරගෙන තියනවා. ඇත්තටම මේ අයවැයෙන් ලොකුම රැවටීමට ලක්වෙලා තියෙන්නේ රාජ්‍ය සේවකයායි.අනුර කිව්වේ රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 24,500 ඉඳන් රුපියල් 40,000 දක්වා ගේනවා කියලයි. එතකොට අවම වැටුප රුපියල් 15750 කින් වැඩිවෙනවා. හැබැයි දැනට දීලා තියෙන අතුරු දීමනා සහ විශේෂ දීමනාත් මූලික වැටුපට ඒකාබද්ධ කරනවා.එතකොට වැඩි වෙන්නේ 8,250 ක් විතරයි.අන්තිමට මේ අවුද්දේ අප්‍රියෙල්වල ඉඳන් රජයේ සේවකයන්ට අතට වැඩිපුර හම්බ වෙන්නේ රුපියල් 5975 ක් විතරයි.හැබැයි ජවිපෙ රට බංකොලොත්වෙලා තියෙද්දීත් 2022/23 දී රුපියල් 20000 ක වැටුප් වැඩිවීමක් ඉල්ලුවා.අනුර කියන මේ වැඩිවීම සිද්ධ වෙන්නේ 2027 දී.ඒකට තව අයවැය දෙකක් පහුකරන්න තියනවා.
ඇත්තටම අනුර මේ බොරුව කළේ කාටද?පහුගිය මැතිවරණයේදී 80% කට ආසන්න ප්‍රතිශතයකින් මාලිමාව දිනවු රජයේ සේවකයන්ටයි.වේගයෙන් ඉහල යන බඩුමිලත් එක්ක එලබෙන සිංහල අවුරුද්දට අනුර රජයේ සේවකයාට රුපියල් 5000 ක් දික් කරලා කනවා නං කාපන් නැත්තං නිකං හිටපන් කියලා තියනවා. ඒක නිසා අනුර තමන්ට ඉතාමත්ම හිතවත් බලවේග පවා රවට්ටලා තියනවා.ඒ රැවටීම අවුරුදු තුනක් තරම් දිඟ රැවටීමක්.ඊළඟට අනුරගේ රැවටීමට ලක්වුන තවත් බලවේගයක් වෙන්නේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ.අපේ විශ්ව විද්‍යාල ප්‍රජාවේ බහුතරය අනුරලා පස්සෙන් ගියේ මහපොල ශිස්ෂත්වය රුපියල් පහලොස්දාහටවත් ගෙන ඒමේ අධිෂ්ඨානයෙන්.ඇත්තටම විශ්ව විද්‍යාල පද්ධතිය තුල තියන ප්‍රශ්න සලකද්දී මහපොල ශිෂ්‍යත්වය ඒ ගානටවත් වැඩි වෙන්න ඕනි.
හැබැයි අඩුම ගානේ රුපියල් දහදාහක්වත් මහපොළ වෙනුවෙන් දෙන්න අනුර කාරුණික වුනේ නෑ.අනුරගේ අයවැය කතාව පුරාම අනුර තමන්ගේ ලිබරල් චින්තනය හංගන්න හැදුවා.ඒ වෙනුවෙන් අනුර විවිධ කතන්දර කිව්වා. සමූපකාරය ක්‍රමය ගැන කිව්වා.ඒ වගේම ත්‍රිපෝෂ සමාගම් ගැන කිව්වා.අනුර තමන්ගේ පෞද්ගලීකරණ උවමනාව ඒවා අස්සේ හංගන්න හදන බව ඕනි කෙනෙකුට තේරෙනවා.අනුර කිව්වේ පාඩුලබන ආයතන ගැන තීරණය ගන්න හෝල්ඩින්ස් එකක් හදනවා කියලා. මේ එන්නේ වෙන මොකවත් නෙවෙයි අනුරගේ පෞද්ගලිකරණ ව්‍යාපෘතියේ කසකාරයෝ. ඇත්තටම අනුර සහ රනිල් අතර තියන වෙනස ඕක.රනිල් තමන් පිලිගන්න ප්‍රතිපත්තිය බය නැතිව කියනවා.අනුර තමන් පිලිගන්න ප්‍රතිපත්තිය හංගනවා.ඒක අනුරට කරන්න බැරි පැලවත්තේ බලපෑම හින්දා වෙන්න පුළුවන්. කොහොම හරි අපේ රටේ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන ගනනාවක් අනුරගේ ගජ මිතුරු වලල්ල අතට පත්වෙන හැටි අපට නුදුරු අනාගතයේදී බලාගන්න පුළුවන්.
ශ්‍රී ලංකා ගුවන් සමාගම වගේ එකක් එහෙම වෙන්නේ අපේ බදු මුදල්වලින් රුපියල් මිලියන 20000 කුත් ගෙවලා.ඒ තත්වය යටතේ ශ්‍රී ලන්කන් එයා එක හම්බවෙන්නේ මාර වාසනාවන්තයෙකුට.මේ අයවැයෙන් අනුරගේ Clean Sri Lanka ව්‍යාපෘතියට රුපියල් මිලියන 5000ක් වෙන් කරගෙන තියනවා.රටේ රාළට බරපතලම සැකය තියෙන්නේ එතනයි. අනිවාර්යෙන්ම Clean Sri Lanka කියන්නේ ජවිපෙ දේශපාලන ඉලක්කය වෙනුවෙන් මොල සෝදන සහ ඊට සරිලන පොලිස් රාජ්‍යය නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය කියලයි රටේ රාළ තවමත් හිතන්නේ.
ඒක ජවිපෙ මූලස්ථානය මූලික කරගත්ත ව්‍යාපෘතියක් වෙන්න ඕනි.දැනටමත් ටිල්වින් ඒ ඉඟිය දීලා තියනවා.රාජ්‍ය ආයතනවලට ආයතන කමිටු පිහිටුවීම,ගමේ නීතිය සහ සාමය ආරක්ෂා කරන්න මාලිමාවේ කොට්ඨාශ සහාවට බලය දීම කියන්නේ ඒකේ මුල් පියවරයි.දැනටත් ගම් මට්ටමින් ජවිපෙ චන්ඩි පාරට බැහැලා තියනවා. තර්ජනය කිරීම්වල ඉඳන් පහරදීම් දක්වා ඒවා වර්ධනයවෙලා තියනවා.ඒවාට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.ජවිපෙ නායකයන් කියන්නේ ගත්තේ ආයෙත් දෙන්න නෙවෙයි කියලයි.
ඒ කියන්නේ මේක රැකගන්න ඕනි දෙයක් කරපල්ලා කියලා ගමේ ඉන්න ජවිපෙ මැරයන්ට දෙන සිග්නල් එකක්.දැන් ඒ වැඩේට සල්ලිත් වෙන් කරලා ඉවරයි.ඒ වගේම මේ අයවැය වාර්තාවට අනුව මෙවර ඇස්තමේන්තුගත ආදායම රුපියල් බිලියන 4990යි.වියදම රුපියල් බිලියන 7190ක් ලෙස සටහන් වෙයි.අයවැය හිගය රුපියල් බිලියන 2200 යි.අයවැය හිඟය පියවීම සම්බන්ධව හරි අදහසක් තවම නෑ.
රාජ්‍ය සේවකයා ගොනාට ඇන්ඳවීම
2025 වර්ෂය වෙනුවෙන්ම ජනාධිපති අනුර කුමාර මුදල් ඇමතිවරයා විදිහට ඉදිරිපත් කරපු අයවැය දැන් පාර්ලිමේන්තුවේ විවාදයට ලක්වෙනවා. ඇත්තටම අනුරගේ මේ අයවැය අපේ රටේ රාජ්‍ය සේවකයා පාරට ගන්න හදපු අයවැයක්ද කියන තරමට රාජ්‍ය සේවය ඇතුලේ නොසන්සුන්තාවයක් වර්ධනය වෙමින් තියනවා.
රටේ රාළ විශ්වාස කරන විදිහට අයවැය සම්මත වෙන්න නියමිත මාර්තු 21 වෙනිදාට ඉස්සෙල්ලා රටේ වෘත්තීය ක්‍රියාමාර්ග කීපයක් ඇති වෙන්න පුළුවන්.මොකද මේ අයවැය යෝජනාවලින් සමස්ථ රාජ්‍ය සේවයම ගොනාට අන්දලා දැවැන්ත රැවටීමකට සහ පාවාදීමකට ලක්කරලා තියනවා.හැබැයි අයවැය ඉදිරිපත් කරලා විනාඩි කීපයක් යනකොට ඒ බව රාජ්‍ය සේවකයින්ට අවබෝධය වෙන්න ඇති.එදා රාජ්‍ය සේවකයන් එක්ක එකට අරගලය කරපු වෘත්තීය සමිති නායකයෝ අද මාලිමා ආණ්ඩුවේ මැති ඇමතිවරු බවට පත්වෙලා ඉන්නවා.
ලාල් කාන්ත,මහින්ද ජයසිංහ,චන්දන සූරියආරච්චි, වසන්ත සමරසිංහ,අශෝක සපුමල් රංවල,කුමාර ජයකොඩි වගේම තවත් පිරිසක් ඉන්නවා.හැබැයි අද එයාලට ඒ වෘත්තීය අරගල,සටන් පාඨත් එක්කම අමතක වෙලා විතරක් නෙවෙයි එයාලත් එක්ක එකට අරගල කරපු බලවේගත් අමතක වෙලා.රජයේ සේවකයන් විසින් මහත් ඉහලින් ඔසවලා තියපු ආණ්ඩුවක් මේක.රනිල් 25000 ක් දෙන්නං කියද්දී ඒක එපා කියලා සහෝදරයගෙන් මාස හයෙන් හය පඩි ගන්න හිටපු අයට වෙච්චි දෙයක්.පහුගිය මහ මැතිවරණයේදී 70%;- 80% අතර සීමාවේ තමයි මාලිමාවේ තැපැල් ඡන්ද ප්‍රතිශතය තිබුණේ.
ඒ වගේම රාජ්‍ය සේවකයන් තමන්ගේ වෘත්තීය සමිතියට බදවාගෙන එයාලගෙන් ලැබෙන අවකරණ මුදල්වලින් ජීවිකාව ගැට ගහගත්ත ගොඩ දෙනෙක් අද ඇමතිලා වෙලා ඉන්නවා.අද එයාලට ඒ මිනිස්සු පේන්න බෑ.ඊයේ අයවැය විශාදයට සහභාගී වෙමින් කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කිවිවේ ජනාධිපති අනුර ඉදිරිපත් කරපු අයවැය වසර තිහක් ඇතුළත ලංකාවේ ඉදිරිපත් කරපු සාධනීයම අයවැය කියලයි.
මහින්දට අනුව මේ අයවැය ඓතිහාසික අයවැයක්. නිෂ්පාදන ආර්ථිකය බිඳවට්ටපු දශක හය වෙනුවට ග්‍රාමීය දුප්පත්කම තුරන් කළ නිෂ්පාදන ආර්ථිකයක් කරා යන අයවැයක්.මහින්ද ජයසිංහ කියන්නේ මේ අයවැයට විවේචන කරන්නේ කුහකයෝ කියලා.ඇත්තටම මේ අයවැය සම්බන්ධව ලොකුම විවේචනය එල්ල වෙන්නේ වැඩකරන ජනාතවගෙන්.විශේෂයෙන්ම රජයේ සේවකයන්ගෙන්.
එදා රජයේ සේවකයන් එක්ක එකට අරගල කරපු මහින්ද ජයසිංහලාට අද රජයේ සේවකයෝ පේන්නේ කුහකයෝ විදිහටයි.ඔයාලට මතක ඇති මහින්ද ජයසිංහ කියන්නේ ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරගැනීම වෙනුවෙන් කරපු සටනේ ඉදිරියෙන්ම හිටපු නායකයෙක්.කෝරෝනා වසංගත ඇතුලේ පවා මහින්ද ජයසිංහලා ගුරු විදුහල්පතිවරු පාරට ගත්තා.එදා ඒ සටනේ එයාලා කිව්වේ
“ සුබෝධනී කමිටු වාර්තාවේ ’’ නිර්දේශ මත පදනම් වෙලා ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන්න කියලයි.හැබැයි අඩුම ගානේ මේ අයවැයෙන් සුබෝධනී කම්ටු වාර්තාව ගැන කිසිම අවධානයක් යොමූ කරලා නෑ.ඒ නිසා මේ වෙනකොට දැඩි නොසන්සුන්තාවයක් ගුරු - විදුහල්පති වෘත්තීය සමිති ඇතුලේ වර්ධනය වෙමින් තියනවා.අ,පො,ස සාමාන්‍ය පෙල විභාගය ඉදිරියට එමින් තියෙද්දී ගුරු - විදුහල්පතිවරුන් එක්ක ගැටුමකට යෑම ආණ්ඩුවට කෙසේ වෙතත් ඒ දරුවන්ගේ නම් හිතසුව පිණිස වෙන්නේ නෑ.
සුබෝධනී කමිටු වාර්තාව අනුව ගුරු - විදුහල්පති වැටුප් විෂමතා සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න නම් මේ අයවැයෙන් රුපියල් බිලියන 46 ක වෙන් කරන්න ඕනි,මෙම වැටුප් විෂමතාවයෙන් 1/3 ක් රනිල්ගේ ආණ්ඩුවේ 2022 වසරේ අයවැයෙන් ඉවත් කළා.මේ අයවැයෙන් සම්පුර්ණ මුදල දෙන්න බැරි උනත් අයවැය හැදීමට ඉස්සෙල්ලා ඒ ගැන වෘත්තීය සමිති එක්ක සාකච්ඡාවක් කරන්න තරමටවත් ආණ්ඩුව නිහතමානී වුනේ නෑ.ජවිපෙ ආණ්ඩුවට එරෙහිව විවේචනය කරන අය ඉස්සරහා නිහතමානී වෙන්න නෙවෙයි අපි කියන්නේ.
තමන් එක්ක එකට ආපු බලවේග එක්ක එකතුවෙලා කටයුතු කරන්න බැරි තරමට අද ජවිපෙ නායකයෝ උද්දච්චවෙලා.අනුරගේ අයවැය කතාවෙන් පස්සේ මහින්ද ජයසිංහ එයාගේ ෆේස්බුක් පිටුවේ දාලා තිබුණේ.
" ගුරු - විදුහල්පති සේවයේ වැටුප් වැඩිවීම.
මූලික වැටුප 21,570 සිට 45,395 දක්වා ....
ශුද්ධ වැඩිවීම 14,070 සිට 37895 දක්වා ...."
කියලා.
ඇත්තටම මෙච්චර කල් මෙයාලා පස්සෙන් ගිය ගුරු - විදුහල්පතිවරුන්ට රටේ රාළට නං කියන්න තියෙන්නේ ඔළුව අතගාලා අං තියනවද බලන්න කියලයි.ඒ වගේම රාජ්‍ය සේවයේ තවත් ස්ථර ගණනාවකට ප්‍රශ්නය ඇවිත් තියනවා.සමහර ශ්‍රේණිවල අයගේ පඩිය අඩුවෙන බවටත් කතාවක් යනවා.අතිකාල ප්‍රශ්න එනවා.ඒක නිසා ජවිපෙ වටේට එකතුවුන බලවේග ජවිපෙන් වේගයෙන් ඈත්වෙමින් ඉන්නවා.ගොවියා දැන් ජවිපෙ අතෑරලා ඉවරයි.
විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව ජවිපෙ අතහැරල ඉවරයි.ජවිපෙ මේ මෝඩ උද්දච්චකම ඉස්සරහා රජයේ සේවකයොත් ජවිපෙට එරෙහිව වෙන්න පටන් අරන්.ඇත්තටම ඒකෙන් පේන්නේ ජවිපෙට ජනමනස ගැන කිසිම තැකීමක් නෑ කියන එකයි. රටේ රාළ දිගටම කිවිවේ ජවිපෙ මේ හැසිරීම පිටි පස්සේ තවමත් සමාජය පිලිනොගන්න තිත්ත ඇත්ත කතාවක් තියනවා.එයාලා බලය ගත්තට පස්සේ යන්න හදන්නේ මෙතෙක් ආපු රටට කියපු ගමන නෙවෙයි.
එයාලාට ජනමතයට අවශ්‍ය වෙන්නේ තව ඉතා කෙටි කාලයක් යනකං විතරයි.ඒ දැනටත් එයාලා කියන රාජ්‍ය බලය අත්පත් කරගන්නකම් විතරයි.රාජ්‍ය බලය අත්පත් කරගැනීම වෙනුවෙන් පැලවත්ත මූලස්ථානය ලහි ලහියේ ලෑස්ති වෙනවා. රට වේගයෙන් තනි පක්ෂ පාලනයක් සහිත පොලිස් රාජ්‍යයක් කරා යමින් තියනවා.රටේ රාළ එහෙම කියන්නේ ඉතා වගකීමෙන්.ජවිපෙ ඇතුලේ සිද්ධවෙන අභයන්තර ක්‍රියාවලියේ තොරතුරු රටේ රාළ දන්නවා සහ ඒක ඔප්පු කරන්න අවශ්‍ය සාධක ඕනිවටත් වැඩිය අපි ඉස්සරහා සිද්ධවෙමින් තීයනවා.
ඇත්තටම ජවිපෙ විසින් කරන ලොකුම වරද්දා ගැනීමත් මේක තමයි.අවුරුදු 76 ක් තිස්සේ සර්වජන ඡන්ද බලය හිමිවුන ජාතියක් කවදාවත් තනි පක්ෂ පාලනයක් වෙත ගෙනියන්න බෑ.මේ රටේ ජනතාව ඒකට ඉඩදෙන්නේ නෑ.