පුද්ගලිකයි රහසිගතයි කියා තොරතුරු සඟවනු එපා

ණය ගෙවීම් පැහැර හැරිය මහා පරිමාණ ව්‍යාපාරිකයන් ගැන අනාවරණය කරමින් විපක්ෂ නායක කියයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකු දෙකක් වන ලංකා බැංකුව සහ මහ ජන බැංකුව මහ පරිමාණ පෞද්ගලික ණය කරුවන්ගෙන් ණය නැවත…
ණය ගෙවීම් පැහැර හැරිය මහා පරිමාණ ව්‍යාපාරිකයන් ගැන අනාවරණය කරමින් විපක්ෂ නායක කියයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකු දෙකක් වන ලංකා බැංකුව සහ මහ ජන බැංකුව මහ පරිමාණ පෞද්ගලික ණය කරුවන්ගෙන් ණය නැවත අය නොකර ගන්නා හෝ බොල් ණය ලෙස කපා හැරීම් හෝ සිදු කරන බවට ජනතාව අතර සැකයක් පවතින බවත් බැංකුවක ප්‍රධානම ආදායම් මාර්ගය වන්නේ ණය ලබා දීමෙන් අය කර ගන්නා පොලිය වුවත් මෙසේ ණය අය කර නොගන්නේ නම් එම තත්ත්වය මත ද්‍රවශීලතා අර්බුධයකට ගමන් කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අවධාරණය කර සිටියේය.
මේ රටේ ක්ෂුද්‍ර කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විශාල ප්‍රමාණයකට තම ව්‍යාපාර සහ කර්මාන්ත අහිමි වෙමින් පවතින මොහොතක රටේ නීතියට අනුව ඔවුන්ගේ වත්කම් අති මහත් බහුතරයක් තරඟයට වෙන්දේසි කර ගෙන යන බවත් එම ක්‍රියාවලිය දරුණු ඛේදවාචයක් බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
දේශපාලන බලය, ධන බලය හෝ අදෘෂ්‍යමාන බලයක් මත, මහා පරිමාණයෙන් ණය ගත් පුද්ගලයන්ගෙන් එම ණය අය කර නොගන්නා බවත්, එක ආයතනයක් මහ ජන බැංකුවෙන් සහ ලංකා බැංකුවෙන් රුපියල් මිලියන 700ක ඇපකරයක් ලබා දී රුපියල් බිලියන 7කට ආසන්න ණය ලබා ගෙන ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා හෙළි කළේය.
දැන්වීම
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ කරුණු කාරණා හෙළිදරව් කර සිටියේ ස්ථාවර නියෝග 27 (2) යටතේ රටේ නීතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරමිනි.
පොඩි මිනිහට රටේ නීතියත් මහා පරිමාණ තල්මසුන්ට එක නීතියකුත් ක්‍රියාත්මක වන බවත් මේ සම්බන්ධයෙන් පැහැදිලි විසදුමක් රජයෙන් අපේක්ෂා කරන බවත් අයවැයක් පවා ඉදිරිපත් විය යුත්තේ මෙවැනි තොරතුරු මත පදනම්ව බවත් එබැවින් පැහැදිලි පිළිතුරක් වහාම අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පුද්ගලිකයි රහසිගතයි කියා එම තොරතුරු සැගවිය නොහැකි බවත් බංකොලොත් රටක් වී ඇති මොහොතක එවැනි හේතු කියමින් සත්‍ය සැගවීම අනුමත කළ නොහැකි බවත් පැවසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ ඇත්තේ එක නීතියක් බැවින් සැමටම එක හා සමානව සැලකිය යුතු යැයි ද අවධාරණය කළේය.