පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ සැකකරුවන් සිවු දෙනාට ඇප

(ජයකාන්ත ලියනගේ) බද්දේගම, ගුරුසිංහගොඩදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් බද්දේගම පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සිව් (04) දෙනා එක් අයෙකුට මුදල් රුපියල් පහලොස් දහස…
(ජයකාන්ත ලියනගේ)
බද්දේගම, ගුරුසිංහගොඩදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් බද්දේගම පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සිව් (04) දෙනා එක් අයෙකුට මුදල් රුපියල් පහලොස් දහස (15,000/-)බැගින් සහ එක් අයෙකුට රුපියල් ලක්ෂය (1,00000/) බැගින් වූ ශරීර ඇප 02 බැගින් ශරීර ඇප 08 ක් මත මුදාහැරීමට බද්දේගම මහේස්ත්රාත් හිරෝෂී කාහිංගල මහත්මිය සිකුරාදා (10) නියෝග කළාය.
සිද්ධියේ පළමු සැකකරුට සෑම මසකම අවසන් ඉරිදා දින බද්දේගම පොලිසියේ අත්සන් තබන ලෙසටද මහේස්ත්රාත්තුමිය නියම කළාය.
දැන්වීම
මේ වන විට නඩුවේ මූලික සාක්ෂි විභාගය අවසන් කොට නඩුව ගාල්ල මහාධිකරණයට තබා ඇති අතර මහාධිකරණ නියෝගය 2017 නොවැම්බර් මස 28 වනදින ලැබීමට නියමිත බැවින් එදින නඩුවේ තීන්දුව ප්රකාශයට පත් කරන බවද මහේස්ත්රාත්තුමිය කීවාය.
මෙසේ ඇපමත මුදාහරින ලද්දේ හික්කඩුව, කලූපේ පදිංචි මොතාමෙරෙඤ්ඤ අමිල වසන්ත (36), අගම්පොඩි සුරේෂ් කුමාර (20), ඉනාසි චමින්ද (28) සහ පත්තිනි මහේෂ් පියුමාල් (32) යන සිව් (04) දෙනාය. දෙවන සැකකරු මීටියාගොඩ පොලීසිය මගින් වෙනත් මිනිස් ඝාතනයකට අදාලව අත්අඩංගුවට ගෙන බද්දේගම පොලීසියට බාරදී තිබේ.
බද්දේගම ගුරුසිංහගොඩදී වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ අය ගාල්ල, කරාපිටිය, ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ හික්කඩුව, කලූපේ පදිංචි ගෝනාපිනුවලගේ රාඡ්කුමාර (49) නැමැති අයයි.
මියගිය අය බද්දේගම ප්රදේශයේ මළගෙදරකට සහභාගිවීම සදහා යතුරු පැදියකින් පැමිණෙමින් සිටියදී ඊට පිටුපසින් තවත් යතුරු පැදි දෙකකින් සැකකරුවන් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බව බද්දේගම පොලීසිය කියයි. දෙවන සැකකරු වෙඩි තැබීම සිදු කරන ලද පළමු සැකකරු පැමිණි යතුරු පැදිය පදවා තිබෙන බවද අනෙක් සැකකරුවන් දෙදෙනා සහයට වෙනත් යතුරු පැදියකින් පැමිණ තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.
බද්දේගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක, අශෝක ප්රියදර්ශණ මහතාගේ මෙහෙයවීම මත පොලිස් කොස්තාපල් ටිරෝන් සදකැලූම් (89380) සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.