පාසැල් නිල ඇඳුම් වවුචරයේ වටිනාකම ඉහළට

(නිලන්ති චන්ද්‍රසේන) මේ වන විට රජයේ පාසැල් සඳහා නොමිලේ ලබා දෙන නිල ඇඳුම් සඳහා ලබා දෙන වවුචරයේ වටිනාකම වැඩි කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමි වී තිබේ. එම අමාත්‍යංශය පවසන්නේ අධ්‍යාපන…
(නිලන්ති චන්ද්‍රසේන)
මේ වන විට රජයේ පාසැල් සඳහා නොමිලේ ලබා දෙන නිල ඇඳුම් සඳහා ලබා දෙන වවුචරයේ වටිනාකම වැඩි කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමි වී තිබේ.
එම අමාත්‍යංශය පවසන්නේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ නිලධාරීන්ට ඊට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස මේ වන විටත් උපදෙස් ලබා දී ඇති බවයි.
තවද වාර්ෂිකව ගුරු සේවයේ නියුතු ගුරුවරුන් 10,000 කට අධික සංඛ්‍යාවක් දරු ප්‍රසූතිය ඇතුළු වෙනත් හේතු මත නිවාඩු ලබා ගන්නා බව බැවින් , අදාළ කාල වකවානුවල සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට එය බාධාවක් නොවන පරිදි සිදු කිරීමට කලාප මට්ටමින් ගුරු සංචිතයක් පිහිටුවීමටත් අධ්‍යාපන අමාත්‍යවරයා සලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.