අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

පාස්කු වාර්තාව වෙනස් කරන්න ආණ්ඩුව කමිටුවක් පත් කරලා..?

පාස්කු වාර්තාව වෙනස් කරන්න ආණ්ඩුව කමිටුවක් පත් කරලා..?

මේ ආණ්ඩුව නඩු පවරන්නේ තෝර තෝර..! ලක්ෂ්මන් කිරිඇල්ල හෙළි කරයි පාස්කු ඉරිදා එල්ල කෙරුණු මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කළ විශේෂ ජනාධිපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ සංශෝධනය කිරීම…

මේ ආණ්ඩුව නඩු පවරන්නේ තෝර තෝර..!

ලක්ෂ්මන් කිරිඇල්ල හෙළි කරයි 

පාස්කු වාර්තාව වෙනස් කරන්න ආණ්ඩුව කමිටුවක් පත් කරලා..?

පාස්කු ඉරිදා එල්ල කෙරුණු මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කළ විශේෂ ජනාධිපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ සංශෝධනය කිරීම සඳහ චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනු කමිටුවක් පත් කර ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කර සිටියේය.

ජනාධිපතිවරයාගේ නීති උපදේශකවරයා ද එවැනි අනු කමිටුවක් තිබෙන බව පිළි ගත්තේ යැයි පෙන්වා දුන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජනාධිපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ සංශෝධනය කරමින් ආණ්ඩුව මේ උත්සහ කරන්නේ තෝර තෝර නඩු පැවරීමට යැයි ද චෝදනා කළේය.

දැන්වීම

පාර්ලිමේන්තුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ ද කීය.   

"මැල්කම් රංජිත් කාදිනල් උන්නාන්සේ හැමදාම කියනවා ජනාධිපති කොමිෂමේ නිර්දේශ ක්‍රියාත්මක වෙලා නෑ කියලා. හැමදාම කියනවා. මම රජයෙන් අහනවා අපිට දැන ගන්න ලැබුණා ජනාධිපති කොමිෂමේ නිර්දේශ වෙනස් කරන්න කැබිනට් අනු කමිටුවක් පත් කෙරුවා කියලා. චමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මේ අනු කමිටුවේ වාර්ථාව අපිට දෙන්න පුළුවන් ද..? වාර්ථාවක් තියෙනවා. ජනාධිපතිපතිතුමාගේ නීති උපදේශක පිළි ගත්තා එහෙම එකක් තියෙනවා කියලා. මොකද අපිට ආරංචියි ජනාධිපති කොමිෂමේ නිර්දේශ වෙනස් කරලා අලුත් තීන්දු දීලා තියෙනවා කියලා. නඩු දාන විදිය බැලුවම ඒක තේරෙනවා. තෝර තෝර නඩු දාන්නේ."
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න