අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාවගේ යුතුකම් ඉටු කරනවා

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාවගේ යුතුකම් ඉටු කරනවා

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය විසින් ඉටු කළ යුතු යුතුකම් අනිවාර්යෙන්ම ඉටු කරන බව කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ දී බ්‍රහස්පතින්දා (28) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා…


පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය විසින් ඉටු කළ යුතු යුතුකම් අනිවාර්යෙන්ම ඉටු කරන බව කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ දී බ්‍රහස්පතින්දා (28) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.

ඒ, 2019 අප්‍රේල් 21 පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට නව නිවාස ලබා දීමේ පළමු අදියරට එක්වෙමිනි.

මෙහි දී නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස පරිශ්‍රවලින් ප්‍රතිලාභී පවුල් 19කට නව නිවාස ප්‍රදානය කෙරිණි. කුලී නිවාසවල වාසය කිරීම හා අඩු අදායම්ලාභී පදනම මත තෝරාගත් ප්‍රතිලාභී පවුල් 33කට මෙසේ නව නිවාස ප්‍රදානය කිරීමට නියමිත ය. 

දැන්වීම

අති උතුම් ජේ.ඩී. ඇන්තනී රදගුරුතුමා සහ අති උතුම් ඇන්ටන් රන්ජිත් රදගුරුතුමා, නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ද නිවාස ප්‍රදානය සඳහා එක්වූහ.

එහි දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

"එදා කොච්චිකඩේ බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් රජයක් වශයෙන් කළ යුතු යුතුකම අපි අනිවාර්යයෙන් ඉටුකරනවා. අපි අතින් ප්‍රමාදයන් ඇති වෙන්න ඇති, එහෙත් අනිවාර්යෙන්ම ඔවුන් වෙනුවෙන් අපේ කැපවීම කරන්න සූදානම්.

මොකද අපි දන්නවා ත්‍රස්තවාදයෙන් බැට කාපු පිරිස ඒ පවුල් මොන තරම් තත්ත්වයක ඉන්නවාද කියන එක. මේ වාගේ ම ඉදිරියේ දී එවැනි තත්ත්වයක් ඇති නොවන්න වගබලා ගන්න මේ රජය පියවර ගන්නවයි කියන එක මතක් කළ යුතුව තිබෙනවා. ජනතාවට නිදහසේ ජීවත්වෙන්න ගමන් බිමන් යන්න. තමන්ගෙ ආගම ඇදහීම සඳහා පන්සලට පල්ලියට කෝවිලට යන්න අයිතිය තිබිය යුතුයි.

එය රැක දීම ඒ වගකීම වගේ ම ආගම ඇදහීමේ නිදහස භුක්ති විඳින්න නම් ඔවුන්ට ආරක්ෂාව ඇතිව තමන්ගේ ආගම ඇදහීමට ඉඩ දිය යුතුව තිබෙනවා. එහෙම නම් ඒ සඳහා ගතයුතු සියලු පියවර ගැනීම රජයක වගකීමක්. අපේ වගකීමක් වශයෙන් අපි එය සලකනවා. ඒ නිසා අද මේ පිරිස වෙනුවෙන් අපේ යුතුකමක් ඉටු කරන්න වගේම මේ සඳහා සහභාගී වෙන්න ලැබීම ගැනත් මා සංතෝෂ වෙනවා.

විශේෂයෙන්ම අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා හමුවුණ හැම අවස්ථාවකදීම මතක් කරන එක කාර්යයක් තමයි එදා පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්වුණ ජනතාව වෙනුවෙන් රජයක් විසින් ඉටු කළ යුතු යුතුකම් ඉටු කරන්න කියන එක. අපි බොහොම පැහැදිලිව කියන්න ඕන අපෙන් විය යුතු යුතුකම අපි අනිවාර්යයෙන් ඉටු කරනවා.

ඒ වගේ ම තමයි එවැනි තත්ත්වයක් අනාගතයේ දී ඇති නොවන්න වගබලා ගැනීම අපේ වගකීමක්. ඒ සඳහා අපි කටයුතු කරනවා. රජයක් වගකීම භාර ගත්තම නිවාස නොමැති අය වෙනුවෙන් නිවාස ලබා දීමත් අපේ වගකීමක්. ඒ නිසා ඒ නිවාසලාභීන්ට නිවාස ලබා දීමේ වැඩපිළිවෙළත් අපි ක්‍රියාත්මක කරන බව මතක් කළ යුතුයි.

අපි විශේෂයෙන්ම රජයක් වශයෙන් අපෙන් විය යුතු යුතුකම ඉටු කරනවා. මේ රටේ ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්න අපි කටයුතු කළා. ඒ අවස්ථාවේ අවුරුදු 27කට 30කට ආසන්න කාලයක් මේ රටේ තිබුණ ත්‍රස්තවාදය නිසා ජනතාව මොන තරම් නම් බැට කෑවද කියන එක අපි දන්නවා. ඒ නිසාම බලයට ඇවිල්ලා අවුරුදු තුනක් යන්න ඉස්සරවෙලා ඒ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දමන්න අපට පුළුවන් වුණා කියන එක අපි සංතෝෂයෙන් කියන්න ඕන.

ඒ නිසා ඉදිරියටත් කිසි විටෙකත් ත්‍රස්තවාදයට ඉඩ නොදෙමින් රටේ ජනතාවට නිදහසේ නිවහල්ව තමන්ගේ ආගම ඇදහීමට ජීවත්වීමට පියවර ගැනීම අපි කරනවා කියලා මතක් කරන්න ඕනි. අපිට යුතුකමක් තියෙනවා ඒ යුතුකම තමයි පීඩා විඳි අය වෙනුවෙන් දිය යුතු වන්දි ඒ වගේම අනෙකුත් දිය යුතු දේවල් නොපිරිහෙලා ඉටු කරන්න. ඒ නිසා ඔවුන් වෙනුවෙන් එය නොපිරිහෙලා ඉටු කරනවාය කියන එකත් සිහිපත් කරනවා.

රටක් තුළ සියලු ජනතාව ආගම් භේදයෙන් තොරව, ජාති භේදයෙන් තොරව කටයුතු කිරීමට අපි වගබලා ගත යුතුයි. ඒ නිසා මේ අවස්ථාවේ දී ඔබට ලැබිය යුතු යම් දෙයක් තිබේ නම් එය ලබා දීම අපේ වගකීමක්. රට ජාතිය වෙනුවෙන් සියලු දෙනා එකමුතුව අපි කටයුතු කරන්න ඕන. ආගම් භේදයෙන් ජාති භේදයෙන් තොරව ජීවත්වීම සඳහා පසුබිම සකස් විය යුතුයි. ඒ වගේ ම රටේ සංවර්ධනය සඳහා පියවර ගැනීමත් අප කළ යුතුව තිබෙනවා.

අද අපි උතුර ද නැගෙනහිර ද දකුණ ද බටහිර ද කියලා බැලුවෙ නැතිව අපේ සංවර්ධන වැඩපිළිවෙළ රට පුරාම එක හා සමානව ඉටු කරමින් යන බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ සංවර්ධනය එක්ක රටේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා අපි පියවර ගන්නවා. අපෙන් විය යුතු යුතුකම් ඉටුකරන්න අපි හැම වෙලාවෙම සූදානම් කියන එක මතක් කරමින් ඔබ සියලු දෙනාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා."

අති උතුම් ජේ.ඩී ඇන්තනී සහ අති උතුම් ඇන්ටන් රන්ජිත් රදගුරුතුමන්ලා ඇතුළු පියතුමන්ලා සහ ප්‍රතිලාභි පවුල්වල සමාජිකයෝ මෙම අවස්ථාවට පැමිණ සිටියහ.නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහත්වරු ඇතුළු පිරිසක් ද උත්සව අවස්ථාවට එක්වූහ.

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාවගේ යුතුකම් ඉටු කරනවා

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාවගේ යුතුකම් ඉටු කරනවා

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාවගේ යුතුකම් ඉටු කරනවා

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාවගේ යුතුකම් ඉටු කරනවා

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාවගේ යුතුකම් ඉටු කරනවා

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාවගේ යුතුකම් ඉටු කරනවා

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාවගේ යුතුකම් ඉටු කරනවා

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාවගේ යුතුකම් ඉටු කරනවා | Lanka Newsweek