පාර්ලිමේන්තු සැසිය කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක්..?
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

පාර්ලිමේන්තුව යළිත් කල් තබා ගැනීම අරමුණයි..? විමල්-උදය-16 කල්ලිය කොන්ත්‍රාත්තුව භාර ගනී..! (නිලන්ති මානෙල්) “මෛත්‍රී-මහින්ද”හවුලට පාර්ලිමේන්තුවේ බහුතතරය නොමැති බව කියන කාරණය හේතුවෙන් බදාදා (14) රැස්…
පාර්ලිමේන්තුව යළිත් කල් තබා ගැනීම අරමුණයි..?
විමල්-උදය-16 කල්ලිය කොන්ත්‍රාත්තුව භාර ගනී..!
(නිලන්ති මානෙල්)
“මෛත්‍රී-මහින්ද”හවුලට පාර්ලිමේන්තුවේ බහුතතරය නොමැති බව කියන කාරණය හේතුවෙන් බදාදා (14) රැස් වන පාර්ලිමේන්තු රැස්වීම කඩා කප්පල් කර පාර්ලිමේන්තුව තව දුරටත් කල් තබා ගැනීමේ දේශපාලන කුමන්ත්‍රණයක එම කණ්ඩායම යෙදී සිටින බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කර සිටියි.
විශේෂයෙන් මේ කොන්ත්‍රාත්තුව භාර දී තිබෙන්නේ ජාතික නිදහස් පෙරමුණේ නායක,පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායමටය.
මේ කුමන්ත්‍රණය පිළිබඳව සියලු තොරතුරු සොයා ගෙන සිටින එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ සමග එකට එක්ව ඊට මහුණ දීම සඳහා සියලු කටයුතු යොදා තිබෙන බව අරලිය ගහ මන්දිරයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් “lankanewsweek”සමග පැවසීය.
මේ අතර එදින පාර්ලිමේන්තු සැසි වාරය නැරඹීමට ශ්‍රී ලංකාවේ විදේශීය තානාපතිවරුන්ට ද කතානායක කරු ජයසූරිය මහතා ආරාධනා කර තිබෙන තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අශෝභන ලෙස මෙසේ හැසිරුණොත්රටක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ හෑල්ලුවට ලක් වනු ඇතැයි පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨම නිලධාරියෙක් ද “lankanewsweek” සමග පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1