පාර්ලිමේන්තු ඉතිහාසය සහ 8 වන පාර්ලිමේන්තවේ මන්ත්‍රීවරුන්‌ගේ පැමිණීම..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 8

ලංකා සමූහාණ්ඩුවේ ස්ථාපිත කරන ලද ප්‍රථම ව්‍යාවස්ථාදායකය වූයේ 1833 මාර්තු 13 වන දින කෝල්බෲක් කැමරන් කොමිසමේ නිර්දේශ අනුව පිහිටු වන ලද විධායක සභාව සහ ව්‍යාවස්ථාදායක සභාවයි. විධායක සභාව සමන්විත වූයේ යටත්…
ලංකා සමූහාණ්ඩුවේ ස්ථාපිත කරන ලද ප්‍රථම ව්‍යාවස්ථාදායකය වූයේ 1833 මාර්තු 13 වන දින කෝල්බෲක් කැමරන් කොමිසමේ නිර්දේශ අනුව පිහිටු වන ලද විධායක සභාව සහ ව්‍යාවස්ථාදායක සභාවයි.
විධායක සභාව සමන්විත වූයේ යටත් විජිත ලේකම්, යුධ හමුදා අණදෙන නිලධාරියා, නීතිපතිවරයා, විගණකාධිපති සහ භාණ්ඩාගාරික යන අයගෙනි. එම සභා මුලින්ම බ්‍රිතාන්‍ය බලධාරීන්ගෙන් සමන්විත වූ නමුත් පසු කාලීන මෙරට පුරවැසියන් ද ඊටඇතුළත් විය.
1931 දී ව්‍යාවස්ථාදායක සභාව විසුරුවා හරිනු ලැබූ අතර ඒ වෙනුවට ඩොනමෝර් ව්‍යාවස්ථාව අනුව සර්ව ජන වැඩිහිටි ඡන්ද බලයෙන් තෝරා පත් කර ගත් සාමාජිකයින් 101 දෙනෙකුගෙන් සමන්විත වඩාත් බලවත් රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටු වන ලදී.
1948 පෙබරවාරි 04 වන දින ස්වාධීනත්වය ලබා දීම හා 1948 දී ඩොමීනියන් තත්වය ලබාදීම නිසා රාජ්‍ය මන්ත්‍රණ සභාව විසුරුවා හැරීමෙන් පසු සෝල්බරි කොමිසමේ නිර්දේශයන්ට අනුව 1947 දී නව ද්වි පාර්ශ්වීය පාර්ලිමේන්තුවක් පිහිටුවන ලදී.
එය පදනම් වූයේ වෙස්ට්මිනිස්ටර් ආකෘතියේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයක් සහිත සෙනෙට් සභාවකි. පාර්ලිමේන්තුවේ පහල මන්ත්‍රී මණ්ඩලය, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය, ඍජුවම තේරී පත් විය.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලය මන්ත්‍රීවරුන් 101 දෙනෙකුගෙන් සමන්විත විය. (1960 දී 157 දක්වා වැඩි වීය) සෙනෙට් සභාව සමන්විත වූයේ මන්ත්‍රීවරුන් 30 දෙනෙකුගෙන් වන අතර නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් නියෝජිතයින් 15 දෙනෙකු තෝරා පත් කර ඇති අතර ශ්‍රී ලංකා ආණ්ඩුකාරවරයා විසින් නම් කරන ලද 15 දෙනෙකුගෙන් සමන්විත විය.
සෙනෙට් සභාව 1971 ඔක්තෝබර් 2 වන දින අහෝසි කරන ලදී. 1972 ජනවාරී ව්‍යාවස්ථාව සම්මත වූ විට, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙනුවට තෝරා පත්කර ගත් සාමාජිකයින් 168 ක් වූ ජාතික රාජ්‍ය සභාව ආදේශ කරනු ලැබීය. ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව 1977 දී සම්මත කර ගන්නා ලද අතර ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පිහිටු වන ලදී.
පාර්ලිමේන්තුව සදහා මන්ත්‍රීවරුන් 196 ක් ජන්දයෙන් තෝරා පත් කර ගන්නා අතර ඉතිරි මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගනු ලබන්නේ ජාතික ලැයිස්තුවෙනි.ජාතික ලැයිස්තුව මූලික වශයෙන් හඳුන්වා දෙනු ලැබුවේ විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් හා වෘත්තිකයන් පාර්ලිමේන්තුවට ගෙන ඒමටය.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා යනු ජනතා නියෝජිතයා වන අතර මෙය නියෝජිත ප්‍රජාත්‍රන්ත්‍රවාදය ලෙස ද හදුන් වයි. පාර්ලිමේන්තුව සෑම වසරකට වරක්වත් රැස් විය යුත්තේය. ජනතාවගේ ව්‍යාවස්ථාදායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින්ද ජනමත විචාරණයකදී ජනතාව විසින්ද ක්‍රියාත්මක කළ යුත්තේය
පාර්ලිමේන්තුව ඇමතීමෙන් හා පාර්ලිමේන්තුවේ කාරක සභා සදහා සහභාගී වීමෙන් පර්ලිමේන්තු මන්ත්‍රීවරුනට සක්‍රීයව පාර්ලිමේන්තු කටයුතුවලට සහභාගීවිය හැක.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට සිය පුද්ගලික යෝජනා ලෙස ද පනත් කෙටුම්පත් ඉදිරිපත් කළ හැක.
2017.01.01 දින සිට පහත සදහන් දීමනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට ගෙවනු ලැබේ.
සියලුම අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා.
-රැස්වීම් දීමනාව -
පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගිවීම වෙනුවෙන් එක් දිනක් සඳහා පැමිණීමේ දීමනාව රු. 2500/=.
-කාරක සභා දීමනාව -
පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවල රැස්වෙන කාරක සභා සඳහා සහභාගී වීම වෙනුවෙන් දිනකට රු. 2500/= බැගින්.
(පාර්ලිමේන්තු රැස්වීම් දිනවල පැවැත්වෙන කිසිඳු කාරක සභාවකට සහභාගිවීම වෙනුවෙන් දීමනා ගෙවනු නොලැබේ.)
-කාර්යාල දීමනාව -
කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා මසකට රු. 100,000/= ක් බැගින්.
පහත සඳහන් දීමනා සංශෝධනයකින් තොරව තවදුරටත් ගෙවනු ලැබේ.
සියලුම අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ මන්ත්‍රීවරුන් සඳහා.
-මන්ත්‍රී දීමනාව (වැටුප) -
රු. 54,285.00
-සංග්‍රහ දීමනාව -
රු. 1,000/=
-රියදුරු දීමනාව -
රු. 3,500/=
(රියදුරු දීමනාව ගෙවනු ලබන්නේ රජයෙන් වැටුප් ලබන රියදුරෙක් නොමැති නම් පමණි)
-ඉන්ධන දීමනාව -
එක් එක් මන්ත්‍රීවරයා/වරිය තේරී පත්වුණ දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර පදනම් කර ගණනය කළ ඩීසල් ලීටර ප්‍රමාණය සඳහා මාසයේ පළමු දිනට පවතින වෙළඳ පොල මිළ ගණන් අනුව ගෙවනු ලැබේ. (උදා: කොළඹ ලීටර් 283.94, ගම්පහ සහ කළුතර ලීටර් 355.58)
-දුරකථන දීමනාව -
ස්ථාවර දුරකථන හා ජංගම දුරකථන සඳහා මාසිකව රු. 50,000/=
(දුරකථන බිල්පත් ගෙවීම හෝ ප්‍රතිපූර්ණය කරනු නොලැබේ)
-පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රවාහන දීමනාව -
පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයන් 04 දෙනෙක් කාර්යාලයට පැමිණීම වෙනුවෙන් එක් අයෙක් සඳහා රු. 2,500/= බැගින් මාසිකව රු. 10,000/=
-නිදහස් තැපැල් පහසුකම් -
සෑම මන්ත්‍රීවරයෙකුටම වාර්ෂිකව රු. 175,000/= ක් වටිනා මුද්දර (එක් කාර්තුවකට රු. 43,750/= ක් බැගින්) ලබා දේ.
මීට අමතරව තීරු බදු රහිතව වාහනයක් මෙරටට ගෙන්වා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවස්ථාව හිමිවේ.
ශ්‍රී ලංකාවේ අටවන පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණීමේ ලේඛනයක් පහත දැක්වේ. මෙම ලේඛනය සකස් කර ඇත්තේ 2017/05/03 දින සිට 2018/05/11 දින දක්වා පාර්ලිමේන්තුව රැස් වූ දින ගණන අනුවය.( දින 95 කි).
පැමිණි නොපැමිණි
දින දින
14 7 එම් නසාර්
18 77 ප්‍රේමලාල් ජයසේකර
19 76 අරුමුගන් තොන්ඩමන්
22 73 දෙළුම් අමුණුගම
22 73 චතුර සේනාරත්න
23 72 ජෝන්ස්ටන් ප්‍රනාන්දු
23 72 මහින්ද රාජපක්ෂ
24 71 රන්ජිත් මද්දුමබණ්ඩාර
24 71 විජේදාස රාජපක්ෂ
24 71 රොෂාන් රණසිංහ
25 70 සිරිපාල ගම්ලත්
26 69 නිශාන්ත මුතුහෙට්ටි
27 68 හරීන් ප්‍රනාන්දු
27 68 ලක්ෂ්මන් වසන්ත
29 66 සිව මොහාන්
31 64 දුමින්ද දිසානායක
31 64 සජිත් ප්‍රේමදාස
32 63 මොහාන් ප්‍රියදර්ශන
32 17 පියසේන ගමගේ
33 62 රබුක්ක්වැල්ල කෙහෙළිය
33 62 තේනුක විදානගමගේ
33 62 රංජිත් සියබලපිටිය
35 60 දිනේෂ් ගන්කන්ද
35 60 මොහාන් ලාල් ග්‍රේරු
35 60 ඩිලාන් පෙරේරා
36 59 අරුන්දික ප්‍රනාන්දු
37 58 හිරුනිකා ප්‍රේමචන්ද්‍ර
37 58 පාලිත තෙවරප්පෙරුම
38 37 ඉන්දික බණ්ඩාර
38 57 නාමල් රාජපක්ෂ
38 57 ලොහාන් රත්වත්ත
38 57 ධර්මලිංගම් සිද්ධාර්තන්
39 66 ඒ ඩබ් ශිවශක්ති
39 56 අනෝමා ගමගේ
39 56 නිමල් ලාන්සා
40 55 සාරතී දුෂ්මන්ත
41 54 හිස්බුල්ලා
41 54 රතන හිමි
41 54 නිරෝෂන් ප්‍රේමරත්න
41 54 විමල් වීරවංශ
42 53 එස් වියලන්දරන්
43 52 කබීර් හශීම්
43 52 සරවන බවන්
43 52 වසන්ත සේනානායක
44 51 රෝහිත අබේගුනවර්දන
44 51 පාලිත රංගේබණ්ඩාර
44 51 රාජිත සේනාරත්න
45 50 එච් එම් හාරිස්
45 50 පවිත්‍රා වන්නිආරචිචි
45 50 විදුර වික්‍රමනායක
46 49 සිසිර කුමාර අබේසේකර
46 49 තලතා අතුකෝරළ
46 49 නවීන් දිසානායක
46 49 පාටලී රණවක
46 49 W D J සෙනවිරත්න
47 48 ඩලස් අලහප්පෙරුම
47 48 තාරනත් බස්නායක
47 48 මංගල සමරවීර
47 48 පලනි දිගම්බරන්
48 47 සී බී රත්නායක
48 47 මහින්ද සමරසිංහ
48 47 යෝගේෂ්වරන්
48 47 විජේමුණි සොයිසා
49 46 දයා ගමගේ
49 46 ෆයිසර්
50 45 මනෝ ගනේෂන්
50 45 රන්ජන් රාමනායක
51 44 මයන්ත දිසානායක
51 44 මලිත් ජයතිලක
51 44 අනුර ප්‍රියදර්ශන
52 43 ඒ රාමනාදන්
52 43 පාලින්ද දිසානායක
52 43 එන් පී කොලොන්නේ
52 43 ශාන්ති ස්කන්දරාජා
53 42 ඩී වී චානක
53 42 විමලවීර දිසානායක
53 42 සනත් නිශාන්ත
53 42 එම් සේනාධිරාජා
54 41 ලක්ෂ්මන් යාපා අබේවර්දන
54 41 සරත් අමුණුගම
54 41 එස් බී දිසානායක
54 41 එම් වී කුමාර්
54 41 මහරුෆ්
54 40 එම් මන්සූර්
54 41 රුවන් විජේවර්ධන
55 45 ඒ හලීම්
55 40 සුමේධා ජයරත්න
55 40 කේ විජේසේකර
55 40 පියල් නිශාන්ත
55 40 අමීර්අලි
55 40 ශ්‍රියානි විජේවික්‍රම
56 39 මහින්දානන්ද අලුත්ගමගේ
56 39 සුදර්ශනී ප්‍රනාන්දු
56 39 රාධ ක්‍රිෂ්ණනන්
57 38 මුත්තු සිවලිංගම්
58 37 මලික් සමරවික්‍රම
59 36 වීර කුමාර දිසානායක
59 36 ටී බී ඒකනායක
59 36 උදය ශාන්ත ගුණසේකර
59 36 පී හැරිසන්
59 36 විජේකලා මහේෂ්වරන්
59 36 ජයන්ත සමරසින්හ
59 36 කුමාර වෙල්ගම
60 35 විජිත හේරත්
60 35 සිරිනාල්ද මෙල්
60 35 මනූෂ නානායක්කාර
60 35 රිෂාර්ඩ් බදුර්දීන්
60 35 රමේෂ් පතිරණ
61 34 ආනන්ද අලුත්ගමගේ
61 34 චන්ද්‍රානි බණ්ඩාර
61 34 එස් සී මුතුරාජා
61 34 සෙහාන් සමරසිංහ
61 34 ජනක බණ්ඩාර තෙන්නකෝන්
61 34 දිලිප් වන්නිආරචිචි
62 33 ඩී සී ගමගේ
62 33 තිලක් මාරපන
62 33 චම්පික ප්‍රේමදාස
62 33 චමල් රාජපක්ෂ
62 33 අර්ජුන රණතුංග
62 33 බිමල් රත්නායක
62 33 රෝහිත කුමාරි විජේරතන
63 32 කේ කාදර්
63 32 රවී කරුණානායක
63 32 සුජීව සේනසිංහ
63 32 චන්දිම වීරක්කොඩි
63 32 ලක්ෂ්මන් ආනන්ද විජේරත්න
64 31 බන්දුලාල් බණ්ඩාරිගොඩ
64 31 සුනිල් හදුන්නෙති
64 31 ඒ ඒ විජේතුංග
65 30 කේ කවීන්දරන්
65 30 අකිල විරාජ්
65 30 හේෂාන් ජයවර්දන
65 30 රවින්ද්‍ර සමරවීර
66 29 සාගල රත්නායක
67 28 ජෝන් අමරතුංග
67 28 අනුරාධ ජයරත්න
67 28 එස් බී නාවින්න
67 28 සුසන්ත පුංචිනිලමේ
67 28 ආර් සම්බන්දන්
67 28 අලි මව්ලානා
68 27 එෆ් කාසිම්
68 27 හර්ෂ ද සිල්වා
68 27 ඉන්දික අනුරුද්ධ
68 27 කනක හේරත්
68 27 ප්‍රසන්න රණතුංග
69 26 එස් එම් චන්ද්‍රසේන
69 26 අජිත් පී පෙරේරා
70 25 ජී සිරිනේෂන්
70 25 හර්ෂණ රාජකරුණා
70 25 චමින්ද විජේසිරි
70 25 ප්‍රසන්න රණවීර
70 35 මරික්කාර්
70 25 එස් ශ්‍රීදරන්
70 25 රනිල් වීක්‍රමසිංහ
71 24 දයාසිරි ජයසේකර
71 24 අජිත් මානප්පෙරුම
71 24 සුසිල් ප්‍රේමජයන්ත
71 24 විජිතා බේරුගල
73 22 නිමල් සිරිපාල
73 22 අශෝක ප්‍රියන්ත
73 22 ලක්ෂ්මන් සෙනවිරත්න
73 22 තාරක බාලසූරිය
74 21 අශෝක අබේසිංහ
74 21 නිරෝෂන් පෙරේරා
74 21 කේ තුරේසින්හම්
74 21 විජේපාල හෙට්ටිආරච්චි
74 21 සුමන්තිරන්
75 20 රංජිත් සොයිසා
75 20 අනුර දිසානායක
75 20 චාර්ලස් නිමන්තන්
75 20 සිසිර ජයකොඩි
76 19 ඉදුනිල් අමරසේන
76 19 මහින්ද අමරවීර
76 19 එඩ්වර්ඩ් ගුණසේකර
76 19 සුරේෂ් වඩිවේල්
77 18 ඉෂාක් රහුමාන්
77 18 ඒ සෙල්වම්
77 18 ගාමිණී ලොකුගේ
77 18 එම් නවාවි
77 18 බුද්ධික පතිරණ
78 17 වජිර අබේවර්දන
78 17 රංජිත් අලුවිහාරේ
78 17 ඩග්ලස් දේවානන්ද
78 17 වාසුදේව නානායක්කාර
78 17 ගාමිණී ජයවික්‍රම
78 17 ඩී එම් ස්වාමිනාදන්
78 17 එම් එස් තව්ෆීක්
79 16 සරත් ෆොන්සේකා
80 15 වසන්ත අලුවිහාරේ
80 15 හේෂාන් විතානගේ
80 15 ජනක වක්කුබුර
81 14 රාවුෆ් හකීම්
81 14 සිඩ්නි ජයරත්න
81 14 ප්‍රියංකර ජයරත්න
81 14 ලකී ජයවර්දන
81 14 කරුණාරත්න පරණවිතාන
81 14 දිලිප් විජේරත්න
82 13 අරවින්ද කුමාර්
82 13 නිහාල් ගලප්පත්ති
82 13 උදය ගම්මන්පිල
82 13 නලීන් බණ්ඩාර
82 13 නලීන් ජයතිස්ස
82 13 එම් තිලකරාජ්
82 13 එරාන් වික්‍රමරතන
83 12 තුසිතා විජේමාන්න
84 11 ෆයිසර් මුස්තාපර්
84 11 එම් ඉම්රාන්
85 10 චන්ද්‍රසිරි ගජදීර
85 10 ආනන්ද කුමාරසිරි
87 8 මහින්ද යාපා අබේවර්දන
87 8 සන්දීප් සමරසිංහ
88 7 බන්දුල ගුණසේකර
89 6 ජේ සි අලවතුවල
90 5 හෙක්ටර් අප්පුහාමි
90 5 අශු මාරසිංහ
90 5 ජේ විජේවික්‍රම
90 5 ලක්ෂ්මන් කිරිඇල්ල
91 4 මුජබර් රහුමාන්
92 3 ලසන්ත අලගියවන්න
92 3 දිනේෂ් ගුණවර්ධන
92 3 සුජිත් සංජය පෙරේරා
94 1 කරෑ ජයසූරිය
94 1 කේ කේ පියදාස
95 0 ගයන්ත කරුණාතිලක
රංජිත් විතානගේ
- සභාපති-
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 8