අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක් කරමින් ජනපති කළ ප්‍රකාශය ව්‍යවස්ථා විරෝධීයි..!

එක්සත් වාමාංශිකයින් බුලත් කොළයෙන් සටනට

ජනතා පරමාධිපත්‍යට පිටු පෑමක්-ඒකාධිපති ගමනක ආරම්භයක්..! ජනපතිගේ වල ජනපතිම කපා ගනීයි ..! (නිලන්ති චන්ද්‍රසේන) පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 ම අත්සන් කර තමාට යෝජනාවක් භාර දුන්නත් රනිල් වික්‍රමසිංහ…

ජනතා පරමාධිපත්‍යට පිටු පෑමක්-ඒකාධිපති ගමනක ආරම්භයක්..!

ජනපතිගේ වල ජනපතිම කපා ගනීයි ..!

පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක් කරමින් ජනපති කළ ප්‍රකාශය ව්‍යවස්ථා විරෝධීයි..!

(නිලන්ති චන්ද්‍රසේන)

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 ම අත්සන් කර තමාට යෝජනාවක් භාර දුන්නත් රනිල් වික්‍රමසිංහ මහතා යළි අග්‍රාමාත්‍ය ධූරයට පත් නොකරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරන ප්‍රකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, දේශපාලන සදාචාරයට සහ සම්ප්‍රධායට සම්පුර්ණයෙන්ම විරුද්ධ යැයි  ජ්‍යෙෂ්ඨ නීතීඥ  ලාල් විජේනායක මහතා අවධාරණය  කර සිටියි.

ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 ම අත්සන් කර තමාට යෝජනා කළත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් නොකරන බවට ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා සමුළුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් "lankanewsweek "වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක මහතා මෙසේ ද කිවේය.

"පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 ම අත්සන් කර යෝජනාවක් ඉදිරිපත් කළත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට යළි පත් නොකරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරන ප්‍රකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට,දේශපාලන සදාචාරයට සහ සම්ප්‍රධායට සම්පුර්ණයෙන්ම විරුද්ධයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ලෙස පත් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ බහුතරය හිමි සහ බහුතරයේ කැමැත්ත ඇති පුද්ගලයායි.

පාර්ලිමේන්තුවේ බහුතරය සහ බහුතරය හිමි පුද්ගලයා තෝරා පත් කෙරෙන්නේ මහ මැතිවරණයකදී ජනතාව ලබා දෙන ඡන්දයට අනුවයි.මේ අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 ම අත්සන් කර යෝජනාවක් ඉදිරිපත් කළත්  රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය  ධූරයට පත් නොකරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරන ප්‍රකාශය ජනතාවගේ පරමාධිපත්‍ය බලය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කිරීමක් බව කිව යුතුයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් නීත්‍යනුකුල සහ බහුතරය හිමි අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරයෙන් පහ කර ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතා පත් කරමින් පසුව පාර්ලිමේන්තුවද විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ක්‍රියා කිරීමෙන් රට සම්පූර්ණයෙන්ම  අරාජික සහ අස්ථාවර වීම හේතුවෙන්  රටේ ආර්ථිකයට සිදුවූ අති විශාල පාඩුව පියවා ගැනීමට වසර ගණනාවක් ගත වනු ඇති අතර ඒ සම්පූර්ණ බර පැටවෙන්නේ මේ රටේ පොදු ජනතාව මතයි.

මේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියා දාමය හේතුවෙන් රටේ කීර්ති නාමයට ජාත්‍යන්තර වශයෙන් සිදු වූ පාඩුව ගණන් බැලිය නොහැකි අතර මාලදිවයින හැරුණු කොට ලෝකයේ කිසිම රටක් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ මේ ආණ්ඩුව මේ වන තුරුත්  පිළි ගෙන  නැහැ.

පාර්ලිමේන්තුවේ බහුතරය පිළි  නොගෙන  ප්‍රතික්ෂේප කරමින් ස්ව අභිමතය පරිදි ජනාධිපතිවරයා ක්‍රියා කරන්නේ නම් එමගින් පැහැදිලින්ව න්නේ 2015 ජනවාරි 08 ජනතාව පරාජය කළ  ඒකාධිපති පාලනය යළි හිස ඔසවමින් සිටින බවයි.

මේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාකාරකම් ඔස්සේ තමාට එරෙහිව පාර්ලිමේන්තුවට දෝෂාභියෝග යෝජනාවක් ඉදිරි පත් කළ හැකි පසු බිම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමා විසින්ම සකස් කර ගනිමින්  සිටිනවා.

පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක් කරමින් ජනපති කළ ප්‍රකාශය ව්‍යවස්ථා විරෝධීයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක් කරමින් ජනපති කළ ප්‍රකාශය ව්‍යවස්ථා විරෝධීයි..! | Lanka Newsweek